පවත්නා තත්වය හමුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වීමට එම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම කාල සීමාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් කිසියම් තොරතුරක් දැනගැනීමට හෝ, කිසියම් සේවාවක් ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 ඔස්සේ පහසුකම් සපයා තිබෙනවා.
Covid 19 තත්ත්වය හේතුවෙන් පොදු ස්ථාන තුළ ඒකරාශිවීමෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට සිදුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලටගෙන මෙම තීරණය ගෙන ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර ඊයේ දිනයේදී අද සිට ලබන 17 වනදා දක්වා දිවයිනේ පිහිටා ඇති සියලු පාසල්වලට නිවාඩු ලබාදීමටයි අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළේ.