Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
"ඒ තීරණයට එරෙහි වුණු තාත්තා මාව ගෙදරිනුත් එළෙව්වා - මට පුළුවන් විදියට ඒ අතරෙදි හැමදේම ඉගෙන ගත්තා.." - කලකට පසු ජනප්‍රිය රංගන ශිල්පී චන්න පෙරේරා කතා කරයි

- "ඒ තීරණයට එරෙහි වුණු තාත්තා මාව ගෙදරිනුත් එළෙව්වා - මට පුළුවන් විදියට ඒ අතරෙදි හැමදේම ඉගෙන ගත්තා.." - කලකට පසු ජනප්‍රිය රංගන ශිල්පී චන්න පෙරේරා කතා කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,261 Views
"මුලින්ම මගේ හිතේ තිබුණේ යශෝධාව තමයි. නමුත් ඒ දවස්වල ඇය අතිශයින් කාර්යබහුලයි.."
 
"පූජා මේ තත්ත්වයට පත් වෙනවා කියන එක මම ඇයව තෝරා ගනිද්දිම දැන ගෙන හිටියා.."
 
"අපි දෙන්නා ඇයි එකට රඟපාන්නේ නැත්තේ කියලා අහපු බොහෝ දෙනෙක් හිටියා.."
 
චන්න පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නළුවෙක්. ඔහුගේ කඩවසම් පෙනුම සිනමාවට මෙන්ම පුංචි තිරයට කදිමට ගැලපුණා. එහෙත් දැන් ඔහු රගපෑමට වඩා සිනමා අධ්‍යක්ෂණයෙන් එකතු වෙලා ඉන්නේ. ඔහු පුවත්පතක් සමඟ මෙසේ පිළිසඳරක යෙදී තිබෙනවා...

චන්න පෙරේරා කොහොමද කලා ලෝකයට අවතීර්ණ වුණේ?
මම මුලින්ම රඟපෑවේ චිත්‍රපටයක. ඒ දයා විමලවීර මහත්තයගේ සුජාතා චිත්‍රපටයේ. ඒ කාලෙදිම මට ගොළු හදවත ටෙලි නාට්‍යයෙත් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සේ කේ. ඩබ්. පෙරේරා මහත්තයාගේ උණ්ඩය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමේ අවස්ථාව මට ලැබුණා. එහෙම තමයි මගේ ගමන පටන් ගත්තේ.
 
රඟපෑම වෙනුවෙන් චන්න තමන්ගේ රැකියාවෙනුත් අයින් වුණා කියලා අපි අහලා තියෙනවා?
ඔව්. මම ඒ වෙද්දී බැංකුවක රැකියාවක් කළේ. නමුත් ඒ වගේ රැකියාවක් එක්ක රඟපෑම වගේ වෘත්තියක නිරත වෙන්න අමාරුයි. ඒ හින්ද මම රඟපෑම වෙනුවෙන් ඒ රැකියාවෙන් ඉවත් වුණා. ඒ තීරණයට එරෙහි වුණු තාත්තා මාව ගෙදරිනුත් එළෙව්වා. ඒ කාලෙ නම් හරිම දුෂ්කර ජීවිතයක් ගෙව්වේ. මොකද ඒ දවස්වල අවුරුද්දටම එක නිර්මාණයක් වගේ තමයි හම්බ වුණේ. කොහොම වුණත් ඊට පස්සේ මට මේ ගමන එන්න තාත්තගේ උදව්වත් ලැබුණා.
 
සිංහල ටෙලි නාට්‍ය කලාවේ හොඳම ආදරවන්තයෝ දෙන්නා චන්නයි, යශෝධයි කියන එක තමයි වැඩි දෙනාගේ මතය. ඒක ඔබට දැනෙන්නේ කොහොමද?
ගොඩක් අය එහෙම කියනවා. ඊට පස්සෙත් ටෙලි නාට්‍ය කිහිපයක අපි එකට රඟපෑවා. ඒ වගේම අපි දෙන්නා ඇයි එකට රඟපාන්නේ නැත්තේ කියලා අහපු බොහෝ දෙනෙක් හිටියා. ඇත්තටම තවමත් එහෙම අහන අය ඉන්නවා.
 
ටෙලි නාට්‍ය හරහා අතිශයින් ජනප්‍රිය නළුවෙක් වුණු චන්න ඊට පස්සේ ටෙලි නාට්‍යවලින් ඈත් වෙලා සිනමාව පැත්තට යොමු වෙනවා. ඒ වෙනසට හේතුව මොකක්ද?
ඇත්තටම 90 දශකයේ අග භාගය සහ 2000 දශකයේ මුල භාගය වෙන කොට මට කර ගන්න බැරි තරමටම ටෙලි නාට්‍ය තිබුණා. නමුත් ඒ වෙද්දී මට පොඩි වෙනසකුත් වුවමනා කරලා තිබුණා. ඒ වගේම මම රඟපෑමට යොමු වුණු මුල් දවස්වල ඉඳන්ම කලාව සම්බන්ධ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම රංගනයේදි කාලය නාස්ති කෙරුව නළුවෙක් නෙවෙයි. මට පුළුවන් විදියට ඒ අතරෙදි හැමදේම ඉගෙන ගත්තා. ඒ දේවල්වලින් ප්‍රයෝජන ගන්න තමයි 2000දි මම පුංචි වීරයෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළේ. එතැනදී මට පොඩි ළමයින් අතරේ විශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. ඊට පස්සේ මම ටෙලි නාට්‍ය කිහිපයක්ම අධ්‍යක්ෂණය කළා. ඒ අත්දැකීම් ඔක්කොම එකතු කර ගෙන තමයි 2006දි මගේ මුල්ම චිත්‍රපටය විදියට අංජලිකා අධ්‍යක්ෂණය කළේ.
 
අංජලිකා චිත්‍රපටය හරහා ලංකාවට තවත් දක්ෂ නිළියක් හඳුන්වා දීමත් ඒ හරහා සිද්ධ වුණා. ඇයි අංජලිකා චිත්‍රපටයට විදේශීය නිළියක් ගෙනාවේ.
මට ඕනෑ වුණේ අපේ සිනමාව ජාත්‍යන්තරයට ගෙන යන්න. මම අවුරුදු ගණනක් ඒ සඳහා අපේ නිළියක් හෙව්වා. මුලින්ම මගේ හිතේ තිබුණේ යශෝධාව තමයි. නමුත් ඒ දවස්වල ඇය අතිශයින් කාර්යබහුලයි. ඒ හින්දා මගේ චිත්‍රපටයට වෙනත් කෙනෙක් හොයන්න මට සිද්ධ වුණා. ඒ වෙලාවේ අහම්බයකින් තමයි පූජා උමාශංකර් මුණගැහුණේ. මං හෙව්ව නිළිය ඇය කියන එක මට තේරුණා. හැබැයි ඒ වෙද්දී ඇය ඉන්දියාවෙවත් ජනප්‍රිය නිළියක් නෙවෙයි. ඒත් අද වෙද්දී පූජා ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවෙත් ජනප්‍රිය චරිතයක්. පූජා මේ තත්ත්වයට පත් වෙනවා කියන එක මම ඇයව තෝරා ගනිද්දිම දැන ගෙන හිටියා.
 
චන්න පෙරේරා කියන්නේ අද වෙද්දී අත්දැකීම් බහුල ප්‍රවීණ කලාකරුවෙක්. නමුත් වර්තමාන ටෙලි නාට්‍ය කලාව ගැන බොහෝ දෙනාගේ විවේචන තියෙනවා. චන්න කොහොමද ඒ තත්ත්වය දකින්නේ?
මෙහෙමයි. දක්ෂ නළු නිළියෝ රැසක් අපිට ඉන්නවා. ඒකේ විවාදයක් නැහැ. නමුත් ඔවුන්ට රඟපාන්න හොඳ නිර්මාණ බිහිවෙනවාද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ හොඳ නිර්මාණ බිහි නොවෙනවා කියන එක නෙවෙයි. තවමත් ඉතාම හොඳ නිර්මාණ අපේ රටේ බිහි වෙනවා. නමුත් බහුතරය එහෙම නැහැ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. එකම නාට්‍යය කොටස් 500ක්, 600ක් විතර යද්දී ඒකේ ගුණාත්මකභාවය රැක ගන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. පිටරටවල නම් 50ක, 60ක වගේ පිරිසක් එකතු වෙලා තමයි ඒ වගේ නාට්‍යයක තිර පිටපත ලියන්නේ. ඒ වගේම ඉස්සර විනාඩි 20ක ටෙලි නාට්‍ය කොටසක් රූගත කරන්න දවස් දෙකක් විතර යනවා. නමුත් දැන් එක දවසට ඒ වගේ කොටස් දෙකක් හෝ තුනක් රූගත කරනවා. මොකද දැන් තියෙන්නේ අති විශාල තරගයක්.
 
ඉදිරියේදී අපිට චන්න පෙරේරාව කලාව තුළින් දකින්න ලැබෙන්නේ මොන විදියටද?
මම චිත්‍රපට කිහිපයකම රඟපාලා තියෙනවා. ඒවා ඉදිරියේදී තිරගත වේවි. ඒ වගේම මම අධ්‍යක්ෂණය කරපු අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතු ඉවර කළා. ඒ චිත්‍රපටය හැකි ඉක්මනින්ම රසියකයන් අතරට පත් කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ තමයි යුගාත්‍රා. ඒක වෙනස්ම කතාවක් රැගත් චිත්‍රපටයක්. ආත්ම දෙකක ආදර කතාවක් තමයි ඒ හරහා කතා කරන්නේ. ආදරය, ත්‍රාසය, කුතුහලය වගේ හැම දෙයක්ම එහි ඇතුළත් වෙනවා. නමුත් බෞද්ධ දර්ශනය තමයි එහි ගැඹුරින් කතා වෙන්නේ. තරුණ පරපුරේ නළු, නිළියන් රැසක් රඟපාන ඒ චිත්‍රපටයත් රසිකයෝ ආදරයෙන් වැලඳ ගනීවි කියලා මම හිතනවා.
 
චන්දන පොන්නම්පෙරුම
"මව්රට" පුවත්පතේ "හාර්ට්" අතිරේකයෙන්...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top