යාපනය, උරුම්පිරායි මංසන්ධිය ප්‍රදේශයේදී ඊයේ(12) සවස සිදුවු රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව යාපනය, කෝපායි පොලීසිය පවසනවා.
පොලීසිය පවසන්නේ යතුරුපැදියක් හා කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් කුරුම්බසිට්ටි, වාසවිලාන් ප්‍රදේශයේ පදිංචි අනෝජන් ගජේන්දිනි නමැති 27 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇයගේ ස්වාමිපුරුෂයාද බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කෝපායි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.