බිරිඳ නිදා සිටි කාමරයෙන් ඇසුනු ශබ්දය නිසා හෙළි කරගත්තු දේ..
මිය ගොස් ඇත්තේ සිරිසේන නමැති පෙදරේරු වෘත්තියේ යෙදුනු අයෙක්...
පොලිසි පරීක්ෂණ-වලින් අනාවරණය වූ දේ මෙන්න..
නෑනාගේ නිවසට ගොස් තම එකම දියණිය රැක බලාගන්නා ලෙසට පවසා ඉන්පසු තම නිවසට පැමිණි සැමියා බිරිඳත් සමග රණ්ඩු වී තිබෙනවා.
එහිදී සැමියා විසින් බිරිඳගේ ගෙලට පිහියෙන් ඇන තිබෙනවා. ඉන් අනතුරුව ඔහු නිවස පිටුපස ඇති කොකෝවා ගසක එල්ලී පෙරේදා (09) සියදිවි නසාගෙන ඇති බව වරකාපොළ පොලිසිය පවසනවා.
මෙම සිද්ධියෙන් සියදිවි හානිකර ගෙන ඇත්තේ වරකාපොළ, අඹගල නිවසක පදිංචිව සිටි ගස්පෙ මුදියන්සේලාගේ සිරිසේන නමැති පෙදරේරු වෘත්තියේ යෙදුනු අයෙක්.
මෙසේ මියගොස් ඇත්තේ තුවාල ලැබූ කාන්තාවගේ දෙවන සැමියායි. කලක සිට සැමියාත් බිරිඳත් අතර නිතර නිතර අමනාපකම් ඇතිවී තිබෙනවා.
සිද්ධිය සිදුවූ පෙරේදා පාන්දර තම දියණිය නිදාසිටි කාමරයෙන් කෑ ගසන ශබ්දයක් ඇසී ඇති අතර, එහිදී ඇයගේ මව කාමරයට යනවිට දියණිය තුවාල සහිතව කාමරයේ වැටී සිටින අයුරු දැක තිබෙනවා.
ඉන්පසු ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව තුවාල ලබා සිටි තම දියණිය වරකාපොළ රජයේ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
දිවයින පුවත්පතෙන් උපුටා ගනු ලැබූවකි..