බොලිවුඩ් සිනමාවේ කිරුළු දරණ 77 හැවිරිදි අබිතාබ් බච්චන් සහ ඔහුගේ 44 හැවිරිදි පුත් අභිෂේක් බච්චන් කොරෝනා වෛරස් ආසාදිතයන් බවට හඳුනාගැනීමත් සමග ඉන්දියාවම කම්පා වී තිබෙනවා.
පසුව හෙළිවුණේ ඉන්දීය නළු අමිතා භච්චන්ගේ ලේලිය වන සුපිරි නිළි අයිශ්වර්යා රායි භච්චන්ට සහ ඇගේ දියණිය වන ආරාධ්‍යා භච්චන්ට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි.
අමිතාබ් බච්චන් සහ අභිෂේක් ඇතුලත් කර ඇත්තේ මුම්බායි නුවර නනවති රෝහලටයි.
මුම්බායි ඇතුළත් මහාරාෂ්ඨ ප්‍රාන්තය ඉන්දියාවේ කොරෝනා වෛරස් කේන්ද්‍රය ලෙස සැළකෙනවා.
මේ වනවිට ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 856,062 ක් වී ඇති අතර, මරණ සංඛ්‍යාව 22,700 කට අධිකයි.
කෙසේ වෙතත් මේ වන විට බච්චන් පවුලට සුවය පතා ඉන්දියානුවන් පුද පූජා පවත්වන අයුරුද දක්නට ලැබෙනවා.