මෙසේ වෙඩි පහරකට ලක්ව අවසන් ගමන් ගොස් ඇත්තේ 24 හැවිරිදි ජෙසිකා ඩොටි වයිටකර් නම් තරුණියක්.
වයටකර් ඇගේ පෙම්වතා වන ජෝස් රමිරෙස් හා තවත් දෙදෙනෙකු සමඟ ඇවිදමින් සිට ඇති අතර එතැනින් එක් අයෙකු කී වචනයක් මේ ගැටුමට මුල් වී තිබෙනවා.
ගැටුම අතරතුර විටකර් විසින් "සියලු ජීවිත වැදගත්" යැයි ප්‍රතිචාර දක්වා ඇති අතර, මේ හේතුවෙන්ම ඇයට පෙම්වතා ඉදිරියේ වෙඩි තබා ඇති බවයි, ඩේලිමේල් පවසන්නේ.
වෙඩි තැබීම ආරම්භ කළ සැකකරුවෙක් එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව වාර්තා වනවා.
"ඒ දේ සිද්ධ වෙද්දි මම ඇයව අල්ලගෙනයි හිටියේ. ඇය එක්වරම ඇද වැටුණා.." පෙම්වතා එසේ පැවසුවා.
වයිටකර්ව රෝහලට ඇතුළත් කළ නමුත් ඇය ඒ වන විට මිය ගොස් සිටියා.
ඇය සෞඛ්‍ය හෙදියක් ලෙස රැකියාවේ නියැලුනු අතර අගෝස්තු මාසයේදී විවාහ වීමට සැලසුම් කරගෙන ද සිටියා.
ඇයට ග්‍රේසන් නම් තුන් හැවිරිදි පුංචි පුතෙකු ද සිටින බවයි, ඩේලිමේල් වාර්තා කර තිබුනේ.
පසු සටහන - බ්ලැක් ලයිව්ස් මැටර් (බීඑල්එම්) යනු අප්‍රිකානු-ඇමරිකානු ජනතාවට එරෙහි පොලිස් අමානුෂික සිදුවීම්වලට විරෝධය පාමින් එක්සත් ජනපදයේ අවිහිංසාවාදී සිවිල් අකීකරුකම වෙනුවෙන් පෙනී සිටින සංවිධානාත්මක ව්‍යාපාරයකි. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ පරිච්ඡේද 16 ක් පමණ සහිත විමධ්‍යගත ජාලයක් ලෙස බ්ලැක් ලයිව්ස් මැටර් නමින් හැඳින්වෙන සංවිධානයක් පවතින අතර, ඩ්‍රීම් ඩිෆෙන්ඩර්ස් සහ අසාටාගේ දියණියන් වැනි විවිධ සමාන මනසක් ඇති සංවිධාන වලින් සමන්විත විශාල බ්ලැක් ලයිව්ස් මැටර් ව්‍යාපාරයක් පවතී. පුළුල් ව්‍යාපාරය සහ ඒ ආශ්රිත සංවිධාන සාමාන්‍යයෙන් කළු ජාතිකයින්ට එරෙහි පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව මෙන්ම කළු විමුක්තිය හා සම්බන්ධ යැයි සැලකෙන වෙනත් ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා ද පෙනී සිටිති.