මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2515 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ, අද දිනයේදී තවත් රෝගීන් සිව් දෙනෙකු තහවුරු කරගැනීමත් සමඟයි.
එමෙන්ම තවත් ආසාදිතයෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව යාමත් සමඟ මෙරට සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1981 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය කියා සිටියේ.
මේ වනවිට පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුව රෝගීන් සංඛ්‍යාව 523 ක්.
අදාළ වෛරසය ආසාදනය වීමෙන් මෙරට තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.