Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
14
"අල්ලපු ගෙදර ගෑනු ළමයා. එයා නංගිලත් එක්ක සෙල්ලම් කරන්න අපේ ගෙදර ආවා. ඒ කාලේ ඉඳලම එයා ගැන පුංචි ආදරයක් මගේ හිතේ තිබුණා..." - සංගීත් වික්‍රමසිංහ

- "අල්ලපු ගෙදර ගෑනු ළමයා. එයා නංගිලත් එක්ක සෙල්ලම් කරන්න අපේ ගෙදර ආවා. ඒ කාලේ ඉඳලම එයා ගැන පුංචි ආදරයක් මගේ හිතේ තිබුණා..." - සංගීත් වික්‍රමසිංහHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,218 Views
"සාලේ ලයිට් නිවලා කට්ට කරුවලයි. මං ආවාම රේණු ඇවිත් දොර ඇරියා.."

" තවම නම් එහෙම දෙයක් වෙලා නෑ. දැන් අපි බැඳලත් මහ දිග කාලයක්..."

මම ලෝකෙට හුඟාක් දේවල් දීලා තියෙනවා. ඒ දීපු හැමදේම වගේ හොඳ දේවල්. ඒ නිසා ඒ දුන් දේවල්වලට හරියන්න මට සොබාදහම අවුරුදු පනස් හතක් පුරාවට සතුටින් ඉන්න ඉඩ සලසලා තියෙනවා. ඒ වෙනුවෙන් පළමුවෙන්ම මම සොබාදහමට ස්තුතිවන්ත වෙනවා. ඒ එක්කම මගේ අම්මා තාත්තාට හොඳ නරක කියා දීලා හොඳ පුරවැසියකු කළ ගුරුවරුන්ට මම මගේ උපන්දිනය දවසේදී ස්තුතිවන්ත වෙනවා.

පුංචි දවස්වල උපන්දින ගැන තියෙන මතක කොයි වගේ ද?
මම පවුලේ වැඩිමලා වගේම එකම පිරිමි ළමයා. මට පස්සේ ඉන්නේ නංගිලා තුන්දෙනෙක්. මේ නිසා මගේ අම්මයි තාත්තයි මගේ උපන්දිනේට තෑගි බෝග එහෙම දෙන්න අමතක කරන්නේ නැහැ. උදේම අම්මා කිරිබත් උයනවා. ඊට පස්සේ කේක් ගෙඩියක් කපලා මගේ උපන්දිනේට සුබ පතනවා. ඊළඟට තාත්තාගෙන් තෑගි බෝග. මේ නිසා උපන්දිනේ කියන්නේ මට බොහොම ප්‍රීතිමත් දවසක්. එදා හවසට ගම්පහ පහළගම පන්සලට ගිහින් මල් පූජා කරන එකත් පුංචි කාලේ පුරුද්දක්.

පුංචි කාලේ ලැබුණු තෑගි බෝගවලින් අමතක නොවන තෑග්ගක් එහෙම නැද්ද?
මගේ වයස අවුරුදු හයේදි විතර මට ඕපල් කාර් එකක් ලැබුණා. ඒ කාලේ ලංකාවේ තිබුණු ජනප්‍රියම කාර් වර්ගය තමයි ඕපල් කියන්නේ. ඉතින් ඒ ඕපල් කාර් එක අඟල් දහයක් විතර දිගට සෙල්ලම් බඩුවක් වගේ හදලා තිබුණේ ඒක තාත්තා මට ගෙනත් දුන්නා. මට පුංචි කාලේ ලැබුණු සෙල්ලම් බඩු අතරින් මං කැමැතිම තෑග්ග ඒක. ඒ කාර් එක අදටත් අපේ මහගෙදර තියෙනවා.

ඊට පස්සේ අවුරුද්දක මට තුවක්කුවකුත් හම්බවුණා. කිරල මූඩියක් දාලා වෙඩි තියනකොට ඩෝං ගාලා සද්දෙ එනවා. ඒත් මං තුවක්කුවලට එච්චර කැමැති වුණේ නැහැ.
ස්කොලේ යන කාලේ උපන්දින සැමරීම් වෙනස් නේද?
මම ගියේ ගම්පහ සිද්ධාර්ථ කුමාර විද්‍යාලයට. මගේ තාත්තා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තූර්ය වාදක කණ්ඩායමේ සේවය කළේ. ඉතින් තාත්තාට ඇරැයුම් ලැබෙනවා යම් යම් පාසල්වලින් තූර්ය වාදක කණ්ඩායම් පුරුදු කරලා දෙන්න කියලා.ඔය විදියට කොළඹ රෝයල් කොලීජියේ තූර්ය වාදක කණ්ඩායම පුහුණු කරන්න තාත්තාට සිදුවුණා.

‘මිස්ටර් වික්‍රමසිංහ ඔයා අපේ ස්කෝලෙට ලොකු සේවයක් කළේ. ඒ වෙනුවෙන් ස්කෝලේ පැත්තෙන් යමක් සිදුවෙන්න තියෙනවා ද’ කියලා ස්කොලේ ප්‍රින්සිපල් තාත්තාගෙන් අහලා.‘මගේ පුතෙක් ඉන්නවා. පුළුවන් නම් කොල්ලව රෝයල් එකට ගන්න’ කියලා තාත්තා කියලා.ඉතින් 1972 අවුරුද්දේ මම රෝයල් කොලීජියට ඇතුළත් වුණා.

හැබැයි මේ කාලේ මැතිනියගේ ආණ්ඩුව තිබුණේ. දේශීය ආර්ථිකයක් ගොඩනගමින් තිබුණේ. ඉතින් ඔය කාලේ හාල් පොලු මිරිස් පොලු එහෙමත් තිබුණා. මගේ අම්මයි අප්පච්චියි දෙන්නම රස්සාවල් කළත් අපේ පවුලේ අගහිඟකම් තිබුණා. ඒ නිසා පාසල් කාලේදි මට ප්‍රීතිමත් උපන්දින තිබුණේ නැහැ. උපන් දිනේට තෑගි බෝග හම්බවුණෙත් නැහැ. ඒ කාලේ තෑග්ගක් ලැබුණේ සිංහල අවුරුද්දට විතරයි. ඒත් කලිසම් රෙද්දක් කමිස රෙද්දක් තමා. ඒවා ලංකාවේ හදපු රෙදි. පොඩි භූමිතෙල් ගඳකුත් තිබුණා. හේදුවාම තමයි ඒ ගඳ ගියේ.

ඊළඟට මම අහන්නේ ගෑනු ළමයෙක්ගෙන් හා හා පුරා ලැබුණු උපන්දින තෑග්ග ගැන?
එයා රේණු. මගේ අල්ලපු ගෙදර ගෑනු ළමයා. පුංචි කාලේ ඉඳලා මගේ නංගිලත් එක්ක සෙල්ලම් කරන්න එයා මගේ ගෙදර ආවා. ඒ කාලේ ඉඳලම එයා ගැන පුංචි ආදරයක් මගේ හිතේ තිබුණා.

එක උපන්දිනයක් දවසක එයා මට එයාම මහපු ලේන්සුවක් තෑගි දුන්නා.

ලේන්සුවේ මහල තිබුණේ රෝස මල් ද?
නෑ, කුරුලු ජෝඩුවක්.

ලේන්සු දුන්නම තරහ වෙන්න වෙනවා කියලා කියනවා නේද?
තවම නම් එහෙම දෙයක් වෙලා නෑ. දැන් අපි බැඳලත් මහ දිග කාලයක්.

බැන්දට පස්සේ උපන්දින ගෙවුණු හැටි?
අම්මා කිරිබත් හදලා එවනවා. තාත්තා සුබ පතනවා. ගමේ යාළුවෝ ඇවිත් අහනවා උපන්දිනේ වෙනුවෙන් මුකුත් වෙන්නේ නැද්ද කියලා. ඉතින් රෑට යාළුවෝ ටික එකතු වෙනවා. යමක් කෙරෙන ගමන් මං සිංදුවක් දෙකක් කියනවා.

අමතක නොවන උපන්දින සුබ පැතුමක් එහෙම නැද්ද?
සිරි කහවල අයියා උදෙන්ම කතා කරලා සුබ පතනවා. එයා තව පත්තර කිහිපෙකත් උපන්දිනේ දාලා නම ගම පිංතූර එහෙම පළ කරනවා. ඔය අතරේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා කතා කරලා සුබ පතනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා සුබ පතලා ලියුමක් එවනවා.

මේ රාජ්‍ය නායකයෝ මේ විදිහට සුබ පතනකොට අපිටත් පොඩි ගැම්මක් එනවා, අපි වෘත්තීය කලාකාරයෝ විදිහට අපිට රාජ්‍ය නායකයන්ගෙන් පිළිගැනීමක් තියෙනවනේ කියලා.

සංගීත් වික්‍රමසිංහ කියන්නේ ප්‍රසංගවලට නිතර නිතර රට රාජ්ජවල යන කෙනෙක්. එහෙම ගිය දවසක උපන්දිනයක් ඇවිත් නැද්ද?
2007 අවුරුද්දේදි ට්‍රයිකො සමාගම සූදානම් කළ ප්‍රසංග මාලාවක් මැදපෙරදිග රටවල් හතරක තිබුණා බහරේන්, දෝහා, කටාර්, කුවේට් වගේ රටවල. එදා කට්ටිය එකතු වෙලා කේක් කපලා සව්දිය පුරලා මට සුබ පැතුම් එක් කළා.

උපන්දිනේ දාට අමුතු අමුතු සර්ප්‍රයිස් හම්බවෙනවා නේද?
ගිය අවුරුද්දට එපිට අවුරද්දේ උපන්දිනේ දවසෙ මට රේකොඩින් එකක් යෙදිලා තිබුණා. ඒක ඉවර වෙලා ගෙදර එනකොට රෑ වෙලා. සාලේ ලයිට් නිවලා කට්ට කරුවලයි. මං ආවාම රේණු ඇවිත් දොර ඇරියා. ‘මොකද මේ කළුවරේ ලයිට් නැද්ද’ කියලා අහගෙනම මම ගෙට ඇතුල් වුණා.

එතකොටම ලයිට් ආවා. සාලේ ලස්සනට සරසලා, පැත්තක ලොකු කේක් ගෙඩියක්. හැපි බර්ත්ඩේ ටූ යූ කියලා සනුක පුතා තාලෙට ගායනා කළා. ඉතින් මට සතුටු හිතුණා.

ඒ මගේ උපන්දිනේ නිසා නොවෙයි, මං පවුලේ වැදගත් චරිතයක් නේද කියලා හිතුණු නිසා.

ඊට පස්සේ සනුක පුතා මට ගෙනත් දුන්නේ ඕගන් එකක්. ඒක පරිගණකය සමඟ සම්බන්ධ කරන ටිකක් ගණන් එකක්. හැබැයි ඒක මගේ සංගීත කටයුතුවලදි බොහොම වටිනවා.

ඔයා ඉස්සර පුතාලගේ උපන්දිනවලට දුන්නු තෑගිවලට වඩා පුතාගෙන් ලැබෙන තෑගි ගණන් වැඩියි?
මම සනුක පුතාගේ උපන්දිනය දවසට ගම්පහ සියනෑ ළමා නිවාසෙට දානයක් දෙනවා. පොඩි පුතාගේ උපන්දිනය දවසට පහළගම පන්සලට අනුබද්ධ ළමා නිවාසෙට දානයක් දෙනවා. ඒ හැරුණාම පුතාලට දුන්නේ පුංචි පුංචි තෑගි තමා.

ඒත් පුතාලා මට දෙන්නේ මිල අධික තෑගි. හැබැයි ඒ හැම එකක්ම මට සංගීත කටයුතුවලට ප්‍රයෝජනවත් වෙන අලුත්ම විදිහේ උසස් නිර්මාණ. ඔහොම යනකොට පුතා මට කාර් එක් අරන් දෙන්නත් බැරි නෑ උපන්දින තෑග්ගකට.

ශාන්ත කුමාර විතාන
ලංකාදීප - සදැල්ල


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top