හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී.56 අවි දෙකක් පිටිපන උතුර ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසක තිබී සොයා ගෙන තිබෙනවා.
එහිදී ඊට අදාළ සැකකාර කොස්තාපල් රියදුරාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
හෝමාගම - පිටිපන ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල පසුගිය 29 වන දා පරීක්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බලකාය එහි තිබී ටී - 56 වර්ගයේ ගිනි අවි 11 ක් සහ ටී - 81 වර්ගයේ ගිනි අවියක් සොයා ගනු ලැබුවා.
මේවා දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙලේ පාතාල නායකයෙකු වන තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරකට අයත් බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
පසුව ගොඩනැගිල්ලේ හිමිකරුගේ අනියම් බිරිඳට අයත් පිටිපන - සිල්වර්ස්ටන් වත්ත ප්‍රදේශයේ නිවසක රහස් කුටියක තිබී තවත් අවි ආයුධ තොගයක් හෝමාගම පොලීසිය සොයා ගත්තා.
මීට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමෙන් පසු එහි නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා දිනයේ අතුරුගිරිය - හබරකඩ - මුල්ලේගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු තවත් ටී - 56 වර්ගයේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් අතර, ඔහු මුලින් ගිනි අවි සොයා ගත් ගොඩනැගිල්ලේ හිමිකරුගේ මිතුරෙකු බවටයි හඳුනා ගැනුණේ.