Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
12
"ජීප් එකක් පාරේ නතර කරලා, ඒකෙන් බැහැපු කෙනෙක් ටෝච් එකක් වගේ එකක් ගහලා වාහනයේ වටේට ගිහින් බලනවා දැක්කා...." - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සිදු කළ මාරාන්තික අනතුර ඇහින් දැක්ක පුද්ගලයෙකු කියු කතාව මෙන්න - Video

- "ජීප් එකක් පාරේ නතර කරලා, ඒකෙන් බැහැපු කෙනෙක් ටෝච් එකක් වගේ එකක් ගහලා වාහනයේ වටේට ගිහින් බලනවා දැක්කා...." - ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සිදු කළ මාරාන්තික අනතුර ඇහින් දැක්ක පුද්ගලයෙකු කියු කතාව මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,863 Views
සර් වාහනයක හැප්පිලා මනුස්සයෙක් පාරේ වැටිලා ඉන්නවා...
 
හොරේතුඩුව පාලම පහු කරලා යද්දී, සද්දයක් ඇහුණා...
 
නොසැලකිලිමත්කම, අපරීක්ෂාකාරි බව හා බීමත්කම නිසා සිදුවන රිය අනතුරුවල ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙයි. මෙවන් මාරක අනතුරු නිසා මහමඟ මියයන මෙන්ම බරපතළ හා සුළු තුවාල ලබන පිරිසද ඉහළ යමින් තිබේ. 
 
රථවාහන පොලිසිය කොතෙක් මේ බව දැනුවත් කළද රියැදුරන් ඒ පිළිබඳ මනා අවධානයක් දක්වන බව පෙනෙන්නට නොතිබේ. 

ඉකුත් 5 වැනි ඉරිදා අලුයමද මෙවන් මාරක රිය අනතුරක් පානදුර උතුර පොලිස් වසමේ සිදුවිණි. සිද්ධියෙන් හැට හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වුණු අතර එම අනතුර පිළිබඳ ඊට පසුදින මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් කාගේත් අවධානය යොමුවිණි. ඊට හේතුව වූයේ අනතුරට පත්වූ සුපිරි මෝටර් රථය පැදවූයේ ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රිය, දක්ෂ ක්‍රීඩකයකු නිසාය.
 
ඒ ඉකුත් ජූලි මස 5 වැනිදාය. වේලාව උදෑසන පහ පසුවී ඇත. පානදුර උතුර පොලිසියට ලැබුණු දුරකථන ඇමැතුමකි. 
 
“සර්.... මම හොරේතුඩුවේ ත්‍රීවීලර් එකක් දුවන කෙනෙක්..... සර් වාහනයක හැප්පිලා මනුස්සයෙක් පාරේ වැටිලා ඉන්නවා...”
 
ලැබුණු එම ඇමතුම වහා ජංගම පොලිස් රථය වෙත දැනුම් දෙන ලදී. පොලිස් පරීක්ෂක සිරිවර්ධන ඇතුළු නිලධාරීහු රථයේ රාජකාරිවල නිරතව සිටියහ. සිද්ධිය සැලවීමත් සමඟ ඔවුහු අනතුර සිදුවී ඇතැයි කියන පානදුර, මොරටුව පරණ ගාලුපාරේ හොරේතුඩුව 13 කණුව අසලට පැමිණියහ. 
 
මද්‍රසාතුල් මුස්ලිම් පල්ලිය අසල මෙම මාරක අනතුර සිදුවී තිබිණි. පොලිස් පරීක්ෂක සිරිවර්ධන ඒ අවට තොරතුරු විමසමින් අනතුර පිළිබඳ විමසද්දී අනතුරෙන් තුවාල ලත් පුද්ගලයා මේ වනවිටත් පානදුර මූලික රෝහලට රැගෙන ගොස් තිබිණි. 
 
තවදුරටත් පිරික්සද්දී අනතුරට පත්වූ වාහනයේ බෆර් එකේ කොටස් කැබලි මෙන්ම, කැඩී පොඩිපට්ටම් වූ පාපැදියක කොටස්ද පොලිස් කණ්ඩායමට දැකගැනීමට හැකිවිය. එම බඩු බාහිරාදිය ජීප් රියට දමාගත් නිලධාරීන් නඩු භාණ්ඩ ලෙස ඒවා සටහන් කර තිබිණි. පසුව සිද්ධිය ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක වනිගතුංග මහතාට දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් පරිදි රථවාහන අංශය භාර ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක සමන් අල්විස් මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් විමර්ශන අරඹන ලදී. 
 
සිද්ධිය ඇසින් දුටු අයකු සොයාගැනීම පොලිසියේ උත්සාහය වූ අතර එය සාක්ෂාත් කරමින් පුද්ගලයකු රථවාහන අංශය භාර ස්ථානාධිපතිවරයාට මෙලෙස පවසන ලදී. මොහොමඩ් සාෆිදීන් නමැති ඔහු අනතුර සිදුවූ ස්ථානයට මීටර් 150ක දුරින් පිහිටි නිවෙසක පදිංචිකරුවකි. 
 
“එක පාරට සද්දයක් ඇහුණා. මම උඩතට්ටුවට ඇවිත් පාර දිහා බැලුවා. ජීප් එකක් පාරේ නතර කරලා තිබුණා. ඒකෙන් බැහැපු කෙනෙක් ටෝච් එකක් වගේ එකක් ගහලා වාහනයේ වටේට ගිහින් බලනවා දැක්කා. පස්සේ මම ගේ ඇතුළට ගියා. උදේ තමයි මම දැනගත්තේ එතැන ඇක්සිඩන්ට් එකක් වෙලා කෙනෙක්ව හැපිලා තියෙනවා කියලා”
 
ඔහු පොලිසිය හමුවේ එසේ පැවැසූ අතර රථවාහන අංශය භාර නිලධාරියාට ඒ වනවිට වැටහුණේ එසේ නම් අනතුර සිදුකළ වාහනයේ රියැදුරා පලාගොස් තිබෙන බවය. 
 
ඊට මොහොතකට පසු පානදුර මූලික රෝහලෙන් පානදුර උතුර පොලිසියට දැනුම්දීමක් කර තිබේ. ඒ රිය අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මියගොස් ඇති බවකි. ඒ අනුව සිද්ධිය මාරක රිය අනතුරක් සිදුකොට පලායෑමකි. ඒත් පලාගිය එම රියැදුරා කවුදැයි පොලිසිය ඒ වනවිටත් දැනගෙන නොතිබිණි. ඒ අනුව අදාළ පුද්ගලයා හා වාහනය කුමක්දැයි සොයාගැනීම සඳහා ඒ අවට මාර්ගයේ  ඇති  සි.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමට නිලධාරීන් කටයුතු කරන ලදී. 
 
කණ්ඩායමක් ඒ සදහා යෙදවිණි. ඒ අනුව සී.සී.ටී.වී. කැමරාවල සටහන් වූයේ සුදු පැහැති රේන්ජ් රෝවර් රියක් මොරටුව දෙස සිට නියමිත මාර්ගයේ ඉදිරියට පැමිණ එකවරම මංතීරුවෙන් ඉවතට ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් ඉදිරියට යන ආකාරයයි. මීටර් සියයක් පමණ පසු එසේ යද්දී එම රිය නියම මං තීරුවේ පැමිණි පාපැදියක ගැටෙනු ද සටහන් වී තිබිණි. 
 
කෙසේ වෙතත් සිද්ධිය වී පැයකට පමණ පසු තරුණයකු සිය පියා සමඟ පානදුර උතුර පොලිසියට පැමිණියේ එම මාරක රිය අනතුර සිදුකළ රථය පැදවූයේ තමා බවට සඳහන් කරමිනි. එම තරුණයා ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයකු වන කුසල් මෙන්ඩිස් බවට හඳුනා ගැනීමත් සමඟ පරීක්ෂණවල කිසියම් තියුණු බවක් පෙනෙන්නට තිබිණි.
 
බලාපුවඩුගේ කුසල් මෙන්ඩිස් වන මොහු ටෙස්ට් ක්‍රිකට් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රීඩා කරන වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයකි. 1995 පෙබරවාරි 2 වැනිදා උපත ලැබූ ඔහු මොරටුව ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවකි. දකුණතින් පිත්ත හසුරුවන කුසල් පිතිකරු භූමිකාවට අමතරව කඩුලු රකින්නකු ලෙසද සිය වගකීම ඉටුකළ අයෙකි.
 
ශ්‍රී  ලංකාව නියෝජනය කරමින් 2015 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තරග වැදුණු කුසල් මේ වනවිට එක්දින තරග 76කටද ටෙස්ට් තරග 44කටද සහභාගි වී ඇති අතර බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් සිටින අයෙකි.
 
සිය පියා සමඟ පොලිසියට භාරවූ කුසල්ගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගත් අතර එහිදී ඔහු පවසා ඇත්තේ මෙවැන්නකි. 
 
“ප්‍රකාශ සටහන් කරද්දී එයා කියලා තිබුණා තමන්ට හෝටලයක පාටියක් තිබුණා. ඒක ඉවරවෙලා රෑ 8.30ට විතර තලංගම තවත් පාටියක් තිබුණා ඒකටත් ගියා. ඒක ඉවර වෙනකොට පාන්දර වුණා. පස්සේ මම ගෙදර එන්න පිටත් වුණා. අවිශ්ක ප්‍රනාන්දු ඉස්සරහ ෂීට් එකට නැග්ගා. උපුල් තරංගත් වාහනයට නැග්ගා. එයා බොරැල්ලෙන් බැස්සා. මමයි අවිශ්කයි වාහනයේ පානදුරට ආවා” කියලයි. 
 
මේ පිළිබඳ කළ විමසීමකදී පානදුර උතුර වැඩ බලන පොලිස් ස්ථානාධිපති පාලිත මහතා කීවේය. 
 
පොලිසියට ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තිබූ අධික විඩාව නිසා තමාට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුව තිබූ බවය. හොරේතුඩුව පාලම පසුකරනු තමාට හොඳින් මතක බවත් එය පසුකොට ටික දුරක් යද්දී ශබ්දයක් ඇසුණු බවත් පසුව වාහනය නතරකොට පරීක්ෂා කරද්දී කිසිවකු තුවාල වී සිටින බවක් හෝ වෙනත් අලාභයක් නොදුටු නිසා තමා රිය සිය නිවෙස කරා පදවාගෙන ගිය බවත්ය. 
 
පොලිසිය මේ සම්බන්ධයෙන් ඔහු සමඟ රියේ ඉදිරිපස පැමිණි ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුගෙන්ද ප්‍රශ්න කර සිටියද ඔහු පවසා ඇත්තේ තමාටද ඒ මොහොතේ නින්ද ගොස් සිටි බවකි. අනතුර සිදු වූ මොහොතේ තමා තද නින්දේ සිටි බවත් කියා ඇති ඔහු තමා අවදි වූයේ කුසල් පැමිණ තමා අවදි කිරීමෙන් පසුව බවත්ය.
 
ඒ අනුව පොලිසිය පවසන්නේ ශ්‍රී  ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සියලු ක්‍රීඩකයන් මෙන්ම පැරණි ක්‍රීඩකයන්ද එක්වූ, ශ්‍රී  ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙහි කාර්ය මණ්ඩලයේ අයකුගේ තලංගම ප්‍රදේශයේ පැවැති විවාහ උත්සව සාදයකට සහභාගි වී ඇති කුසල් සිය සුදු පැහැති රේන්ජ්රෝවර් රථයෙන් අලුයම කාලයේ එම සාදයෙන් නික්ම සිය මිතුරන්ද නිවෙස්වලට ඇරලවා ගොරකානේ පිහිටි තම මහ නිවෙසට යෑමට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බවය. 
 
කුසල්ගේ සුපිරි මෝටර් රියේ ගැටී මියගොස් තිබුණේ පානදුර ගොරකාපොළ ඥානසේන මාවතේ පදිංචිකරුවෙක් වූ නෙවිල් පීරිස් නමැත්තාය. පානදුර-මොරටුව පෞද්ගලික බස් රථයක කොන්‍ෙදාස්තර රැකියාවේ නිරත වූ ඔහු එදින අලුයම හතරට පමණ නිවෙසින් පිටව සිය පාපැදියෙන් මොරටුව කොරළවැල්ල බලා යමින් සිටියේ බස් රථ හිමිකරුගේ නිවෙසට යෑමේ අදහසිනි.
 
දහසකුත් බලාපොරොත්තු සිත්හි තබාගෙන නිවෙසින් පිටවූ ඔහු කිසිදු කරදරයකින් තොරව හෙමින් සීරුවේ නියමිත මං තීරුවේ ඉදිරියට ගමන් කරමින් සිටියදී වේගයෙන් ඇදුණු කුසල් පැදවූ රිය නෙවිල්ගේ පාපැදියේ ගැටිණි. සී.සී.ටී.වී. කැමරා පරීක්ෂාවේදී පෙනුණේ කුසල් ඒවන විට ගමන් කරමින් සිට ඇත්තේ වැරදි මං තීරුවේ බවකි. 
 
අනතුරින් පසු කුසල් සිය රථයේ නැඟී පලා ගියද රථයේ වැදුණු නෙවිල් පසෙකට විසිවී විනාඩි 40ක පමණ කාලයක් වැටී සිට ඇති බව දැනගන්නට තිබේ. බිම වැටී සිටි නෙවිල් දුටු අයකු පොලිසියට ඒ බව පවසන්නේ ඉන් පසුවය. 
 
“මගේ මහත්තයයි මමයි එදාවේල සොයාගෙන ජීවත්වුණේ බොහෝම අමාරුවෙන්. බස් එකේ රක්ෂාව කරලා හොයාගෙන එන එකෙන් තමයි අපි බඩගිනි නිවාගත්තේ. දැන් ඒ සේරම ඉවරයි. මහත්තයාට වෙච්ච දේ ඇහැව්වම මට හිතාගන්න බැරිවුණා මොකද වුණේ කියලා”
 
මියගිය නෙවිල්ගේ බිරිය බාලපුවඩුගේ නිලන්ති මෙන්ඩිස් මහත්මිය පවසන්නේ හැඬූ­ කඳුළෙනි.
 
“කිසි කෙනෙක්ට වරදක් නැති අහිංසකව ජිවත්වුණු කෙනෙක් තමයි මගේ මහත්තයා. මේ ගෙදරට එන්න කලින් අපි හිටියේ ලෑලි ගහලා වටකරගෙන හිටිය පැල්පතක. කොරෝනා කාලේ ඉවරවේගෙන එනකොට ඒ ඉඩමේ අයිතිකාරයෝ කිව්වා වෙන ගෙයක් හොයාගෙන යන්න කියලා. ලොකු පුතා ණයක් වෙලා තමයි මේ තැන කුලියට ගත්තේ. එහෙම නැත්නම් මහත්තයගේ මිනිය තියන්නවත් අපිට තැනක් නැහැ.”
 
නෙවිල් ඇත්තෙන්ම සිය රැකියාවට ආදරය කළ අයෙකි. ඔහු ජීවත්වුණේ දැඩි දුෂ්කරතා මැදිනි. තමා සේවය කළ බස් රථයට දැඩිසේ ඇලුම් කළ ඔහු අලුයම් කාලයේම නිවෙසින් පිටව ගොස් බස් රථය සෝදා, පිහිදා අවසන් කිරීමෙන් පසු දුම් ඇල්ලීමද සිදුකරයි. බසයේ රියැදුරු ලෙස සේවය කරන්නේ කොරළවැල්ලේ පදිංචි බසයේම අයිතිකරුය.
 
කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් තම සාහෘදයා මෙසේ රිය අනතුරකට ලක්ව පොලිසිය භාරයේ සිටි බව දැනගත් ඔහුගේ ක්‍රිකට් කේෂ්ත්‍රයේ මිතුරන් පානදුර උතුර පොලිසියට වැල නොකැඩී එන්නට පටන් ගත් අතර කුසල්ගේ රිය අනතුර සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ටද දැනුම් දී තිබිණි.
 
රිය අනතුරක් සිදු වූ වහාම රියැදුරා කුමක් ප්‍රකාශ කළත් ඔහු බීමතින් රිය පැදවූයේදැයි දැනගැනීම පොලිසියේ සිරිත වේ. කුසල්ගේ රිය අනතුර සිදුවූයේ අලුයම් කාලයේ වන බැවින්ද ඔහු රිය පදවමින් සිටියේ සාදයකට සහභාගිවීමෙන් පසුව වීම නිසාද ඔහු බීමතින් සිටිත්ද නැද්ද යන්න සෙවීම කළයුතුවම තිබිණි. සාමාන්‍ය පුද්ගලයකු මෙලෙස රිය අනතුරක් සිදුකළේ නම් ඔහු බීමත්ව සිටින්නේ දැයි බැලීම සඳහා බැලුමක් පිම්බීමට ලබාදීම හෝ ඔහු වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීම පොලිසිය විසින් සිදුකරනු ලබයි. 
 
පානදුර උතුර පොලිසියේ නිලධාරීන්ද සිදුකළේ කුසල් වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමය. එදා ඉරිදා දිනයක් වූ බැවින් මියගිය අයගේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් දේහය ඔහුගේ ඥාතීන්ට ලබාදීමට පොලිසිය යුහුසුලු වී තිබිණි.
 
මේ අතර කුසල්ගේ පාර්ශ්වය මියගිය නෙවිල්ගේ බිරිය හා ඥාතීන් සමඟද කතා  බස් කර සිය කනගාටුව ප්‍රකාශ කර මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සඳහා නොපැකිළිව සහාය දෙන බව පවසා තිබුණද නෙවිල්ගේ බිරිය සිටියේ තමාගේ සැමියාගේ මරණය මුදලට තක්සේරු නොකළ යුතු බව කියමින් හඬා වැළපෙමිනි. 
 
පශ්චාත් මරණ පරීක්ෂණයද ඉක්මන් වී තිබුණද එය අවසන් වූයේ සවස පහයි තිහට පමණය. එහෙත් පොලිසියේ අවශ්‍යතාව වූයේ සවස දෙකට-දෙකයි තිහට කලියෙන් සැකකාර කුසල් වැඩබලන මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට වුවත් මරණ පරීක්ෂණය ප්‍රමාදවීම නිසා ඒ සඳහා අවස්ථාවක් නොලැබිණි. ඒ නිසා එදින කුසල්ට ගත කිරීමට සිදුවූයේ පානදුර උතුර පොලිසියේය.
 
පපුවට, හිසට සහ ඉළඇටවලට සිදුවූ බරපතළ හානි නිසා අධික රුධිර වහනය වීමෙන් නෙවිල්ගේ මරණය සිදු වී ඇති බව පානදුර මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඩී.එම්.ඩී. අදිකාරම් මහතා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තීන්දු කරන ලද අතර කුසල් බීමතින් සිටින්නේ දැයි දැනගැනීමට ඔහු පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර තිබිණි. 
 
“මෙතැනදී වෛද්‍යවරයා කෙටි වාර්තාවකින් දැනුම් දීලා තියෙනවා කුසල් බීමත්ව සිට නැති බව. ඒත් වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහුගේ රුධිර සාම්පල රස පරීක්ෂකවරයා වෙත යවලා තියෙනවා.”
 
වැඩබලන ස්ථානාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී සඳහන් කළේය. සැරයන් නන්දසේන හා කොස්තාපල් ලක්මාල් මරණ පරීක්ෂණයට එක්වූ අතර ඉන් අනතුරුව නෙවිල්ගේ සිරුර ඥාතීන් වෙත මුදා හරින ලදී.
 
සියල්ල එසේ අවසන් වීමෙන් පසු ජූලි මස 6 වැනිදා උදෑසන කුසල් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. ඒ වැඩබලන ස්ථානාධිපතිවරයා විසිනි. මාරක රිය අනතුරක් සිදු කිරීම, අනතුර කර පලායෑම, තුවාලකරු රෝහලට රැගෙන නොයෑම, අනතුරක් වළක්වාගත නොහැකිවීම හා නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම යන චෝදනා යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. 
 
මෙහිදී අධිකරණය හමුවේ පොලිසිය කියා සිටියේ, සැකකරු බීමත්ව සිටියේද නැද්ද යන වග පරීක්ෂා කිරීමට ඔහුගේ රුධිර සාම්පල ලබාගෙන   ඒවා රස පරීක්ෂකවරයා වෙත යවා ඇතත් එම වාර්තාව තවමත් නොලැබුණු බවත්ය. 
 
සැකකාර කුසල් මෙන්ඩිස් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා ඇතුළු නීතිඥයන්ද පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ප්‍රේමරත්න ජයසිංහ මහතා පෙනී සිටියේය. 
 
“සැකකරු සිතාමතා අනතුරක් කර නැහැ. මෙම අනතුර ගැන සැකකරු ඉතාම කනගාටු වන බවත් මෙය හුදෙක් රිය අනතුරක්. මරණයට පත්වූ අයට සාතිශය සොව  පළකරන බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පැවැසීය.”
 
“මේ අනතුර සිදුවී ඇත්තේ අධික ලෙස වෙහෙසට පත්වී ඇති වෙලාවකයි. අනතුරෙන් පසු ඔහු පොලිසියට භාරවුණා. ඔහු අධිකරණය මඟහරින්නෙක් නොවේ. මොහු ඉදිරියක් ඇති තරුණයෙක්.”
 
“ජීවිතයකට මුදලින් වන්දි ගෙවීමට නොහැකියි. ඒත් මියගිය අයගේ අවමංගල්‍ය කටයුතුවලට මුදලකුත් මියගිය පුද්ගලයාගේ යැපෙන්නන්ටත් මුදලින් රුපියල් ලක්ෂ දෙකකු අද දින ලබාදීමටත් අධිකරණයෙන් අවසර ඉල්ලනවා. ඉදිරි වන්දි මුදලක්ද ලබාදීමට එකඟ වෙනවා. ඒ කරුණු සලකා බලා සැකකරුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.” සැකකාර කුසල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එසේ පවසද්දී සැකකරු වෙනුවෙන් ඇප ලබාදීමට පොලිසියද කිසිදු විරෝධතාවක් නොදැක්වීය. 
 
මෙහිදී මරණකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව කුසල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය අමතමින් එම ලක්ෂ 10 මියගිය පුද්ගලයා වෙනුවෙන් ලබාදීමට එකඟ වූහ.
 
මුදලින් ලක්ෂ දෙකක් එදිනද (06දා) ඉතිරි ලක්ෂ අට ඉදිරි නඩු දිනවලදී ලබාදීමට පොරොන්දුවීමත් සමඟ පැමිණිල්ල මෙහෙයවන පොලිසිය ඉදිරිපත් කර ඇති ‘බී’ වාර්තාව අනුවත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති ආකාරය සලකා බලා සැකකරුට ඇප ලබාදීමට හැකියාව ඇතැයි කී පානදුර මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමටත් ඔහුගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටත් නියෝග කළේය. නඩුව ලබන සැප්තැම්බර් මස 9 වැනිදා යළි කැඳවීමට නියෝග කෙරිණි.
 
කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස් මීට වඩා වගකීමෙන් ක්‍රියාකළේ නම් ඔහුගේ රියේ හැපී වැටුණු පුද්ගලයා රෝහලට රැගෙන ගොස් බේරාගැනීමට ඉඩ තිබුණු බව බොහෝ දෙනෙකුගේ මතය වුහ. ඒත් ඔහු එසේ කර තිබුණේ නැත. රියේ ගැටුණු පුද්ගලයා මහපාර මැද දමා පලායෑම ක්‍රීඩකයකු වැනි වගකීමක් ඇති පුරවැසියකුගෙන් අපේක්ෂා කළ නොහැක්කකි. 
 
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධවූ අවස්ථාද බොහෝ ඇත. බීමතින් මෝටර් රථයක් පදවා අනතුරක් සිදුකළ ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නද මෙසේ අත්අඩංගුවට පත්ව පොලිස් ඇප මත මුදාහළ සිද්ධියක්ද මෑත කාලයේ වාර්තා විය. එම අනතුර සිදුවූයේද අලුයම 5.15ටය. දිමුත් සාදයකට සහභාගි වී ආපසු යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් අතර ඒ අවස්ථාවේ ඔහු රිය පදවාගෙන පැමිණ ඇත.
 
ඊට කලින්ද තවත් ක්‍රිකට් ක්‍රීඩකයකු මෙසේ රිය අනතුරක් සිදුකර තිබිණි. ක්‍රිකට් ක්‍රීඩකයන්, නළු නිළියන් හා ජනප්‍රිය දේශපාලකයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ එකම ආකාරයකට වුවත් මොවුන් පිළිබඳ සමාජ මත ගොඩනැඟෙන්නේ නොයෙකුත් ආකාරයටය. 
 
මේ නිසා සැලකිලිමත්ව නීතිගරුකව රියපැදවීම සෑම රියැදුරකුගේම වගකීමය. එසේ නොවුණහොත් ඉන් පීඩා විඳින්නේ රියැදුරා නොව අනතුරින් ජීවිතයෙන් සමුගත් පුද්ගලයාගේ යැපෙන්නන් හා ඔහුගෙන් ජීවත් වන්නන්ය. 
 
කළුතර හා පානදුර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, පානදුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත පානදුර උතුර වැඩබලන ස්ථානාධිපති කේ.ඒ. පාලිත හා රථවාහන ස්ථානාධිපති සමන් අල්විස් ඇතුළු නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණවලට එක්වූහ.
 
ඉරිදා මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top