Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
"ආදරය නැතුව බැහැනෙ. අඩු තරමින් කෑවද බිව්වද කියලවත් අහන්න තරමට ආදරයක් තියෙන්න ඕන ..." - උදයන්ති කුලතුංග

- "ආදරය නැතුව බැහැනෙ. අඩු තරමින් කෑවද බිව්වද කියලවත් අහන්න තරමට ආදරයක් තියෙන්න ඕන ..." - උදයන්ති කුලතුංගHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,248 Views
"මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් මේ දිනවල නැහැ. මෑතකදීත් එකක් තිබුණා. ඒක නැතුව ගියා..."

"වෙලාවකට මාත් පිරිමි කෙනෙක් වගේ කියලයි මට දැනෙන්නේ.."

කොරෝනා කාලයේ අම්මත් එක්ක ගෙදරටම වෙලා හිටියා. ගෙදර අම්මයි මමයි විතරමයි. ඒ නිසා මට හරි සතුටුයි. මොකද අම්මා එක්ක වැඩිපුර කාලයක් ඉන්න ලැබුණ එකට මම ආසයි. විවේකයෙන් ගෙදර සිටියදී ෆිල්ම්ස් කීපයක් බැලුවා. කොළරා සමයේ ආදරයක් ඉංග්‍රීසි චිත්‍රපටය වගේම තවත් චිත්‍රපට කීපයක් මගේ සිත් ගත් චිත්‍රපට වුණා. ඒවායේ රඟපාන නළු නිළියන්ගේ රංගනයන් ගැනත් අධ්‍යයනය කරන්න පුළුවන් වුණා. උයන පිහන ඒවා නම් කළේ අම්මා විතරයි. උයන පිහන වැඩවලට මම ටිකක් විතර කම්මැලියි.

උදයන්ති රඟපෑම විතරද කරන්නේ?
මූලිකවම රඟපෑම විතරයි. රඟපෑම හැර වෙනත් ව්‍යාපාර නැහැ. ව්‍යාපාර කරන්න ආසත් නැහැ. රඟපෑමට සහ කලාවට සම්බන්ධ වූ දේ වලට විතරයි කැමති. අවුරුදු දහයක් පහළොවක් තිස්සේ මම දන්නෙත් මේ කලාව විතරනෙ. අනාගතේ යමක් කළත්, මේ කලා අංශයට සම්බන්ධ දෙයක් විතරක් කරාවි.

කැලෑහඳේ ඩේසි ගැන කතා කරමු?
ඩේසි කියන්නේ ජෝන් ජයපාල විවාහ කරගත්ත කාන්තාව. කැලෑ හඳ කියන්නේ නව කතාවක්. ඒ වගේම එය චිත්‍රපටයක් ලෙස එකල අතිශය ජනප්‍රියත්වයට පත්වූවක්. ඉතින් ඒ වගේ ප්‍රේක්ෂකයින් දන්නා කියන නිර්මාණයක රඟපෑම ආවාට ගියාට කළ හැකි දෙයක් නෙවෙයි. ප්‍රේක්ෂකයින් දන්නා නිසා හරි පරිස්සමට කළ යුතු දෙයක්. රට ගෙදර මහත්තයා එය ටෙලි නිර්මාණයක් ලෙස ඉතා සංයමයකින් මෙහෙයවන බව කියන්න පුළුවනි.

උදයන්තිගෙ රසිකත්වය තියෙන්නේ කොතැනද?
අද මම ලබා තිබෙන අත්දැකීම් එක්ක ඇස විතරක් නෙවෙයි, මනසට යමක් ලැබෙන නිර්මාණයක් නරඹන්න ආසයි. එයින් මම අදහස් කරන්නේ ජනප්‍රිය රැල්ලේ ඒවා හොඳ නැහැ කියන එක නෙවෙයි. හැබැයි මම පාට පාට රූප රාමු පෙළක් විතරක් නරඹන්න කැමැති නැහැ.

අද චරිත රඟපාන්නෙත් තෝරා බේරාගෙනද?
පසුගිය වසරේ ටිකක් විතර ඒ විදියට නැඹුරු වෙලා හිටියෙ. හැබැයි දිගටම එහෙම කරන්න ගියොත්, ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නේ. මොකද ඒ විදියට තෝරා බේරාගෙන රඟපාන්න ගිය අයට අද ගෙදරටම වෙලා ඉන්න වෙලා. ඒ වගේම සමහර අය නාට්‍යවලට ගන්නෙත් නිතර දකින අයවයි. කොච්චර දක්ෂයින් සිටියත්, දැන් මුදල පසු පසම යන නිසා බජට් කර ගන්න ඕනෑ නිසාත්, අඩුවට රඟපාන ආටිස්ට්ලා ගන්න පුළුවනි. කොයි හැටි වෙතත් මම නම් ආසා, ප්‍රවීණයින් සහ දක්ෂයින් වැඩිපුර සිටින නිර්මාණවලට දායකවෙන්නයි. එයින් අපට ලැබෙන අත්දැකීම් බොහොමයි. හොඳට වියදම් දරලා අපූරු නිර්මාණ කරන දක්ෂයින් සිටිනවා. ඒත් අපේ රටේ නිර්මාණවලට සහ ආටිස්ට්ලාට ගෙවන ගාස්තු මීට වඩා වැඩි වෙනවා නම් හොඳයි. අතීතයේ තරමටවත් අද ගෙවන්නේ නැහැ. ලංකාවට කලාව ඕනෑ නැහැ කියලා වගකිවයුත්තන් හිතනවා ඇති. කලාකරුවන් දිහා හැරිලාවත් බලන්නේ නැත්තේ ඒ නිසා වෙන්න ඇති. කලාව එක්ක මිනිසුන්ගේ මනසත් දියුණුකරවන නිර්මාණවලට හොඳ තැනැක් ලබා දෙන්න ඕනෑ. හැබැයි දැන් කලාව වෙනුවෙන් බොහෝ සංගම් තියෙනවා. ඒක හොඳ දෙයක්. ඒක කොරෝනාවලින් පස්සේ වෙච්ච හොඳ දෙයක්.

උදයන්ති තවම තනිකඩයිනේ?
ඔව්නෙ.

හිතෙන්නේ නැද්ද විවාහයක් කරගන්න?
තනිකමට පාළුවකට කෙනෙක්. හොයා ගන්නවාට වඩා මට මේ දැන් ගෙවන ජීවිතය හොඳයි. තනිකමක් දැනෙන්නේ නැහැ. හරි නිදහස් හැබැයි වෙලාවකට ඉතින් විවාහයක් කර ගන්න හිතිලත් තියෙනවා. එක එක කාලයට මනසට එන සිතිවිලිනෙ. කාලයක් යද්දි ආයෙත් ඒ සිතිවිල්ල නැතුව යනවා. ප්‍රේමවන්තයකු හමුවුණාම ආදරය නොකර ඉඳලත් නැහැ. ආදරය නැතුව බැහැනෙ. අඩු තරමින් කෑවද බිව්වද කියලවත් අහන්න තරමට ආදරයක් තියෙන්න එපායැ. හැබැයි ඉතින් ගැළපෙන්නේ නැත්නම් ඒ දීගේ හරියන්නෙත් නැහැනෙ. තනිකඩ ජීවිතේ ගෙනියන්න පුළුවන් කමක් එක අතකට වටින දෙයක්. වෙලාවකට මාත් පිරිමි කෙනෙක් වගේ කියලයි මට දැනෙන්නේ. මොකද වගකීම් දරාගන්න පුළුවනි. අපේ රටේ හැටියට ආදරය කරන්න ගත්තාම හරියට හොයනවා බලනවා. ඒකෙ හැටි ඉතින් එහෙමයි. කොහොම වුණත් මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් මේ දිනවල නැහැ. මෑතකදීත් එකක් තිබුණා. ඒක නැතුව ගියා. ලංකාවේ ආදරයේ රටාවන් අද ටිකක් වෙනස්.

සඳුන් ගමගේ
ලංකාදීප - සදැල්ල




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top