Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
"නිවසේ හිටපු සමීපතමයෙකු ඝාතනයට සම්බන්ධයි - CCTV දර්ශණ-වල සටහන්ව තිබූ දේ මෙන්න" - කැස්බෑව රත් කළ සුපිරි කෝටිපතියාගේ අභිරහස් ඝාතනය ගැන තවත් තොරතුරු එළියට - Video

- "නිවසේ හිටපු සමීපතමයෙකු ඝාතනයට සම්බන්ධයි - CCTV දර්ශණ-වල සටහන්ව තිබූ දේ මෙන්න" - කැස්බෑව රත් කළ සුපිරි කෝටිපතියාගේ අභිරහස් ඝාතනය ගැන තවත් තොරතුරු එළියට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,701 Views
"ඔවුන් මුහුණු වසාගෙන යාමට උත්සහයක් දරනවා.. කැමරා-වලින් ඒක පේනවා.."
 
ඝාතනය සිදු වූ අවස්ථාවේ නිවසේ සිටි ආගන්තුකයින් පස් දෙනා කවුද ?
 
13 හැවිරිදි දියණියගෙන් හා 9 හැවිරිදි පුතුගෙන් ප්‍රශ්න කිරීමේ සුදානමක්...!!
 
කැස්බෑව මාවිත්තර කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරකට අමතරව බුද්ධි නිලධාරින්ද යොදවා ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළා.
 
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් හා ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානාත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.
 
ඝාතනයට ලක් වූ ව්‍යාපාරික ප්‍රසන්න සාගර කුමාර 51 මහතාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව කැස්බෑව ගුරු ගම්මාන පාරේ පිහිටි ඔහුගේ නිවසට යාබද උත්සව ශාලාවේ තැන්පත් කර තිබෙනවා.

හිසට මොට්ට ආයුධයකින් අධික ලෙස රුධිරය වහනය මරණයට හේතුව බවත් සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂකට යොමු කළ බවත් පිළියන්දල පොලිසියට සඳහන් කළා.
 
ඝාතනය සිදු වූ දින රාත්‍රීයේ පුද්ගලයින් දෙදෙනෙකු මාවිත්තර ගුරු ගම්මානය දෙස සිට විකල්ප හන්දිය දෙසට පා ගමනින් කඩිමුඩියේ ගමන් කරන අයුරු සටහන් සිසීටීවී දර්ශනයක් ඔස්සේ එම දෙදෙනා හඳුනා ගැනීමට දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.
 
ඔවුන් දෙදෙනා කඩිමුඩියේ පැමිණෙන අතර වාරයේදී ඉදිරියට පැමිණෙමින් ත්‍රීරෝද රථයකට අත දමා නතර කිරීමට උත්සහා දැරීමත් එම සීසීටීවී දර්ශනවලින් පෙන්නුම් කරන බව එම නිලධාරියා සඳහන් කළා.
 
එලෙස පැමිණෙන එක් අයෙකුගේ පිටෙහි ගමන් බෑගයක් එල්ලාගෙන සිටින අයුරු ද අනෙක් පුද්ගලයා අත රැඳී යමක් අසළ වෙල්යායට විසි කරන ඔවුන් සීසීටීවී කැමරාවලට හසු නොවී මුහුණූ වසාගෙන යාමට දරණ උත්සහයක් ද එහි දක්නට ඇතැයි පොලිසිය පවසනවා.
 
පොලිස් නිලධාරින් රැසක් පෙරේදා (08) පෙරවරුවේ එම වෙල්යාය පුරා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුවත් කිසිම දෙයක් සොයා ගැනීමට නොහැකිව තිබෙනවා. ව්‍යාපාරිකයාගේ ඝාතනය නිවසේ සිටි සමීපතමයෙකුගේ සහායෙන් සිදු කළ බවට දැනට සිදු කළ විමර්ශනවලින් බොහෝදුරට තහවුරු කළ හැකි තොරතුරු ලැබෙමින් පවතින බව සඳහන්.
 
ව්‍යාපාරිකයා නිවස තුළ ඝාතනය වන අවස්ථාවේදී හෝටලයේ සිටි සේවකයින් කාමර දෙකක රැඳී සිටි කාන්තාවක ඇතුළු ආගන්තුකයින් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ මෙන්ම ඇඟිලි සටහන් හා පා සටහන් ද ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.
 
ඊට අමතරව ව්‍යාපාරිකයාගේ වයස අවුරුදු 11 හා 7 සීමාවල පසුවන දරු දෙදෙනාගෙන් ප්‍රකාශ ගැනීමට කටයුතු කරන බව පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
 
සිද්ධියෙන් සුළු තුවාල ලද බව කියන කළුබෝවිල ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන ව්‍යාපාරිකයාගේ බිරිඳගෙන් ඇතුළු තිස් දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවා.
 
බිමල් ශ්‍යාමල් ජයසිංහ
උපුටා ගැනීම - ලංකාදීප පුවත්පත
 
ලංකාදීප පුවත්පතේ මීට පෙර සඳහන්ව තිබු වාර්තාව පහතින්....
 
ඝාතනයට ලක් වූ මෙම ව්‍යාපාරිකයා සතුව හෝටලයක් නිවසට යාබදව පවත්වාගෙන ගොස් ඇති අතර එම ව්‍යාපාරික ගොඩනැගිල්ලේම දකුණු කෙළවර පිහිටා තිබෙන තෙමහල් නිවසේ දෙවැනි මහලේ එකම කාමරයක එකිනෙකාට යාබඳව තිබෙන ඇඳන් දෙකක බිරිඳ හා දරු දෙදෙනාද සමඟ නිදා සිටියදී මෙසේ ඝාතනය කර ඇති බව සඳහන්.
 
එම අවස්ථාවේ ඇගේ නළලිල් ලේ ගලමින් තිබී ඇතැයිද 13 හැවිරිදි දියණිය හා 9 හැවිරිදි පුතාද පැමිණ ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
 
සිද්ධිය වූ දින අලුයම හතරට පමණ ව්‍යාපාරිකයාගේ බිරිඳ හෝටලයේ ගෙයි සේවය කරන වයෝවෘද්ධ අඹුසැමි යුවළ නිදා සිටි කාමරය වෙත ගොස් ඔවුන් අවදි කර "අනේ අපිව බේරගන්න" යනුවෙන් කෑ ගසා ඇතැයි පොලිසිය පැවසුවා.
 
ඒ අවස්ථාවේදී එම වයෝවෘද්ධ සේවකයා හෝටලයේ සේවය කරන තවත් සේවකයෙකු සමඟ නිවසට ගොස් සොයා බැලීමේදී ව්‍යාපාරිකයා ඇඳ මත උඩුබැලි අතට සිටි බවත්, ඔහුගේ හිසෙන් ලේ ගලමින් තිබූ බවත් සේවකයා පවසා තිබෙනවා.
 
නිලධාරින් සිදු කළ මූලික විමර්ශනවලදී තෙමහල් ගොඩනැගිල්ලේ නිවස පිහිටා තිබෙන දකුණු පස පහළ මහලේ ජනේලයක් කඩා කිසියම් පුද්ගලයෙකු නිවසට ඇතුළු වී මෙම අපරාධය කළ බව බොහෝ දුරට සැක කළ හැකි බව ද පොලිසිය කියනවා.
 
ව්‍යාපාරික බිරිඳ නිදාගෙන සිටි කොට්ටය අසළ අඩියක් පමණ දිග පොලු කැබැල්ලක් තිබූ බවද පොලිසිය සඳහන් කරනවා.
 
ව්‍යාපාරිකයාට පහර දීමට යොදා ගත් බව කියන ලේ තැවරුණු පොල්ලක්ද තිබී පොලිසියට බාරයට ගෙන පොලිස් නිල සුනඛ ජෙනිට ඉවකිරීමට සලස්වා ඇති අතර නිල සුනඛයා නිවස තුළ ගමන් කර ඇතත් නිවසින් පිටතට ගොස් නොමැති බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසුවා.
 
පොලිස් නිල සුනඛයා ලබා දුන් එම හෝඩුවාව ඔස්සේ පරීක්ෂණ නව මඟකට යොමු කර ඉදිරි පරීක්ෂණ පවත්වාගෙන යන බව එම නිලධාරියා සඳහන් කළා.
 
ඝාතකයා ගැන පොලිසියට තවමත් හෝඩුවාවක් ලැබී නැහැ. මේ අතර ව්‍යාපාරික යුවළගේ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට පසුගිය මාස කිහිපය තුළ පැමිණිලි දෙකක් ද ලැබී ඇති බව පිළියන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා සඳහන් කළා.
 
(බිමල් ශ්‍යාමන් ජයසිංහ - ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය.)


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top