Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
මෙතෙක් වාර්තාවූ කන්දකාඩු කොරෝනා ආසාදිතයන් 506 දෙනාගේ තොරතුරු එළියට එයි - යුද හමුදාපතිවරයා හෙළිකරපු දේ මෙන්න

- මෙතෙක් වාර්තාවූ කන්දකාඩු කොරෝනා ආසාදිතයන් 506 දෙනාගේ තොරතුරු එළියට එයි - යුද හමුදාපතිවරයා හෙළිකරපු දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,138 Views
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සොයාගෙන ඇති ආසාදිතයින් 506 දෙනෙකුගෙන් 429 දෙනෙකුම එහි පුනරුත්ථාපනය ලබන රැඳවියන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.
 
කොවිඩ්- 19 වැලැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එමෙන්ම තවත් 47 දෙනෙකු එහි කාර්ය මණ්ඩලය ලෙස සේවය කළ අයවලුන් වනවා.

මේ අතර 30 දෙනෙකු මෙම ආසාදිතයන්ට සම්බන්ධිත පුද්ගලයන් බවයි සඳහන් වන්නේ.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ අනුරාධපුර - රාජාංගණය යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණ සීමා පනවා තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ කන්දකාඩු පොකුරට සම්බන්ධ ආසාදිතයින් හඳුනා ගැනීම හා ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීම ද මේ වන විට සිදුවන බවයි.

මේ අතර, අද දිනයේ මේ දක්වා කොරෝනා රෝගීන් 14 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2631 දක්වා ඉහළ ගියා.

අද හමුවූ සියළුම ආසාදිතයින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මෑතකදී කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ වසා දැමීම සිදු නොකළහොත් කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම වලක්වා ගත නොහැකි වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා සිටියා.

මේ වන විට රාජාංගනයෙන් කොරෝනා අසාදනය වු පුද්ගලයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව, අනුරාධපුරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර කියා සිටියා.

මේ අතර, පොළොන්නරුව - හිඟුරක්ගොඩ, බැදිවැව සහ ලංකාපුර යන ප්‍රදේශවල පවුල් 10ක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා.

එමෙන්ම මහනුවර - කුණ්ඩසාලේ ප්‍රදේශයේ පුද්ගලයින් 100 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ අසාදිතයෙකු ඇසුරු කළ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ 55 දෙනෙකු අද ස්වයං නිරෝධායනයට ලක්කලා.

එමෙන්ම, තිි‍්‍රකුණාමලය - අග්බෝපුර ප්‍රදේශයේම ආයතන කිහිපයක් විෂබීජහරණයට ලක් කිරීමෙන් අනතුරුව තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරුනා.

එමෙන්ම, කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් බැලීම සඳහා ගිය ගම්පහ - මිනුවන්ගොඩ පවුල් 06කට අයත් පුද්ගලයින් 10 දෙනෙකුද අද ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගත්තා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය සදහන් කලේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගය ආසාදනය වූ පුද්ගලයන්ගේ ආශ්‍රීතයින් දහසකට අධික ප්‍රමාණයක් මේ වන විටත් හදුනා ගෙන ඇති බවයි.

එමෙන්ම, මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය අද පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙරෝනා පාලනය කිරීමට නෛතික බලය ලබා දෙන ගැසට් නිවේදනය වහාම නිකුත් කරන ලෙසයි.

එය ප්‍රමාද කිරීමෙන් ඇති විය හැකි කණගාටුදායක තත්ත්වයේ සම්පුර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් භාරගත යුතු බවද ඔවුන් එමගින් දක්වා තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top