Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
10
දිනකදී මෙරට වැඩිම කොරෝනා ආසාදිතයින් අද වාර්තා වෙද්දී, මුන්දලම රෝහලේ කාර්ය මණ්ඩලයට එම පරිශ්‍රයෙන් පිටවීම තහනම් කළ හේතුව මෙන්න

- දිනකදී මෙරට වැඩිම කොරෝනා ආසාදිතයින් අද වාර්තා වෙද්දී, මුන්දලම රෝහලේ කාර්ය මණ්ඩලයට එම පරිශ්‍රයෙන් පිටවීම තහනම් කළ හේතුව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

71 Views
මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි තවත් 87 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
 
ඊයේ එහි 57 දෙනෙකුට වෛරසය ආසාදනය වූ බව අනාවරණ වූ අතර අද පෙරවරුව වනවිට තවත් 196 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැණුනා.
 
ඊට අමතරව අද පස්වරුවේ විදෙස්ගතව සිට මෙරටට පැමිණි 13 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූවා.
 
මේ අනුව, මෙරටින් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් වන 296 දෙනෙකු අද දිනය තුළ වාර්තා වීම ද විශේෂත්වයක්.

කන්දකාඩු පුනරුත්ථාපන  මධ්‍යස්ථානයට යාබදව ස්ථාපිත කර ඇති කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා.
 
මේ අතර, මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට ගිය බවට හඳුනා ගත් අම්බලන්තොට ප්‍රදේශයේ පුද්ගලයන් 13 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි යූ.පී. මාලක  කියා සිටියේ.
 
මේ අතර, අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරින් 12 දෙනෙකු සහ රැඳවියන් 12 දෙනෙකු එම බන්ධනාගාර පරිශ්‍රය තුළම ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
 
අදාළ රැඳවියන් 12 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමුකර තිබූ අතර, ඔවුන් වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනා ගැණුනු කොරෝනා ආසාදිත රැඳවියා සමග ආශ්‍රිත සබඳතා පවත්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
 
මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පුනරුත්ථාපනය අවසන් කර නිවෙස් වෙත ගිය තවත් පුද්ගලයින් දෙදෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් ද හඳුනාගෙන තිබුණා.
 
ඔවුන් සමග සම්බන්ධ වූ කුරුවිට, කොළොන්න සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල පුද්ගලයන් 17 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවා.
 
වෛරසය සමාජගත වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බැවින් අනිසි බියක් ඇති කර ගැනීමෙන් වළකින්නැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටියා.  
 
මේ අතර, අද පෙරවරුවේ මුන්දලම රෝහලට ඇතුළත් කෙරුණු 22 හැවිරිදි තරුණයෙකු හලාවත රෝහලට මාරු කිරීමේදී සැක කටයුතු ලෙස මියගොස් තිබෙනවා.
 
මොහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක් බවට වාර්තා වන අතර, රෝහල් ගත වන අවස්ථාවේ ස්වශන අපහසුතා සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
 
මියගිය තරුණයාගේ ජෛව සාම්පල පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මහාලිංගම් පාස්කරන් සඳහන් කළා.
 
පසුව, ආරක්ෂිත පියවරක් ලෙස මුන්දලම රෝහල වසා දැමීමට තීරණය කළ ද එය යළි විවෘත කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
 
අදාළ මියගිය පුද්ගලයා සමග සම්බන්ධ වූ පුද්ගලයන් සහ කාර්ය මණ්ඩලය එම පී.සී.ආර් පරීක්ෂණ වල වාර්තාව ලැබෙන තෙක් රෝහල් පරිශ්‍රයෙන් පිට නොවන ලෙසට දැනුම්දී තිබෙනවා.
 
මේ අතර, කොරෝනා දෙවන රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා තවදුරටත් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමේ අවශ්‍යතාව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අද කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළා.
 
මේ අතර, මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 2450ක් ලෙස දැක්වෙන අතර ඉන් 1980 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
 
459 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top