Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
11
"ශෂිනි ගීතය ගයද්දී කුසේ හිටපු දුව දැඟලුවත් වැඩියි, නිදිය නොගත්ත පැය ගාණට වඩා නිදාගත්ත පැය ගාණ මට මතකයි..." - පිය පදවියට හිමිකම් කියූ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන - Video & Photos

- "ශෂිනි ගීතය ගයද්දී කුසේ හිටපු දුව දැඟලුවත් වැඩියි, නිදිය නොගත්ත පැය ගාණට වඩා නිදාගත්ත පැය ගාණ මට මතකයි..." - පිය පදවියට හිමිකම් කියූ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධන - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,682 Views
"අපි දෙන්නා තනියම බොහෝ දේවල් දරාගත්තා. අපි සම්ප්‍රදායෙන් එහා ගියපු දෙන්නෙක්..."
 
"දුවගේ එක සද්දයක් ඇති අපේ මුළු සිස්ටම් එකම වෙනස් කරන්න. අපි ඒක විඳිනවා..."
 
"හිතාගන්න බැහැ. ශෂිනි නම් දුව දැකලා සතුටට අඬනවා මම දැක්කා..."
 
"හද්දා ශුද්ධ වූ මා ප්‍රේමය..."
 
මේ ආදරණීය පදවැල් ගෙත්තම් කරන්නේ ආදරණීය පියෙකි. කුලුඳුලේ පිය පදවි ලැබූ කලා ලොවේ දක්ෂ රංගන ශිල්පියකු වූ ධනංජය සිරිවර්ධන, ශෂිනිගේ කුස තුළ වැඩෙනා දියණිය වෙනුවෙන් හෘදයාංගම හැඟීම් වචන කර තිබුණේ එලෙසිනි.
 
ඒ වචනයක් වචනයක් පාසා දැවටුණ ඒ පුංචි සිඟිිත්තිය දැන් ධනංජයගෙයි ශෂිනිගෙයි පුංචි කැදැල්ලේ ආදරණීය හිමිකාරිය වී හමාරය. පියපදවි කිරුළු දරා ධනංජය සිය හැඟීම් දිගහැරියේ මෙසේය.

ධනංජයට අලුතින් පදවියක් හිමිවෙලා. ඒ පදවියේ සතුට වචන කරන්න පුළුවන්ද?
මම පිය පදවිය ලැබුවා. ශෂිනි මවු පදවිය ලැබුවා. ඕන පදවියක් ගැන කියන්න වචන තිබ්බට මේ පදවිය ගැන කියන්න තවම වචන නැහැ. මට හීනයක් වගේ. අපි ප්‍රාර්ථනා කළ දෙයක්, අපි බලාපොරොත්තු වුණු දෙයක් අපිට ලැබිලා තියෙනවා. සමහර බලාපොරොත්තු වෙන දේවල් තියෙන්නේ සිහින හැටියටනේ. ඒත් බලාපොරොත්තු වුණ දෙයක් ලැබෙද්දී ඒක විග්‍රහ කරන්න හරි අමාරුයි. මේක අපිට අලුත් අත්දැකීමක්. දුව එකතු වුණාට පස්සේ මොකක්දෝ හැඟීමක් තියෙනවා. ඒක හිතාගන්න බෑ. එයාව ලැබෙන්න ගෙදරින් ගියපු අපි නෙමෙයි එයාව අරගෙන ගෙදරට එනකොට හිටියේ. අපේ ජීවිත වෙනස් වෙලා. දුව අපේ ජීවිත වෙනස් කරලා.
 
ධනංජයගෙයි ශෂිනිගෙයි කැදැල්ලට හා හා පුරා කියලා එකතු වුණේ දියණියක්. ධනංජයයි ශෂිනියි කැමැත්තෙන් හිටියෙත් දියණියකගේ මවක් පියෙක් වෙන්නටද?
මම කැමැත්තෙන් හිටියේ දුවෙක්ට. ශෂිනි නම් පුතෙක් ගැනත් හිත හිත හිටියා. ඒත් මම දුවෙක්ට කැමැත්තෙන් හිටපු නිසා එයත් දුවෙක්ට කැමැති වුණා. මම නම් දැනගෙන හිටියා අපිට ලැබෙන්නේ දුවෙක් කියලා. අපි මුලින් දුවෙක්ද පුතෙක්ද ලැබෙන්න ඉන්නෙ කියලා පරීක්ෂා කරලා බැලුවෙත් නැහැ. අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න තමයි පස්සේ දුවෙක්ද, පුතෙක්ද ලැබෙන්න ඉන්නේ කියලා බැලුවේ. දුවෙක් ලැබෙන්න ඉන්නේ කිව්වම අපිට ඒක පුදුමයක් වුණේ නැහැ.
 
ශෂිනිට දුව ලැබෙන වෙලාවේ ධනංජය ශෂිනි ළඟම හිටියද?
ඔව්, ඇත්තටම දුව ලැබෙද්දි වෛද්‍යවරු කිසිම කලබලයක් අපිට පෙන්නුවේ නැහැ. වෛද්‍ය සුනිල් ඇතුළු වෛද්‍ය කණ්ඩායම විහිළු තහළු කරමින් අපිවත් රිලැක්ස් කරමින් තමයි එතැන හිටියේ. අපිට බය වෙන්න දුන්නේ නැහැ. දුව දකින වෙලාවේ මට මොකද වුණේ කියලා හිතාගන්න බැහැ. ශෂිනි නම් දුව දැකලා සතුටට අඬනවා මම දැක්කා. ප්‍රාර්ථනා කළ දෙයක් ප්‍රාර්ථනා නොකරපු වෙලාවේ අපි අතරට ආවා. ඒ හැඟීම මට වචන කරන්න තේරෙන්නේ නැහැ.
 
ධනංජය දුව ලැබෙන්න කලියෙන්ම දුව වෙනුවෙන් හා හා පුරා කියලා ගීතයක් ලියනවා. ශෂිනි ඒ ගීතය ගයනවා. ගීතය ගයපු දවසෙම දුව ඔය දෙන්නගේ කැදැල්ලට එකතුවෙනවා. මේකත් විශේෂයක් නේද?
මම සාමාන්‍යයෙන් කවි ලියනවා. ඉතින් මට දුව ගැන ගීතයක් ලියන්න අදහස තිබ්බා. දවසක් මම වාහනේ යද්දී දුව ගැන තිබ්බ අදහස ගීතයක් විදිහට ලිව්වා. මගේ මිත්‍රයා වුණු දිනේෂ් සුබසිංහට තමයි මම ඒ ගීතයේ සංගීතය නිර්මාණය කරන්න දුන්නේ. ඔහුට වැඩත් එක්ක එය කරන්න ටිකක් කල්ගියා. මම ඉතිං තරහා ගිහින් දිනේෂ්ට බැන්නත් එක්ක. ඉතිං කොහොම හරි දිනේෂ් කතා කරලා කිව්වා පහුවදාට ඒ ගීතය ගායනා කරන්න එන්න කියලා. එයාට ටිකක් අපහසු වුණාට ගීතය ගයන්න ආසාවක් තිබ්බ නිසා ගිහින් ශෂිනි ඒ ගීතය ගායනා කළා. ශෂිනි ගීතය ගයද්දී කුසේ හිටපු දුව දැඟලුවත් වැඩියි. ගීතය දිනේෂ්ට භාරදීලා ඇවිත් ශෂිනිට අමාරු නිසා දුව ලැබෙන්න රෝහල්ගත කළා. දුව එන්න හිටපු දිනයට කලින් අපි අතරට ආවා.
 
සංසාරයේ කොහෝ හෝ තැනකදී ඇය මුණගැහිලා ඇති කියන හැඟීමෙන් මම ඒ ගීතය ලිව්වේ. අපි කෙනෙක්ට ආදරය කරද්දී ඒ කෙනාගෙන් දෙයක් බලාපොරොත්තු වෙනවනේ. මේ ආදරය තුළ එහෙම බලාපොරොත්තු නෑ. පට්ට ප්‍රේමය, නැත්නම් අතිශය පිරිසුදු වූ ප්‍රේමය තමයි මේ ආදරය. ඒකයි ‘හද්දා ශුද්ධ වූ මා ප්‍රේමය’ කියලා ඒ ගීතය නම් කළේ.
 
දුවගේ නමත් මේ ගීතයේ හැංගිලා තියෙනවා නේද?
ඔව්. දුවගේ නමත් මේ ගීතයේ තියෙනවා.
 
දුව ධනංජය වගේද ශෂිනි වගේද?
දුවට අම්මා වගේ මොනවද තියෙන්නේ කියලා හොයමින් ඉන්නේ.
 
ධනංජයත් දැන් දූ වෙනුවෙන් නිදි වරනවා ඇති?
ඔව්, මේ දවස් කිහිපයට නිදිය නොගත්ත පැය ගාණට වඩා නිදාගත්ත පැය ගාණ මට මතකයි. පැය දෙක තුනක් නිදාගන්න ඇති. අපි වෙනදා පාටියකට ගිහින් හරි මොකක් හරි වැඩකට ගිහින් හරි නිදි වැරුවම මහන්සියිනේ. හැබැයි දුව වෙනුවෙන් නිදිවරණ එක ඇතුළේ මහන්සියක් අපිට නැහැ. දුවගේ එක සද්දයක් ඇති අපේ මුළු සිස්ටම් එකම වෙනස් කරන්න. දරුවෙක් එක්ක අලුත් අත්දැකීමක්. අපි ඒක විඳිනවා.
 
දියණියක් කියන්නේ ලේසි පහසු වගකීමක් නෙමෙයි. ධනංජය ඒ වගකීම් ඉටු කරන පියෙක් වෙන්න හොඳටම සූදානම් වෙලා ඇත්තේ?
අපේ ජීවිතවල එන්න එන්න වගකීම් වැඩිවෙනවා. සමහරු වගකීම්වලට මුහුණ දෙන්න බයයිනේ. නමුත් මටයි ශෂිනිටයි ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන්. අපි දෙන්නා තනියම බොහෝ දේවල් දරාගත්තා. අපි දෙන්නා සම්ප්‍රදායෙන් එහා ගියපු දෙන්නෙක්. දරුවෙක් හදන්නේ නැද්ද කියලා අනෙක් අය අහන දේවලට අපි කලබල වුණේ නෑ. අපි දරුවකු හදන කාලය දැනගෙන හිටියා. අපි වගකීම් දරන්න බය නැහැ. ශෂිනිගෙයි මගෙයි ජීවිතයේ ප්‍රශ්න ඇතිවුණු කාල තිබ්බා. අපි ඒවට මුහුණ දුන්නා. අපිට දුවගේ වගකීම්වලට වුණත් බය නැතුව මුහුණ දෙන්න පුළුවන්. දැන් එයා දිහා බලාගෙන තමයි අපි ජීවත් වෙන්නේ. මේක තමයි ජීවිතය කියලා දැනෙනවා.
 
දුව නිසා ධනංජය රංගන කටයුතුවලට නිවාඩු දුන්නද?
මම මේ මාසේ මුල හරියේ වැඩ භාරගත්තේ නැහැ. සල්ලි, ජනප්‍රියත්වය කියන දේවල් පොඩි දේවල්. දුව එක්ක මේ ජීවිතය දැක්කම අර දේවල් නොසැලකිය යුතුම දේවල් කියලා හිතෙනවා. වෙනදා නිවාඩු අරන් කරන්නේ නිදහසේ ඉන්න එක. මේ සැරේ රංගනයෙන් නිවාඩු අරන් මම වෙනදාටත් වඩා වැඩ කරනවා. අපි දරුවා වෙනුවෙන් අවශ්‍ය කාලයේ ආදරය, රැකවරණය දෙන්න ඕනේ. ඒක වටිනවා.

මෙම උපුටා ගැනීම "මව්බිම" පුවත්පතේ "හදගැස්ම" අතිරේකයෙන්..





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top