Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
“උන් දවසක් තිස්සේ මාරුවෙන් මාරුවට මාව දූෂණය කළා.. මම එපා කියලා අත් දෙක එකතු කරලා උන්ට වැන්ඳා.” - හිත්පිත් නැති නරුමයින් හතර දෙනෙකු අතින්, අමානුෂිකව දූෂණය වී මහමඟට වැටුණු සුරූපී තරුණිය, ඇස් පනා පිටම සිදුවූ දේ එකින් එක හෙළි කළ හැටි [Exclusive]

- “උන් දවසක් තිස්සේ මාරුවෙන් මාරුවට මාව දූෂණය කළා.. මම එපා කියලා අත් දෙක එකතු කරලා උන්ට වැන්ඳා.” - හිත්පිත් නැති නරුමයින් හතර දෙනෙකු අතින්, අමානුෂිකව දූෂණය වී මහමඟට වැටුණු සුරූපී තරුණිය, ඇස් පනා පිටම සිදුවූ දේ එකින් එක හෙළි කළ හැටි [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,804 Views
“මම ඒ බල්ලව මරලා දානවා සර්..! නැතුව හුරතල් කරන්නද? මගේ ජීවිතේ කාලකණ්ණි කරපු වල් සතා..!!”
 
“වසවර්තියාට තිබුණා අඩුම ගානේ මගේ අයිඩින්ටියවත් අරන් බලන්න...”
 
“අම්මා මං වෙනුවෙන් අවුරුදු දෙක තුනක්ම උසාවි ගානේ රස්තියාදු උනා,”
 
“මම තාමත් ඔය පුරුද්දට අත දානවා පාරට... ඒත් ඉතින් කවුද දන්නේ මම ගණිකාවක් කියන්න... ඉන්නකෝ.. මම එයාලට කියනවා.. මම සංජූ... මම කැමතියි එන්න ඕනේ නම් කියලා.. ඔය කොරෝනා කාලේ නම් බිස්නස් තිබුණෙම නෑ.. දැන් තමයි පොඩි හරි චාන්ස් එකක් හම්බුනේ.. මම වැඩියෙන්ම ඉන්නේ විජේරාම පාරේ... ලොකු ලොකු ගණන් උස්සන ගෑනියෙක් නෙවෙයි.. එහෙම ඉතින් ගණන් උස්සලා අන්තිමට බිස්නස් එකත් නැති වෙන එකයි වෙන්නේ...” ඇය කතාව කියවගෙන ගියා. හරියට නොතේරෙන තැනුත් නොතිබුණා නොවේ. නමුත් ඇගේ කතාව මම මගේ ප්‍රියතම කතාවක් බවට පත් කරගන්නවා.
 
“විදී ගණිකාවකගේ අඳෝනාවක්...? ඒ කතාව එහෙම ලස්සනයි...”

“මම අඳෝනා දෙනවා නෙවෙයි... සර් දන්නවද? මම මහා පව්කාර ජීවිතයක් ගත කරපු ගෑනියෙක්... ඉස්සරම පුංචි කාලේ අවුරුදු 16 දී රංග අයියා එක්ක රූම් ගානේ යද්දි මට ඒක තේරුණේ නෑ. අපිට රූම් එකට යන්න කී එක දීපූ අර රිසෙප්ෂනීස් එකේ හිටපු වසවර්තියාට තිබුණා අඩුම ගානේ මගේ අයිඩින්ටියවත් අරන් බලන්න... ඒත්... ඌ හැමදාම රංග අයියා දෙන දාහේ කොළේ උගේ සාක්කුවේ ඔබා ගන්නවා විතරයි.. රංග අයියා මගේ ලේ මාංශ උරා බිව්වා... මම මගේ හැමදේම ඌට දුන්නා.. හරියට සංසාරගත ආදරයක් වගේ ඒක..”
 
“සංසාරගත ආදරේ කියන එකේ තේරුම පතිවත දන් දෙන එක..?” මම උරුවන් බෑවා. සංජු හිනාවුණා.
 
“ලබ්බ !! එහෙම තමා මාත් කාලයක් හිතුවේ... රංග අයියා කුඩු-වලට ඇබ්බැහි වෙච්ච එකෙක්. කාලයක් පුනරුත්ථාපනය වෙලාත් ඉඳලා තියනවා. ඒත් ඉතින් පස්සේ මිනිහා හැදුනා කියලා රිලීස් උනාට එහෙම වුනේ නැහැ. මිනිහා කුඩු බීලා විකාර නටන්න ගත්තා. මම මගේ ආත්මයම දීලා ඌට ආදරේ කළාට ඌ මගේ ආත්මයම විනාශ කෙරුවා. මට අද වගේ මතකයි ඒ කාලකණ්ණි දවස... ඌ උගේ යාළුවන්ට මාව රහ බලන්න දුන්නා. උන් දවසක් තිස්සේ මාරුවෙන් මාරුවට මාව දූෂණය කළා.. මම එපා කියලා අත් දෙක එකතු කරලා උන්ට වැන්ඳා. ඒත් උන් නැවතුනේ නෑ..”
 
“ඒක අහම්බයක් වෙන්න බෑ.. ඒ කියන්නේ ඔයාගේ අර සුපෙම්වත් පෙම්වතාගේ සැලසුමක් මේක..?” මම ඒ අරුම පුදුම කතාවේ අතරමඟක නැවතුණා. සංජු හුස්ම ගත්තේ අමාරුවෙන්. එයාගේ ලොකු හිම කබාය එයා තවත් තදින් ගුලි කරගත්තා අත් දෙකෙන්ම!
 
“නැත්තම්.... ඌ තමයි මට සිහි නැතිවෙනකන් පොවලා යාළුවෝ එක්ක මාව බෙදාගෙන තියෙන්නේ.. මට සිහිය එද්දි මාව හොඳට පොරවලා තිබුනා මතකයි. අවසිහියෙන්ම මම ගෙදර දුවන් ගියා. මට හිටියේ අම්මයි මල්ලියි විතරයි. තාත්තා නැතිවුනේ මං චූටිම කාලේ.. එයා ගැන මට මතකයක් නෑ. අම්මා මං වෙනුවෙන් අවුරුදු දෙක තුනක්ම උසාවි ගානේ රස්තියාදු උනා, ඒ කාලකණ්ණියන්ට දඬුවම් කරන්න...” එයාගේ හුස්ම නවතින්න ගන්නවා. කතාවේ අමාරුම හරියක... එයා ඒක ගළපනවා වෙන්න පුළුවන් තාමත්.. එක්කෝ එයා ඒකට අඩුම කුඩුම හොයන ගමන්ද? ඒ සේරම නෙවෙයි නම්.... මේ කතාව මට කියන්න කවුරුන් හෝ අවසර දෙනකන් බලන් ඉන්නවා වෙන්න පුළුවන්ද එයා..?
 
“ඒක දූෂණ නඩුවක්.. හරියටම බැලුවොත් සමූහ දූෂණ නඩුවක්...”
 
“ඔව් ඒ දවස්වල පත්තරවල පොල් අකුරින් මගේ රේප් කේස් එක ගියා.. හතර දෙනෙක් හිටියා කිව්වට පෙරට්ටුවේදී මට අඳුනගන්න පුළුවන් වුනේ තුන් දෙනෙක් විතරයි.. එතන රංග අයියත් හිටියා.. ඒත් සාක්ෂි මදිවුනා උන්ව කොටු කරන්න.. උන් කිව්වා මම මගේ කැමැත්තෙන් රේප් වුනා කියලා.. මමයි අම්මයි කොයි තරම් ට්‍රයි කළත් බැරිවුනා ඔප්පු කරගන්න, ඒක මගේ තනි කැමැත්තට වුනු දෙයක් නෙවෙයි කියලා.. එයාලට ඇප ලැබුණට පස්සෙ අපි මහරගම පදිංචියට ආවා.. දැන් ඉන්නේ කුලියට.. මල්ලි තවම ස්කූල් යනවා.. මේ අවුරුද්දේ ඒලෙවල්..”
 
“ඒ කියන්නේ ඔයා, මල්ලියි අම්මායි වෙනුවෙන් මේ රස්සාව තෝරගත්තා...?” මගේ අසීරුම ප්‍රශ්නය. එයාගේ සුසුම් කැළඹෙන හඬ..
 
“එහෙමම නෙවෙයි.. මම කල්පනා කළා, මම රේප් වුනාට පස්සෙ මගේ ශරීර කූඩුවෙන් කාටවත් වැඩක් නෑ. මගේ ලිංගික ප්‍රදේශයේ ඉන්නෝ වගයක් දාලා ඒක හරියට රිදුම් දුන්නා කාලයක්.. සමාජ රෝගයක් කියලයි දැනගන්න ලැබුණේ. කොහොම හරි... දැන් ඒක තරමක් හොඳයි... හතර දෙනෙක්ටම යට වෙලා මම ජීවිතේ නැති භංගස්ථාන කරගත්තට පස්සෙ මගේ ඇති පිරිසිදුකමක් නෑ.. මම බැඳපු දවසක මගේ මිනිහට ඒ දේවල් හංඟන්නත් මට බැහැ. අන්න ඒ නිසා.. මම තීරණය කළා, ඒ කුණු බක්කිය අනිත් හැම එකාලටමත් දෙන්න..!! එහෙමයි මම මේ රස්සාවට ආවේ.......... අම්මා දන්නේ නෑ මම කරන දේවල්.. මල්ලි කොහොමත් හොයන් නෑ.. දැන් මේ රස්සාවෙන් කීයක් හරි හොයාගන්න එක පුරුද්දට ගිහින්.. ඩේලි කස්ටමස්ලා පවා ඉන්නවා වෙලාවකට.. මට ඩීල් එකට වීල් එකක මල්ලි කෙනෙක් හෙල්ප් කරනවා.. එයාට මට කස්ටමස්ලා සෙට් කරනවා. මම ඉතින් ඩබල් අරන් එයාට භාගයක් දෙනවා. භාගයක් කිව්වට භාගයක්ම නෙවෙයි...” ඇගේ මුහුණේ අමුතු හිනාවක්... ඒ අස්සේ රෝද තුනක් එතැන නැවතිලා බලාගෙන උන්නා මම යන්තමින් දැක්කා.
 
“හ්ම්ම් ඒක අරුම පුදුම කතාවක් මට අනුව නම්.. ඒත් මට අහන්න දෙයක් තියනවා..”
 
“අමාරුම විදිහේ ප්‍රශ්නයක් ද?” එයා එයාගේ හෑන්ඩ් බෑග් එක තුරුළු කරගෙන නිල් පාට ස්කාෆ් එකකින් මුහුණ වහගත්තා. පස්සේ මොකද්දෝ සුවඳ විලවුන් කුප්පියක් ඇඟේ හලාගත්තා. නහය කඩාගෙන දුවන සුවඳ මඟ හරින අතරේ මම එයාගෙන් අවසාන ප්‍රශ්නය ඇහුවා.
 
“ආයෙම රංග හම්බුනොත්..? මොකද කරන්නේ..?”
 
“මම ඒ පර බල්ලව මරලා දානවා සර්..! නැතුව හුරතල් කරන්නද? මගේ ජීවිතේ කාලකණ්ණි කරපු වල් සතා ඕකා..!! දෙයියම්පා !! අහුවුනොත් මම ඕකාව ඉතුරු කරන් නෑ..”
 
මම එයා එක්කලා හිනාවුණා. ඒත් එයා ටික වෙලාවක් යනකන් හිනාවුණේ නෑ. “ස්තුතියි සංජු” කියන්නත් කලින්, අත වනපු “කස්ටමර්” කෙනෙක් වෙනුවෙන් එයාට පාර මාරු වෙන්න සිද්ධ වුණා.
 
(සංජු මන:කල්පිත නාමයකි.)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top