හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් එළැඹෙන මහ මැතිවරණයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දීමට තීරණය කර තිබෙනවා.
ඔහු පසුගියදා අමාත්‍යවරයාගේ ප්රධාන්තවයෙන් පැවති දෙමළ ව්‍යාපාරික හමුවකටද එක්වුණා.
මෙම හමුවට කොළඹ කොටුව කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර කටයුතුවල නිරතවන ව්‍යාපාරිකයින් බොහෝ පිරිසක් එක්ව සිටියා.