Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
"උඹේ කට වැඩියි, කියලා කුණු හරපයක් කියලා තාත්තාට ගහලා, තුවක්කුව අරන් ඔළුව කුඩුවෙන්න තියනවා කියලා කීවා.." -අඟුලාන රත්කරමින් පොලිසිය සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියේ සුළමුළ ගැන ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ පුතා කියු කතාව මෙන්න - Video

- "උඹේ කට වැඩියි, කියලා කුණු හරපයක් කියලා තාත්තාට ගහලා, තුවක්කුව අරන් ඔළුව කුඩුවෙන්න තියනවා කියලා කීවා.." -අඟුලාන රත්කරමින් පොලිසිය සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියේ සුළමුළ ගැන ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයාගේ පුතා කියු කතාව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,794 Views
සාක්කුවල තිබුණු දුරකථනය සහ සල්ලි පොලිස් නිලධාරීන්ට දුන්නා...
 
ඊට පස්සේ ඔවුන් බාප්පාට සහ මටත් වෙඩි තිබ්බා..
 
අඟුලාන ලුනාව පාලම අසලදී ධීවර රැකියාව සඳහා යමින් සිටි ධීවරයකු පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඉකුත් 10 වැනි දින රාත්‍රියේ අඟුලාන පොලිසිය ඉදිරිපිට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය. 
 
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොරටුව ලුනාව - හත්වැනි පටුමඟ පදිංචිව සිටි කස්තුරිආරච්චිලාගේ අමිත් කරුණාරත්න නැමැති (39) හත්දරු පියෙකි.
 

මියගිය ධීවරයා තවත් ධීවරයන් සිවු දෙනකු සමඟ ත්‍රිරෝද රථ දෙකකින් බොරැලැස්ගමුව වැවෙහි මාළු ඇල්ලීම සඳහා යමින් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි. 
 
ලුනාව පාලමට දමා තිබූ මාර්ග බාධකය පසු කර යෑමට පැමිණි ත්‍රිරෝද රථ දෙක නවතා පරීක්ෂා කිරීමේදී ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව මෙම වෙඩි තැබීම සිදුකර තිබූ බව පොලිසිය කියයි.
 
පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු එම අවස්ථාවේ එහි සිට ඇති අතර එම නිලධාරීන් ත්‍රිරෝද රථ දෙකෙහි ගමන් ගත් පුද්ගලයන් හෙරොයින් මත්කුඩු හා ගංජා ළඟ තිබෙනවා දැයි අසා තවදුරටත් ප්‍රශ්න කිරීමේදී ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම සිද්ධිය වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
 
පොලිස් නිලධාරීන් මියගිය පුද්ගලයාගේ කලිසම් සාක්කුවට අත දමා පරීක්ෂා කිරීමත් සමඟ ඔහු එයට විරෝධය පළකර ඇති අතර එම අවස්ථාවේදී අනෙකුත් පොලිස් නිලධාරීන් අනෙක් පුද්ගලයන් අතර එම ස්ථානයේදී කලබලකාරී තත්ත්වයක් ඇති වීමත් සමඟ දැනට මිය ගොස් සිටින ධීවරයා රැගෙන එම ස්ථානයේ සිටි පුද්ගලයකු පිටවීමට සූදානම් වීමේදී එහි සිටි පොලිස් සැරයන්වරයා මෙම වෙඩි තැබීම සිදුකර තිබූ බව පොලිසිය කියයි.
 
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලද එම ධීවරයා කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යද්දී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
 
මෙම සිද්ධියත් සමඟ ප්‍රකෝප වූ අඟුලාන ප්‍රදේශවාසීන් එදින රාත්‍රියේ සිටම අඟුලාන පොලිසිය ඉදිරිපිටට පැමිණ ප්‍රකෝපකාරී ලෙස හැසිරීමත් සමඟ අවට පොලිසිවලින් අමතර පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අඟුලාන සිට ලුනාව දක්වා මාර්ග දෙපස ආරක්ෂාවට යොදවා තිබෙනු දක්නට ලැබිණි.
 
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පෙරේදා (11දා) අඟුලාන ප්‍රදේශයට පැමිණ මියගිය පුද්ගලයාගේ ඥාතීන් හමු වී අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සහයෝගය දක්වන ලෙසත් පොලිස් නිලධාරීන් යම් වරදක් කර තිබෙනවා නම් ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම පොලිස් නිලධාරීන් අවශ්‍ය ප්‍රමාණයට වැඩිය නීතිය අතට ගෙන කටයුතු කර තිබෙනවා නම් විනයානුකූලව කටයුතු කර නීතිය ක්‍රියාත්මක කරන බව ජේ‍යෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරයා ඔවුන් හමුවේ වැඩිදුරටත් පැවැසීය. 
 
මේ අවස්ථාවේ මියගිය අයගේ පුතකු සිද්ධිය විස්තර කරමින් මෙසේ කීවේය.
 
“අපි ගිය වාහන දෙක මේ පොලිස් නිලධාරීන් නතර කළා. එක වාහනයක ආදායම් බලපත්‍රය තිබුණේ නෑ. කල් ඉකුත් වී තිබුණේ. ඒ වරදට දඩ කොළයක් ලියන්න එක්කරගෙන ගියා.
 
පිටුපසින් ආව අනෙක් නිලධාරියා තාත්තාගේ සාක්කුවට අත දැම්මා. එතකොට තාත්තා කිව්වා සාක්කුවට අතදාන්න එපා මම සාක්කු පෙන්වන්නම් කියලා. පස්සේ සාක්කුවල තිබුණු දුරකථනය සහ සල්ලි පොලිස් නිලධාරීන්ට දුන්නා. එතකොට ඒ නිලධාරියා “උඹේ කට වැඩියි, කියලා කුණු හරපයක් කියලා තාත්තාට ගැහුවා. ගහනකොට තාත්තා කිව්වා සර් කතා කරන්න දැනගන්න, අපි වැරැද්දක් කළේ නෑ කියලා. ඊට පස්සේ එක් පොලිස් නිලධාරියෙක් වටෙන් ඇවිත් තාත්තාගේ ඔළුවට තුවක්කුව තියලා “ඔළුව කුඩුවෙන්න තියනවා” කියලා කීවා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් මටත් ගැහුවා. පස්සේ මම තාත්තාට කිව්වා මෙයාලා එක්ක වාද කරලා වැඩක් නෑ කියලා. ඊට පස්සේ මම තාත්තාව එක්කරගෙන යද්දී තමයි පොලිසිය පිටිපස්සෙන් ඇවිත් වෙඩි තිබ්බේ. ඊට පස්සේ තාත්තා වැටුණා. ඊට පස්සේ ඔවුන් බාප්පාට සහ මටත් වෙඩි තිබ්බා. මම වෙඩි තියන්න එපා කියලා දුවද්දී මටත් එක් නිලධාරියෙක් වෙඩි තිබ්බා. මගේ කකුල් දෙක ළඟ වෙඩිල්ල පත්තු වුණේ.”
 
මෙම සිද්ධිය වූ ඉකුත් 10 වැනි දින රාත්‍රි 11.45ට හදිසි මාර්ග බාධක පරීක්ෂාවේදී පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථ දෙක නවතා පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයන් පොලිස් නිලධාරීන් හට ගල්වලින් පහර දීමක් සිදුකිරීමට උත්සාහ දරා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
 
කෙසේ වෙතත් එම පුද්ගලයාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති නියමයෙන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් සිදු කරන ලද අභ්‍යන්තර විමර්ශනයකදී හෙළිදරව් වූ කරුණුවලට අදාළව මීට සම්බන්ධ පොලිස් සැරයන්, පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියැදුරු යන තිදෙනාගේ රාජකාරි ඊයේ (12දා) දින සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.
 
තවද මෙලෙස වැඩ තහනම් කරන ලද පොලිස් නිලධාරීන් තිදෙනා මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී අද (13දා) පැවැත්වෙන මරණ පරීක්ෂණයේදී සාක්කි ලබාදීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. 
 
මෙම මරණය සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේදී පෙරේදා (11දා) සිදුකර ඇති අතර වෙඩි වැදීමකින් මරණය සිදු වී ඇති බවට එහිදී අනාවරණය වී තිබේ.
 
මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top