Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
ඝාතනය සිදු කරලත් රූපවාහිනියේ පිරිත් අසමින් ඉඳලා - සිය බිරිඳ වූ 36 හැවිරිදි නදීකාව, රේඩියෝ වයරයකින් ගෙල සිර කර මරා දැමූ පාපතර සැමියෙකු කළ අපරාධය

- ඝාතනය සිදු කරලත් රූපවාහිනියේ පිරිත් අසමින් ඉඳලා - සිය බිරිඳ වූ 36 හැවිරිදි නදීකාව, රේඩියෝ වයරයකින් ගෙල සිර කර මරා දැමූ පාපතර සැමියෙකු කළ අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,656 Views
ටික වෙලාවකින් බෑග් එකක් එල්ලාගෙන ඇවිත්, "ගෙදර යනවා" කිව්වා..
 
නානකාමරේ පිටිපස්සේ කාමරේ ඉටි රෙද්දකින් මොකද්දෝ වහලා තිබුණා..
 
අට හැවිරිදි දරුවාවත් රත්නපුර ගෙදරට ගිහින් නවත්තලා..
 
බිරියගේ ගෙල වයරයකින් සිරකර සිරුර නානකාමරයේ පිටුපස දැමූ බව කියන සැමියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව බුලත්සිංහල පොලිසිය සඳහන් කළා.
 
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ බුලත්සිංහල පහළ වෙල්ගම පදිංචිව සිටි ගමගේ නදීකා නිසංසලා නම් 36 හැවිරිදි එක්දරු මවක්.
 
ප්‍රේම සම්බන්ධතාවයක් මත මොවුන් විවාහ වී ඇති අතර ඇති වූ පවුල් ආරවුල් පිළිබඳ බුලත්සිංහල පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසු දෙදෙනා සාමදානව පවුල් ජීවිතය ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර පුද්ගලයා ඉකුත් 7 වැනිදා අට හැවිරිදි දරුවා රැගෙන ඔහුගේ ගම් ප්‍රදේශය වන රත්නපුර නිවිතිගලට ගොස් දරුවා එහි තබා පෙරේදා රාත්‍රී 7ට පමණ මෙම නිවසට පැමිණ බව මෙම කාන්තාවගේ පියා පොලිසියට ලබා දුන් ප්‍රකාශයක සඳහන්.
 
එලෙස නිවසට පැමිණි පුද්ගලයා මඳ වේලාවකින් සිය දියණිය සමඟ නිවසේ සාලයේ පුටුවක වාඩි වී රාත්‍රී ආහාරය ගනිමින් රූපවාහිනිය නැරඹූ බව එම පුද්ගලයා සිදු කළ ප්‍රකාශයේ සඳහන්.
 
රාත්‍රී නින්දට ගොස් ඊයේ අළුයම අවදිව රූපවාහිනියේ පිරිත් දමා පිරිත් අසමින් සිටියදී සිය බෑනා නිවස පිටුපසට යනු දුටු බවත්, මඳ වේලාවකදී බෑගයක්ද එල්ලාගෙන පැමිණ "ගෙදර යනවා" කියා පැවසූ බවත් ''රත්නපුරේ ගෙවල් හදනවා'' යැයි පවසා තිබූ බවත් පොලිසිය සඳහන් කළා.
 
මඳ වේලාවකදී සහෝදරයා අවදිව මස්සිනා හා සිය සහෝදරිය නිවස තුළ මෙන්ම ඉන් පිටත සිටිදැයි සොයා බැලීමේදී නිවස පිටුපස කාමරයේ අසළ කළුපාටට හුරු ඉටි කොළයකින් යමක් වසා තිබෙන අයුරු දැක එය පරීක්ෂා කිරීමේදී සිය සහෝදරිය මැරී සිටින අයුරු දැක තිබූ බව පොලිස් නිලධාරියෙකු සඳහන් කර සිටියා.
 
පොලිසිය පැමිණ සිදු කළ පරීක්ෂාවේදී කාන්තාවගේ නිකට ප්‍රදේශයේ තුවාලයක් දක්නට ලැබී තිබෙනවා.
 
ඝාතනයට යොදා බවට සැක කෙරෙන රේඩියෝවක හෝ කැසට් රෙකෝඩරයක විදුලි පේනුව හා සම්බන්ධ වන වයරයක් හා අඩි තුන හතරක් දිගැති පොල්ලක් නිවසේ බුලත් කොටුවක් තුළ තිබී පොලිසිය මඟින් සොයා ගත් බව පොලිස් නිලධාරියෙකු පැවසුවා.
 
ඝාතනයෙන් අනතුරුව පලා ගිය සැකකරු 2008 වසරේදී හොරඹ පොලිස් වසමේ නිවසකට සොරකමේ ගිය අවස්ථාවේදී වයෝවෘද්ධ නිවෙස් හිමිකාරිය ඒ බව දැකීමත් සමඟ ඇගේ ගෙලද වයරයකින් සිරකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු බව ද එම නඩුව පානදුර මහාධිකරණයේ මේ වන විටත් විභාග වන බව එම පොලිස් නිලධාරියා සඳහන් කළා.
 
ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.
 
බිමල් ශ්‍යමල් ජයසිංහ
ප්‍රේමතිලක පෙරමුණ
ලක්ෂ්මි කුඹල්ගම
(මෙම ලිපිය උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්.)
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top