Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවූ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ සිදුවූ දේ මෙන්න - Video

- දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවූ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ සිදුවූ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,614 Views
කොරෝනා ආසාදිතයෙකු ලෙස වාර්තා වූ රාජාංගනය ප්‍රදේශයේ පදිංචි, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සාමාජිකයාගේ සහ ඔහුගේ වැඩිමහල් දරුවාගේ ආශ්‍රිතයන් 300 ක් පමණ ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

මෙරටින් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූ පසුගිය මාර්තු මාසයේ සිට මෙතෙක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 300 ක් ඊයේ වාර්තා වුණා.

ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් 283 ක්, එහි ආසාදිතයින් ලගින් ඇසුරු කළ තිදෙනෙකු, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු, ඉන්දියාවේ සිට පැමිණි 9 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 3 දෙනෙකු සහ පාකිස්ථානයේ සිට පැමිණි පුද්ගලයෙකු වශයෙන්.
 

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේශන සඳහා සහභාගි වූ යුද හමුදා සාමාජිකයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා ද වනවා.

ඒ අනුව, අදාළ යුද හමුදා සාමාජිකයා, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කිරීමටයි පියවර ගැණුනේ.

එම යුද හමුදා සාමාජිකයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි අවසන් කර පසුගිය දෙවන දා රාජාංගනය ප්‍රදේශයේ සිය නිවසට පැමිණ ඇති අතර, පසුව ඔහු ඥාති නිවසක අවමංගල්‍ය උත්සවයක් සඳහා ද සහභාගි වී තිබෙනවා.

දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු අධ්‍යයන කටයුතු සඳහා පාසලට ද ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව අදාළ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ සහ ඔවුන් ඇසුරු කළ ආශ්‍රිතයින් 300 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.

එසේම, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීම සඳහා පැමිණි පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් 441 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ද ස්වයං නිරෝධායනයට යොමු කෙරෙනවා.

මේ අතර, නාත්තන්ඩිය - කොට්ටාරමුල්ල ප්‍රදේශයේ කොරෝනා වැළඳුනු උපදේශිකාවගේ මවට කොරෝනා වැළදී නොමැති බවට අද තහවුරු වූ බවයි නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි උපුල් ජයතිලක ප්‍රකාශ කළේ.

මේ අතර, ගාල්ල - හබරාදුව - හීනටිගල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට ද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, කොරෝනා රෝග ලක්ෂණ සහිතව මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හලාවත රෝහලට මාරු කර යැවීමේදී ජිවිතක්ෂයට පත්වූ තරුණයාට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහුගේ මව ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගත් බවයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දිනූෂා ප්‍රනාන්දු සඳහන් කළේ.

අද දිනයේදී තවත් නව ආසාදිතයින් 10 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2464 ක් ලෙස ඉහළ ගියා.

අද හමුවූ ආසාදිතයින්ගෙන් 4 දෙනෙකුම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අය වන අතර, අනෙක් ආසාදිතයා කුවේට් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනයට යොමුකර සිටි අයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 468 ක් වන අතර, සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව දැක්වෙන්නේ 1980 ක් ලෙසටයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top