Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
13
"ඒක හරියට කාසියක දෙපැත්ත වගේ, උමතුවෙන් සුදු වෙන්න උත්සාහ ගන්න අය දැනුවත්වද කියන එක දන්නෑ..." - යුරේනි නොෂිකා

- "ඒක හරියට කාසියක දෙපැත්ත වගේ, උමතුවෙන් සුදු වෙන්න උත්සාහ ගන්න අය දැනුවත්වද කියන එක දන්නෑ..." - යුරේනි නොෂිකාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33,544 Views
අනිවාර්යයෙන්ම ඔව්. අද වෙන විට ලෝකයේ හැම කාන්තාවක්ම වගේ තමන්ගේ බාහිර පෙනුම ලස්සනට තියාගන්න නිරතුරුවම උත්සාහ ගන්නේ එමගින් ඇයට පවුල තුළ, තමා ඇසුරු කරන සමාජය තුළ මෙන්ම, නියැලෙන රැකියාව අනුව වටිනාකමක් එක්වන නිසා. වරක් මුහුණු පොතේ post එකක තිබ්බා අද ලෝකයේ අවලස්සන කාන්තාවන් නෑ දුප්පත් කාන්තාවන් ඉන්නේ කියලා. කියන්නේ සල්ලි තියෙනවා නම් අද ඇහි පිහාටුවේ ඉඳලා ලස්සන වෙන්න ක්‍රම තියෙනවා.

ලස්සන නිසා කාන්තාවකට තැනක් ලැබෙනවාද?
ඔව් රැකියාවකට තෝරා ගැනීමේදී පවා ලස්සන, ප්‍රියමනාප කෙනෙකුට වැඩි ඉඩක් නිරායාසයෙන්ම ලැබෙනවා නේද?

ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සුන්දරත්වය නිසාද?
නැහැ. යුරේනි නොෂිකා කියන කෙනා අද මෙතන ඉන්නේ ඇය සතු රූප ස්වභාවය වගේම, නොපසුබට වීර්යය, උත්සාහය, අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය, සහ දක්ෂතාවය කියන මේ සෑම එකකම එකතුවකින්.

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?
ලෝකයේ ලස්සන කාන්තාවෝ ඕනෑ තරම් දැක තියෙනවා. බාහිර පෙනුමෙන් ඉටිරූප, බෝනික්කෝ වගේ ඉන්න ගැහැණුන්ට වඩා ශක්තිවන්තම, තම උත්සාහයෙන් ලෝකය ජය ගන්න උත්සාහකරන ලෝකය ජයගත් කාන්තාවන්ට හමේ පාට කුමක් වුණත් මුහුණේ හැඩය කුමක් වුණත් මට ගොඩක් ලස්සනට පේනවා.

වර්තමානය වනවිට ‘සුදු’ ලස්සනය කියන තැනට පත්වෙලා නේද?
ඔව්. ඇත්තටම එය රූපලාවන්‍ය නිෂ්පාදනවල අලෙවියේ අතුරු ඵලයක්. කෙටි කාලීනව හම සුදු කරගන්න දිගු කාලීනව ආරක්ෂා කර ගත යුතු සෞඛ්‍ය පවා කැප කරන්නේ ඇත්තටම උමතුවෙන් සුදු වෙන්න උත්සාහ ගන්න අය දැනුවත්වද කියන එක දන්නෑ. නමුත් එය ආසියානු රටවල කාන්තාවන් පත්ව ඇති අසරණ තත්ත්වයක් ලෙසටයි මම දකින්නේ.
අවුරුදු 18-20 තරුණ යුවතියන් හම සුදු කරගන්න උත්සාහ ගන්න ඉන්ජෙක්ෂන් නිසා හරිම ටික කාලයකින්, වයසට ගිය අය වගේ වැතිරෙන ස්වභාවයකට පත්වෙලා. ඇත්තටම එය හරිම අවාසනාවන්ත තත්ත්වයක්.

ඔබ ඔබේ සුන්දරත්වය ආරක්ෂා කර ගන්න ආලේපන ගල්වනවාද?
ගල්වනවා. හැබැයි නිතරම නෙමෙයි. බාහිරව ලස්සන වෙනවාට වඩා මූලික වශයෙන්ම මම මුල්තැන දෙන්නේ අභ්‍යන්තරව ශරීරය ඇතුළතින් නිරෝගිව තියා ගන්න.

අපිත් කැමැතියි ඒ දේවල් ගැන දැන ගන්න.
කෑම පාලනය, ව්‍යායාම සහ වතුර ගොඩක් බොන එක තමයි මගේ නිරෝගිකම මෙන්ම සුන්දරත්වය ආරක්ෂා කරන එකම රහස. මම දවසකට වතුර ගොඩක් බොන කෙනෙක්. වතුර වීදුරුවකට පිපිඤ්ඤා පෙති කිහිපයක් කපලා දාලා එයට මිංචි කොළ ටිකකුත් දාලා, අයිස් කැට ටිකක් දාලා. ඒ ටික දාලා හදා ගන්න වතුර එක දවස පුරාම ටික ටික බොනවා. ඒක ශරීරයේ තෙතමනය ආරක්ෂා කර ගන්න සම නිරෝගීව තියා ගන්න හරිම ප්‍රතිඵලදායක ස්වභාවික පානයක්.

එම සත්කාරය මම වසර ගණනාවක සිට කරනවා. ඊට අමතරව මම එළවළු වර්ග, පලා වර්ග බොහෝමයක් ශරීරයට එක්කර ගන්නවා. විශේෂයෙන්ම අමුවෙන් පිළියෙළ කර ගන්න එළවළු සලාද කරගන්න මම හරිම ආසයි.

පළතුරු නම් කන්නේ හරිම අඩුවෙන්. රතු බත්, ධාන්‍ය වර්ග දිනපතා ආහාරයට එක්කර ගන්නවා. මම රෑට කෑම කන්නේ නෑ. ඇඟේ හැඩය ලස්සනට තියා ගන්නත්, නිරෝගිකම ආරක්ෂා කර ගන්නත් ව්‍යායාම කරන එකනම් අනිවාර්යයෙන්ම කරනවා. වෙලාව තිබුණොත් සතියේ දින පහම ජිම් යනවා.

ඊට අමතරව?
විවේකයක් තියෙන වෙලාවට මීකිරියි, මී පැණියි, කලවම් කරලා ඒකට මීපැණි ස්වල්පයක් සහ දෙහි බිංදු කිහිපයක් දාලා හදාගත්ත පැක් එක මුහුණේ ආලේප කරනවා. අව්වට හම පිච්චෙන අවස්ථාවලදි තක්කාලි ගෙඩියක් පොඩි කරලා හමේ ආලේප කරනවා.

ගොඩක් වෙහෙසකර දවසකදි රාත්‍රි නින්දට පෙර අයිස් කැටයක් මුහණේ ආලේප කරනවා. අයිස් සත්කාරයෙන් මුහුණේ විඩාබර ගතිය නැතිවී ගොස් නැවුම් බවක් ලැබෙනවා.

ඊට අමතරව මම නිතරම මුහුණට Rose Water Spray එකක් පාවිච්චි කරනවා. මගේ හැන්ඩ් බෑග් එකෙත් ඒක නිතරම තියා ගන්නවා. කොණ්ඩේ ලස්සනට තියා ගන්න තැඹිලි තෙල්, ඔලිව්, ආමන්ඩ් ඔයිල්, පොල්තෙල් එකට එකතු කරලා, ඒකට විටමින් ඊ කරලක් දාලා රත්කරලා කොණ්ඩේ ගාලා ටිකවේලාවක් ඉඳලා හෝදලා දානවා. මේ දවස්වල කොණ්ඩෙට දාන්නේ ගොටුකොළ තෙල්. මාස 6 කට වරක් පාවිච්චි කරන ෂැම්පු එක මාරු කරනවා. ඒ වගේම මාස හයකට වරක් කොණ්ඩේ අගිස් කපනවා.
උත්සව අවස්ථාවලට සහභාගි වීමේදී කොණ්ඩේ දීප්තිමත් බව රඳවා ගන්න නම් මම කරන්නේ බියර් එකක් කොන්ඩෙට දාලා විනාඩි පහක් දහයක් ඉඳලා සෝදලා හරින එක. මෙම සත්කාරයෙන් කොණ්ඩේ දීප්තිමත් බව වැඩිවෙලාවක් පවතිනවා.

විලාසිතා කිරීමේදී සැලකිළිමත්ද?
ඔව්. මට ගැලපෙන Fashion test එකකට මම ඇඳුම් තෝරා ගන්නවා.

ලස්සන වෙන්න සල්ලි ඕනේද?
නැහැ. පිරිසුදුව ඉන්න පුළුවන් නම්, හදවතේ සිතුවිලිවලින් ලස්සන වෙන්න පුළුවන් නම්, තමන් ගැන ධනාත්මකව හිතන්න පුරුදු වෙනවා නම් තමන් තමන්ට ආදරේ නම් ඇත්තටම අපි නොදැනුවත්වම ලස්සන වෙනවා. ඊට අමතරව නිරෝගිකම ආරක්ෂා කර ගන්න උත්සාහ කරනවා නම් ලස්සන වෙනවා කියන එක ගැටලුවක් නෑ. නිරෝගිකමයි ලස්සනයි කියන්නේ කාසියක දෙපැත්තක් වගේ.

අවසාන ප්‍රශ්නය ඔබ හිතනවාද මේ ලෝකයේ හැම කාන්තාවක්ම ලස්සනට ඉන්න ඕනේ කියලා.
අනිවාර්යයෙන්ම ඔව්. ලස්සන කියන්නේ කාන්තාවකගේ ආත්ම විශ්වාසය වැඩි කරන ප්‍රධානම දෙයක්.

මම ලස්සනයි
මම නිරෝගියි
මම දක්ෂයි

මම මේ ලෝකයට ආවේ කුමන හෝ යහපත් අයුරකින් දෙයක් කරන්න කියලා නිතර හිතුවොත් අපි තුළ නැගෙන ආත්ම ශක්තියෙන් ආත්ම විශ්වාසයෙන් හමේ වර්ණයට මුහුණේ හැඩයට පවා අභියෝග කළ හැකියි.

අසුන්තා එදිරිසූරිය
ලංකාදීප - සදැල්ල





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top