Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
11
“අපි එයාගෙන් ප්‍රශ්න කළා. එයා කීවා මට කිසි දෙයක් මතක නැහැ, මට උන් ගැහැව්වා. මම හිරිවැටිලා හිටියේ කියලා. දිගටම ඇහුවට පස්සේ එයා සිද්ධ වුණු විස්තරේ කිව්වා” - කැස්බෑව කැළඹූ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සිදු වූ හැටි ගැන, රෝහල්ගත කළ බිරිඳ, පොලිසියට කියපු අමුතුම කතා ටික මෙන්න - Video

- “අපි එයාගෙන් ප්‍රශ්න කළා. එයා කීවා මට කිසි දෙයක් මතක නැහැ, මට උන් ගැහැව්වා. මම හිරිවැටිලා හිටියේ කියලා. දිගටම ඇහුවට පස්සේ එයා සිද්ධ වුණු විස්තරේ කිව්වා” - කැස්බෑව කැළඹූ කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය සිදු වූ හැටි ගැන, රෝහල්ගත කළ බිරිඳ, පොලිසියට කියපු අමුතුම කතා ටික මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
“එතැන නැත්නම් මහත්තයා නිදාගෙන ඉන්න කොට්ටේ ඇතුළේ ඒවා ඇති”
 
“අපි නිදාගෙන ඉන්නකොට එකපාරට ශබ්දයක් ඇහුණා. එතකොටම එයා නැඟිට්ටා.”
 
“දෙන්නෙක් කාමරේ හිටියා. එක්කෙනෙක් අතේ පොල්ලක් තිබුණා.”
 
පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ දිනවල එවැනි අබිරහස් ඝාතනයක සුලමුල සොයා ගැනීමේ දැවැන්ත උත්සාහයක යෙදෙන අයුරු පසුගියදා අපට දැකගත හැකි විය. ඒ කෝටිපති ව්‍යාපාරිකයකුගේ ඝාතනයක් පිළිබඳව කෙරෙන විමර්ශනයකදීය.
 
ප්‍රසන්න සාගර කුමාර 51 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු පිළියන්දල පොලිස් වසමට අයත් මාවිත්තර, ගුරුගම්මාන පාරේ සුවිසල් නිවෙසක පදිංචිව සිටියේ සිය බිරිය හා දරු දෙදෙනාද සමඟය.

ප්‍රසන්න බිරිය හා දරුවන් සමඟ පදිංචිව සිටියේ තෙමහල් ගොඩනැඟිල්ලක දෙවැනි මහලේය. ඊට යාබදව පවත්වාගෙන යන ගොඩනැඟිල්ලේ ඔහු හෝටලයක් පවත්වාගෙන ගියේය. එම කොටසේ හෝටලයේ සේවකයන් හා සෙසු පිරිස රැඳී සිටියහ.
 
පස් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා ඔහුය.
 
වසර 15ක කාලයක් තිස්සේ ව්‍යාපාර කටයුතු කරගෙන ගිය ඔහු සිය මවට හා සොහොයුරන්ටද උදවු පදව් කරමින් ගම්මුන් සමඟ සතුටින් සිය ජීවිතය ගත කළේය. ඒත් ඔහු අනවශ්‍ය දේවලට නිකරුණේ මුදල් නාස්ති කළේ නැත.
 
ප්‍රසන්නගේ මහගෙදර පිහිටියේ පිළියන්දල, දේවානන්ද පාරේය. පසුව ඔහු මෙම නිවෙස තනාගෙන මාවිත්තර, ගුරුගම්මාන පාරට පැමිණියේය. විවාහ උත්සව හා ප්‍රිය සම්භාෂණ සඳහා යොදා ගැනුණු මෙම හෝටල් පරිශ්‍රය නිරන්තරයෙන් කාර්යබහුල ස්ථානයක් විය.
 
කොවිඩ් වසංගතය හේතුවෙන් ප්‍රසන්නගේ හෝටලයද තාවකාලිකව වසා දැමිණි. එය පසුගියදා විවෘත කර ගැනීමට හැකි වූයේ ප්‍රසන්නගේම දැඩි උත්සාහය නිසාය. මෙය ප්‍රසන්නගේ සිතට මහත් සතුටක් ගෙන දුන්නේය. ඔහු තම මිතුරන් හා සේවකයන් සමඟ ඒ ගැන කතා කළේ මහත් උදේ‍යාගයකින්ය.
 
ඒ ඉකුත් පස්වැනිදාය. දෛනික වැඩකටයුතුවලින් පසුව ඔහු සිය බිරිය හා දරු දෙදෙනාද සමඟ නින්දට ගියේය. එකිනෙකට යාබදව තිබෙන ඇඳන් දෙකක මොවුහු නින්දට වැටී සිටියහ. බිරිය හා දහතුන් හැවිරිදි දියණිය එක් ඇඳකත් ප්‍රසන්න හා නව හැවිරිදි එකම පුතු තවත් ඇඳකත් නිදාගෙන සිටියහ. දරු දෙදෙනා නිදා සිටියේ පියාට හා මවට මැදිවය.
 
අලුයම හතරට පමණ හෝටලයේ මුළුතැන්ගෙයි සේවය කරන කාන්තාව සිටි කාමරය වෙත දිවගිය ප්‍රසන්නගේ බිරිය ඇය අවදි කරමින් මෙසේ විලාප තැබුවාය.
 
“අනේ අපිව බේරගන්න.... අපිට බයයි”
 
ඇගේ විලාපයෙන් වයෝවෘද්ධ සේවිකාව තැතිගත්තාය. ඒ හාම්පුතාගේ බිරියගේ හිසෙන් ලේ ගලා එමින් තිබෙනු දුටු නිසාය. සේවිකාවගේ කෑගැසිල්ලට එක්වූ තවත් සේවකයකු වූ කසුන්ද වහා හාම්පුතා නිදා සිටි කාමරයට දිව ගියේය. හාම්පුතා ඒ වනවිටත් සිටියේ ලේ විලක් මැදය. ඔහුගේ හිසෙන් ලේ ගලා යමින් තිබිණි. බියට පත්වූ ඔවුහු වහා 1990 ගිලන් රථයට කතා කළහ. ගිලන් රථයද සැණෙකින් එතැනට පැමිණි අතර ඉන් පැමිණි අයකු ඇඳ මත සිටි අය පරීක්ෂා කරද්දී වැටහී ගියේ ඔහු ඒ වනවිටත් මියගොස් ඇති බවය. පසුව ඔහුගේ බිරිය හා දරු දෙදෙනාද රැගත් ගිලන් රථය වේගයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ගියේය. පිළියන්දල පොලිසිය මේ පිළිබඳව දැනුවත් වූයේ ඉන් අනතුරුවය.
 
සිදුවීම දැනගත් සැණින් පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා සිය ජංගම රථය සිද්ධිය වූ ස්ථානයට පිටත් කර යැවීය. පසුව ඔහුද ගොස් තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු සිය උසස් නිලධාරීන් දැනුවත් කර ඔවුන්ගේ උපදෙස් පරිදි අධිකරණයටද කරුණු වාර්තා කිරීමට කටයුතු කළේය.
 
සහකාර පොලිස් අධිකාරි සමන්ත වෙදගේ, ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නද පැමිණ ස්ථානාධිපතිවරයාට හා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට උපදෙස් දුන් අතර සිද්ධිය වූ ස්ථානයට සොකෝ නිලධාරීහුද ඇඟිලි සලකුණු නිලධාරීහුද කැඳවනු ලැබූහ.
 
සිද්ධිය වූ ස්ථානයට පැමිණි කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ප්‍රසන්න සාගර කුමාර මහතාගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වූ අතර ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේදී පැවැත්විණි. එහිදී අනාවරණය වූයේ මොට ආයුධයකින් හිසට පහරදීම හේතුවෙන් ප්‍රසන්නගේ මරණය සිදුවී ඇති බවය. ඒ අනුව ප්‍රසන්නගේ මරණය ඝාතනයකි.
 
ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ප්‍රසන්නගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරැඹූ අතර ප්‍රසන්නගේ බිරිය නිදා සිටි ඇඳේ කොට්ටය අසල අඩියක් පමණ දිගැති කැඩුණු පොලු කැබැල්ලක් තිබී සොයාගැනීමට ඒ අනුව පොලිසියට හැකි විය. ඒ අසල ලේ තැවරුණු පොල්ලක්ද විය.
 
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසන්නගේ බිරිය හා දරු දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට පොලිසිය පියවර ගත්තේ ඉන් පසුවය. ඒ ඔවුන් සිද්ධිය ඇසින් දුටුවේදැයි දැනගැනීම සඳහාය. ප්‍රසන්නගේ බිරිය ඒ වනවිටත් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය. ඇය සුළු තුවාල ලබා සිටීමත් ඇය අසාධ්‍ය තත්ත්වයෙන් පසු නොවීමත් නිසා ඇගෙන් ප්‍රකාශ ලබා ගන්නට විමර්ශන නිලධාරීනට හැකි විය.
 
“අපි එයාගෙන් ප්‍රශ්න කළා. එයා කීවා මට කිසි දෙයක් මතක නැහැ. මට උන් ගැහැව්වා. මම හිරිවැටිලා හිටියේ කියලා. මුලින් ඒ ගෑනු කෙනා එහෙම කිව්වා. ඒත් අපි දිගින් දිගටම ප්‍රශ්න කළා. පස්සේ එයා සිද්ධ වුණු විස්තරේ කිව්වා”
 
සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ ඇරඹි ආකාරය පිළියන්දල පොලිස් ස්ථානාධිපති සහන් රංජිත් මහතා විස්තර කළේ එලෙසය.
 
“අපි නිදාගෙන ඉන්නකොට එකපාරට ශබ්දයක් ඇහුණා. එතකොටම එයා නැඟිට්ටා. නැඟිටිනකොටම එයාටත් ගැහැව්වා කියලා එයා කිව්වා. දෙන්නෙක් කාමරේ හිටියා. එක්කෙනෙක් අතේ පොල්ලක් තිබුණා. අනෙක් කෙනා අතේ මොකුත් තිබුණේ නැහැ. දෙන්නම මුහුණු වහගෙනයි හිටියේ කියලත් එයා ප්‍රශ්න කරද්දි කිව්වා.”
 
ඇගේ එම ප්‍රකාශයට අනුව සැමියා හා දරු දෙදෙනා නිදා සිටි කාමරයට පැමිණි නාඳුනන අය දැක බියට පත්වූ ඇය ‘උඹලට මොනවද ඕනෑ. අපිට කරදර කරන්නේ නැතිව ඕනෑ දෙයක් අරගෙන යන්න’ යැයි යනුවෙන් පවසා ඇත.
 
මේ අවස්ථාවේ ඇගේ දියණිය අවදිව සිටි බවත් නව හැවිරිදි පුතු අවදි නොවූ බවත් ඇය පොලිසියට පවසා තිබේ. දරුවන්ට හිරිහැර නොකරන ලෙස ඇය ඉල්ලා ඇති අතර සැමියා ඒ මොහොතේ ඇඳ මත පැත්තකට ඇලවී නිදා සිටි බවත් ඇය පොලිසියට පවසා තිබිණි.
 
පසුව පැමිණි නාඳුනන දෙදෙනා ඇගෙන් නිවෙසේ ඇති රත්රන් බඩු ඉල්ලා ඇති අතර එහිදී ඇය ඔවුනට පවසා ඇත්තේ ඇඳ අසල ඇති කුඩා අල්මාරියේ රත්රන් බඩු ඇති බවය. ඒත් නාඳුනන පුද්ගලයන් එම අල්මාරිය විවර කර පරීක්ෂා කළද රන් බඩු එහි තිබී නැත. පසුව ඔවුන් නැවතත් ඇයට තර්ජනය කරමින් රන් බඩු ඉල්ලා ඇති අතර ඒ මොහොතේ ඇය පවසා ඇත්තේ “එතැන නැත්නම් මහත්තයා නිදාගෙන ඉන්න කොට්ටේ ඇතුළේ ඒවා ඇති” යන්නය.
 
ඒ අවස්ථාවේ නාඳුනන පුද්ගලයන් දෙදෙනා ඇය හා කුඩා දියණිය ඒ අසලම තිබූ නාන කාමරය වෙත දමා ‍ෙදාර වසා ඇත.
 
“එයාගේ මහත්තයාගෙ කරේ ලොකු රත්රන් මාලයකුයි සුරයකුයි තිබිලා තියෙනවා. නිදාගන්න යනකොට එයා මාලේ ගලවලා යතුරු කැරැල්ලත් එක්ක නිදාගන්න කොට්ටය ඇතුළට දානවා. කොට්ටේ අස්සේ තිබුණු යතුරු කැරැල්ල බිම වැටෙන සද්දෙත් ඒ වෙලාවේ එයාට ඇහිල තියෙනවා. ඒත් ඒ වෙලාවෙත් පොඩි පුතා ඇඳේ නිදාගෙනයි ඉඳලා තියෙන්නේ”
 
විමර්ශන පවත්වන නිලධාරියෙක් කීවේය.
 
ඉන් අනතුරුව නාඳුනන දෙදෙනා නාන කාමරයේ සිටි ව්‍යාපාරිකයාගේ බිරිය හා දියණිය යළි ඉන් පිටතට ගෙන සාලයට රැගෙන ගොස් හිඳුවා නැවතත් රන් බඩු ඉල්ලමින් සියලුම කාමර හා අල්මාරි පරීක්ෂා කර ඇත. පසුව ඔවුන් නිවෙසින් පිටට ගොස් ඇත්තේ පාන්දර 4 වෙනකම් මෙතැනින් නැඟිටින්නේ නැහැ” යනුවෙන් තර්ජනයද කරමිනි. ඇය පොලිසියට පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා ජනේලය පැත්තෙන් පිටව ගිය බවය.
 
“ඕක තමයි ඒ ගෑනු කෙනා ප්‍රශ්න කරනකොට කියපු කතාව. ඒක ඇත්තද නැද්ද කියලා විමර්ශනය කිරීම තමයි අපේ රාජකාරිය. අපි ඒක තවත් තහවුරු කරගන්න පොඩි ළමයි දෙන්නගෙනුත් ප්‍රශ්න කළා”
 
අපිට එතකොට දැනගන්නට ලැබුණා ඇඳ උඩ හිටිය පොඩි පුතාත් ඒ මොහොතේ අවදියෙන් සිටියත් එයා නින්ද ගිහින් වගේ හිටිය කියලා. තාත්තාගේ ඇඟෙන් එක එකපාරටම වතුර වගයක් එයාගේ ඇඟට විසිවුණා කියලත් ඒ දරුවා කිව්වා.
 
“අපිට වැටහුණා ඒ ව්‍යාපාරිකයාගේ ඔළුවට එල්ල කළ යකඩ පොලු පහර නිසා විසිවුණු ලේ වෙන්න ඇති පුතාගේ ඇඟට වැටෙන්න ඇත්තේ කියලා. ඒත් ඝාතකයන් එයාගේ බිරියට ගහලා තියෙන්නේ දිරච්ච අර කැඩුණු ලී කෑල්ලෙන් කියලා අපි සැක කළා.”
 
කෙසේ වෙතත් විමර්ශන නිලධාරීන් සිද්ධිය වූ මොහොතේ යාබද මහලේ කාමරවල රැඳී සිටි කාන්තාවගෙන් හා තවත් පුද්ගලයන් පස් දෙනකුගෙන්ද ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
 
ඉන්පසු පොලිසියේ අවධානය සී.සී.ටී.වී. කැමරා කෙරෙහි යොමුවිය. ඒත් හෝටලයේ ඇති කිසිදු කැමරාවක කිසිවක් සටහන් වී තිබුණේ නැත. උත්සාහය අත්නොහළ නිලධාරීහු හෝටලයට යාබදව හා ඒ අවට ගොඩනැඟිලිවල සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කළහ.
 
ඒ අනුව යාබද හෝටලයක තිබූ සී.සී.ටී.වී. කැමරාවක ඝාතනය සිදුවූ රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනකු මාවිත්තර, ගුරුගම්මානය දෙස සිට විකල්ප හන්දිය දෙසට කඩිමුඩියේ ගමන් කරන අයුරුත් ඉන්පසු ඔවුන් ත්‍රීවීලර් රථයකට අත දමා එය නතර කර ගන්නට උත්සාහ කරන අයුරුත් සටහන් වී තිබිණි. තවදුරටත් පරීක්ෂා කිරීමේදී මින් එක් පුද්ගලයකු පිටේ ගමන් මල්ලක්ද එල්ලාගෙන සිටින අයුරුද අනෙකා කිසියම් අත තිබූ දෙයක් ඒ අසල ඇති වෙල්යායට වීසි කරන අයුරුද කැමරාවල සටහන් වී ඇත.
 
ව්‍යාපාරිකයා මරාදමා තිබුණේ මොට ආයුධයකින් පහරදී ඇති බවට හෙළි වීම නිසා පොලිසියේ සැකය වූයේ ඝාතකයන් ඒ සඳහා යකඩ පොල්ලක් උපයෝගී කරගන්නට ඇති බවය. එහෙත් එම යකඩ පොල්ල සොයාගැනීමට පොලිසියට හැකි නොවීය. එය නිවෙසේ තිබූ එකක්ද නැතහොත් ඝාතකයන් පිටින් ගෙනා එකක්ද යන්න මෙතෙක් තහවුරු වී නැත.
 
කෙසේ වෙතත් පොලිසියේ සැකය වූයේ එම යකඩ පොල්ල යාබද වෙල්යායට විසි කරන්නට ඇති බවය. ඒ අනුව පොලිසිය එම වෙල්යාය පරීක්ෂා කළද එහි තිබී කිසිදු ආයුධයක් සොයාගැනීමට හැකි වූයේ නැත.
 
පත්‍රය මුද්‍රණයට යන මොහොත වනතුරුත් ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන තිබුණේ නැත. ඒත් විමර්ශන නිලධාරීහු පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වමින් සිටිති.
 
“සිද්ධිය වුණු තැනට ඇඟිලි සටහන් නිලධාරීන් පැමිණ පරීක්ෂා කළා. එතැනදී ඒ නිලධාරීන්ට ජනේලයක තිබිලා ඇඟිලි සලකුණු තුනක් සොයාගන්න හැකි වුණා. අපි ඒ ඔස්සේත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා ඒ ඇඟිලි සලකුණු සැසඳෙන්නේ කාටද කියලා සොයාගන්න. අනෙක අපි සිද්ධිය වුණු තැනට ගල්කිස්සේ නිල සුනඛ “ජෙනී”ව ගෙනාවා. ලේ තැවරුණු ලී කෑල්ල ඉවට දුන්නා. ඒත් සාර්ථක තොරතුරක් ලබාගන්න හැකි වුණේ නැහැ. ජෙනී ගේ ඇතුළෙම කැරකුණා මිසක් පිටතට ගියේ නැහැ.
 
ව්‍යාපාරිකයාගේ බිරියගෙනුත් දරුවන්ගෙනුත් අපි ප්‍රශ්න කළා. ඒත් වැඩි පරස්පරයක් ඒ ප්‍රකාශවල නැහැ. ඒත් අපි තවදුරටත් ප්‍රශ්න කරනවා. සමහර විට ව්‍යාපාරිකයාගේ සමීපතම අයකුගේ සහායෙන් මෙය සිදු කළාද යන්න සැකයකුත් අපිට තියෙනවා. ඒ ගැන තවමත් සොයා බලමිනුයි ඉන්නේ. මේ වෙනකොට තිස් දෙනකුගෙන් විතර ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා”
 
විමර්ශන නිලධාරියකු “මව්බිම”ට කීවේය.
 
පිළියන්දල පොලිසිය පවසන ආකාරයට මියගිය ව්‍යාපාරිකයා හා බිරිය අතර ඇති වූ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් මීට පෙරද පොලිසියට පැමිණිලි දෙකක්ද ලැබී තිබිණි.
 
බිරියගේ නමට තිබූ පිළියන්දල ඉඩමක් බැංකු ණයක් ලබාගැනීම සඳහා තමාට හරවන ලෙස සැමියා ඇගෙන් ඉල්ලා ඇති බවත් ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර ආරවුලක් ඇතිව තිබූ බවත් පසුව ඇය සැමියාගේ ඉල්ලීම ඉවතලා සිය දියණිය සමඟ බොරලැස්ගමුවේ සිය සොහොයුරියගේ නිවෙසට ගොස් එහි නැවතී සිට ඇත. ඒ පසුගිය දෙසැම්බරයේය. ඒ වනවිට ඇගේ පුතා සිට ඇත්තේ සැමියා සමඟය. “පොඩි පුතාට සනීප නැහැ.... ගෙදර එන්න” යැයි පසුව ඔහු සිය බිරියට දැනුම් දී ඇති අතර පසුව ඇය පෙබරවාරි මාසයේ යළි සැමියා සිටි නිවෙසට පැමිණ ඇත. ඒ සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් පාර්ශ්ව දෙකෙන් ලැබී තිබූ බව පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා කීවේය. ඒ හැරෙන්නට වෙනත් කිසිදු පවුල් ආරවුලක් පිළිබඳ පැමිණිල්ලක් නොවීය.
 
කෙසේ වෙතත් විමර්ශන නොමඟ යැවීමට ඝාතකයන් උත්සාහ දරා ඇති බවක් පෙනෙන්නට ඇති බවද පොලිසිය කීය. සැකකරුවන් නිවෙසට ඇතුළු වී ඇතැයි සැක කෙරෙන ජනේලය මීට පෙරද කැඩී තිබූ බවටද තොරතුරු හෙළි වී ඇත. එම ජනේලය අසල පිහිටා තිබෙන කෙටි තාප්පය අසල රබර් වත්තෙන් පැමිණි බවට සැක කෙරෙන ඝාතකයන් මෙය හුදෙක් කොල්ලකෑමක් සිදු කිරීමට පැමිණි එකක් බවට ඒත්තු ගැන්වීමට නිවෙසේ කාමරවල අල්මාරි, ලාච්චු පිටතට ගෙන ඒ තුළ තිබූ භාණ්ඩද පිටතට ඇදදමා තිබූ බවද කියයි. ඒ සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවබෝධයකින් විමර්ශන සිදු කරන බවද කියයි.
 
ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා තිබේ.
 
ගල්කිස්ස කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය මත පිළියන්දල පොලිස් ස්ථානාධිපති සහන් රංජිත් මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායම් දෙකක්ද බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතා ප්‍රමුඛ විමර්ශන කණ්ඩායමක්ද බුද්ධි නිලධාරීන් කණ්ඩායමක්ද මේ අතර සිටිති.
 
බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත මෙම විමර්ශන සිදුකෙරේ.
 
(පොලිස් පරීක්ෂණ ඇසුරෙනි)
මෙම ලිපිය උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..


 
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top