ලබන අගෝස්තු 5 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම අද සිට සිදුකෙරෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ එම කටයුතු අද, හෙට සහ අනිද්දා යන දින තුනේදී සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ලබන 29 වනදායින් අවසන් වීමට නියමිතයි.
එදිනට පසු නිල ඡන්ද දැන්වීමක් නොලැබූ ඡන්ද හිමියන්ට 2019 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලය වෙත ගොස් සිය අනන්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත්‍රය ලබා ගත හැකියි.