Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
"සරෝජ් ජී ආරම්භයේ සිටම මගේ ගමනේ කොටස්කාරියක වුණා.. ඇය මට නර්තනය පමණක් නොවෙයි තව බොහෝ දෑ ඉගැන්වූවා..." - බොලිවුඩයේ සිනමා නර්තන නිර්මාණ ක්‍ෂේත්‍රයේ කිරුළ දැරූ සරෝජ් ඛාන්ගේ වියෝව ගැන මධුරි ඩික්සිත් තැබු සංවේදී සටහන - Photos

- "සරෝජ් ජී ආරම්භයේ සිටම මගේ ගමනේ කොටස්කාරියක වුණා.. ඇය මට නර්තනය පමණක් නොවෙයි තව බොහෝ දෑ ඉගැන්වූවා..." - බොලිවුඩයේ සිනමා නර්තන නිර්මාණ ක්‍ෂේත්‍රයේ කිරුළ දැරූ සරෝජ් ඛාන්ගේ වියෝව ගැන මධුරි ඩික්සිත් තැබු සංවේදී සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,156 Views
පෞද්ගලිකව සිදු වූ මෙම පාඩුව ගැන බොහෝ මතක සටහන් මගේ මනසට එනවා...
 
බොලිවුඩයේ සිනමා නර්තන නිර්මාණ ක්‍ෂේත්‍රයේ කිරුළ දැරූ සරෝජ් ඛාන් (Saroj khan) ඉකුත් සිකුරාදා හිරු නැඟ එන්නට පළමුව ඇයගේ දිවි සැරිය නිමා කළේ බොලිවුඩ් සිනමාවට සම්බන්ධ බොහෝ දෙනාගේ හද කම්පනය කරමිනි.
 
මාස්ටර් ජී යන ආදරණීය ඇමතුමින් සිනමා අඹරේ ඉහළින්ම සිටින නළු නිළියන්ගෙන් ඇමතුම් ලබන්නට වාසනාව ලද සරෝජ් ඛාන් වසර 46ක් තිස්සේ ඉන්දීය සිනමාවට නර්තන නිර්මාණයෙන් දායක වූවාය.

ඉන්දීය සිනමා නර්තන කලාවේ මව (The mother of Choreography in India) යන විරුදාවලියද සරෝජ් ඛාන් හැඳින්වීමට බොහෝ විට යෙදේ. 1974 දී Geeta Mera Naam  චිත්‍රපටයේ නර්තන නිර්මාණය කරමින් ක්‍ෂේත්‍රයට පිවිසි ඇයගේ වෘත්තීය ජීවිතය බැබළීමට ගත්තේ අසූව අනූව දශකයන්හිදී ශ්‍රී  දේවි සහ මධුරි ඩික්සිත්ගේ රසික සිත් උන්මාදයට පත් කරන රංගන හැකියාවන් ඔපවත් කරන්නට ගුරුහරුකම් සපයමින් එම සිනමාපටයන්හි ඔවුන් රැඟූ  නර්තන නිර්මාණය කිරීමෙනි. 
 
ඒ අනුව සරෝජ් ඛාන්ගේ අසහාය දායකත්වය ලැබූ Mr. India (1987), Nagina (1986), Chandni (1989), Tezaab (1988), Thanedaar (1990) ආදී සිනමා පටයන්හි ගීත සඳහා කෙරුණු රූප රචනා අදත් සිනමා රසිකයන්ගේ මතකයේ අමිලව පවතී.
 
දේව්දාස් (Devdas), ජාබ් වී මෙට් (Jab we met) යන හින්දි චිත්‍රපට හා ෂ්‍රින්ගරම් (Shingaram) යන දෙමළ චිත්‍රපට සඳහා සරෝජ් ඛාන්ට හොඳම නර්තන නිර්මාණ සඳහා ජාතික සම්මාන තුනක් දිනා ගැනීමට හැකි විය. Hawa, Hawai, Tama tamma, ye ishq haay, ek do teen, dola re dola සහ Dhak dhak karne  යන චිත්‍රපටවල සරෝජ් ඛාන්ගේ නර්තන නිර්මාණ ද විශිෂ්ට ලෙස කැපී පෙනෙන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ඇයගේ අභාවය සම්බන්ධයෙන් පළ කළ ලිපියක සඳහන් වේ. 2005 - 2010 අතර කාලයේ සරෝජ් ඛාන් රූපවාහිනි රියැලිටි වැඩසටහන් විනිසුරුවරියක ලෙසද කටයුතු කළාය.
 
ඉකුත් ජුනි 17දා සිටම ශ්වසන අපහසුතාවකින් පෙළුණු සරෝජ් ඛාන් මුම්බායි නගරයේ බන්ඩ්‍රාහි පිහිටි ගුරු නාතක් රෝහලට ඇතුළු කරනු ලැබිණි. ඇයට කොරෝනා රෝගය වැලඳී නොමැති බව PCR පරීක්ෂණයෙන් තහවුරු කෙරිණි. ජූලි 03 සිකුරාදා උදෑසන 1.52ට පමණ ඇය හෘදයාබාධයකින් මියගියාය. මිය යන විට සරෝජ් ඛාන් 71 හැවිරිදි වියේ පසුවූවාය. ඇයගේ සැමියා සර්දාර් රොෂාන් ඛාන් මෙන්ම පුතු හමිද් ඛාන්ද, දියණියන් දෙදෙනා වන හිනා ඛාන් හා සුඛයිනා ඛාන් ද මහත් සේ ශෝකයට පත්වූහ.
 
පවුලේ අයට අමතරව සරෝජ් ඛාන්ගේ වියෝවෙන් ශෝකයට පත්වූ බොලිවුඩ් තරු හා සිනමා ක්‍ෂේත්‍රයේ අයවලුන් රැසක් වෙති. මොවුන්ගේ බොහෝ දෙනා තම සිනමා කෘතියට වටිනාකමක් එක් කළ ආදරණීය ගුරු ජී වෙනුවෙන් සමාජ මාධ්‍යයන්හි සටහනක් තැබීමට අමතක නොකළහ.
 
සිය නර්තන ගුරුවරිය වන සරෝජ් ඛාන්ගේ අභාවය පිළිබඳ කනගාටුදායක පුවත කන වැකුණු මධුරි ඩික්සිත් ඉන්ස්ටග්‍රෑම් හි තැබූ සටහනෙහි සරල අරුත මෙසේය.
 
“මේ කනගාටුදායක පුවතින් මා ඉතා කනගාටුවට පත් වුණා. වචනයෙන් කිව නොහැකි පාඩුවක් අද වුණේ. සරෝජ් ජී ආරම්භයේ සිටම මගේ ගමනේ කොටස්කාරියක වුණා. ඇය මට බොහෝ දේ ඉගැන්වූවා. නර්තනය පමණක් නොවෙයි තව බොහෝ දෑ ඉගැන්වූවා. පෞද්ගලිකව සිදු වූ මෙම පාඩුව ගැන බොහෝ මතක සටහන් මගේ මනසට එනවා. ඇයගේ පවුලට මගේ හදවතින්ම සංවේගය පුදකරනවා”.
 
මේ හැරුණු විට අමිතාබ් බච්චන්, අක්ෂේ කුමාර්, අනිල් දේශ්මුක් ආදී බොහෝ නළු නිළියෝ මේ ප්‍රතිභාපූර්ණ නර්තන කලාකාරිය වෙනුවෙන් ශෝක සටහන් ලියා තිබේ.
 
මධුරි ඩික්සිත් හැරුණු විට ශ්‍රී  දේවි, අයිශ්වර්යා රායි, කාජල්, ජුහි චවුලා ආදීන්ගේ නර්තන ප්‍රභාවය ඉහළ නැංවීමට ද ගුරු ජී සරෝජ් ඛාන් දායක වී ඇත.
 
මව්බිම, හදගැස්ම

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top