පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදුකළ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ස්වාධීන සාක්ෂිකරුවන් 4 දෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
අද උදෑසන ඔවුන් පැය එක හමාරකට අධික කාලයක් අදාළ රහස් ප්‍රකාශය ලබාදී ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ සිවිල් පුරවැසියන් 4 දෙනෙකුගෙන් මෙම ජාවාරමට අදාළව ඔවුන් දන්නා තොරතුරු අනාවරණ කිරීමට අද පෙරවරුවේ සිය නිළ මැදිරියට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන් අද සිය නිල මැදරියට කැදවා අදාළ රහස් ප්‍රකාශ ලබා ගත්තේ.