වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබු මන්දකට පැන්තරා පාදුස් වර්ගයේ කඳුකර දිවියෙකු හසු වී තිබුණා.
ගිනිගත්හේන - කනිල්වර්ක් වත්ත පළමු කොටසේ වතු නිවාස පේළියට පිටුපස ලඳු කැලෑවකදීයි මෙම දිවියා අද (12) අලුයම මද්දට හසුවී ඇත්තේ.
තේ වත්තේ සැරිසරන වන සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ මන්දකට දිවියා හසු වි ඇති අතර, එම සත්වයා නිර්වින්දනය කර බේරා ගැනීමට අවශ්‍ය පියවර ගෙන මද්දට හසුව සිටි දිවියා මුදාගැනීමට නල්ලතන්නිය වනජීවී නිලධාරීන් සමත්වී තිබෙනවා.
මෙලෙස මුදා ගැනුනේ අද (12) අලුයම ගිනිගත්හේන, කෙනිල් වත්තේදී වන සතුන් දඩයම් කිරීමට යොදාගන්නා මද්දකට හසුව සිටි දිවියෙක්.
අවුරුදු 06 ක් පමණ වයසැති හොදින් වැඩුණු ගැහැණු සතෙකු වන මෙම දිවියා වැඩිදුර ප්‍රතිකාර සදහා නල්ලතන්නිය වනජිවී කාර්යාලයට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මද්ද ඇටවූ බවට සැකපිට වතු කම්කරුවෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
එමෙන්ම තේ වතු ආශ්‍රිතව අටවා ඇති මදු ගලවා ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විටත් වතුකරය පුරා ආරම්භ කර ඇති බව ද ඔවුන් කියාසිටියා.