Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
"මම අන්ඩකවර් හිටියේ. සහරාන් සමඟ පැය දෙක හමාරක් සාකච්ඡා කළා. රහසිගතව මම ඒක පටිගත කළා. මේ තොරතුරු දැනුම් දුන්නොත් හමුදාවෙන් පවා ඉවත් වෙන්න වෙයි කියලා මට කෙනෙක්ගෙන් උපදෙසක් ලැබුණා..." - යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩල විශේෂ සාක්ෂිකරුවෙකු පාස්කු කොමිසම හමුවේ සහරාන් ගැන කළ හෙළිදරව්ව

- "මම අන්ඩකවර් හිටියේ. සහරාන් සමඟ පැය දෙක හමාරක් සාකච්ඡා කළා. රහසිගතව මම ඒක පටිගත කළා. මේ තොරතුරු දැනුම් දුන්නොත් හමුදාවෙන් පවා ඉවත් වෙන්න වෙයි කියලා මට කෙනෙක්ගෙන් උපදෙසක් ලැබුණා..." - යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩල විශේෂ සාක්ෂිකරුවෙකු පාස්කු කොමිසම හමුවේ සහරාන් ගැන කළ හෙළිදරව්වHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,882 Views
"අනෙකුත් ජාතින් අතින් මුස්ලිම් ජාතියට බලපෑම් එල්ලවන බව ඔහු කිව්වා."
 
"ෂරියා නීතිය ගැන කියූ ඔහු, ලාංකිකයෙකු ලෙස පෙනී සිටීම ඔහු ප්‍රතික්ෂේප කළා.."
 
"මා මද්‍රසා පාසල්වලට ගියා. මට බොහෝ මුස්ලිම් අන්තවාදීන් හමුවුණා.."
 
මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් සකස් කළ නිබන්ධනයක් මඟින් සහරාන්ගේ අන්තවාදී ක්‍රියා ගැන දැනගෙන සිටි බැවින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල වීමට ආසන්න කාලයේදී සහරාන් හා මුස්ලිම් අන්තවාදී ක්‍රියා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ බව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරුවෙක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (09) ප්‍රකාශ කළා.
 
එහිදී රජයේ නීතිඥ ඇසූ ප්‍රශ්නවලට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරු මෙසේ පිළිතුරු ලබා දුන්නා.

රජයේ නීතිඥ - සහරාන්ලා ගැන බුද්ධි සමාලෝචන රැස්වීම්වලදී සාකච්ඡා කර තිබුණ ද?
 
සාක්ෂිකරු - අපිට ලැබුණු බුද්ධි තොරතුරු න්‍යාය පත්‍රයට ඇතුළත් කර සහරාන්ගේ අන්තවාදී ක්‍රියා ජාතිකර ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන බව අපි දැනුම් දී සිටියා. අවස්ථා දෙකකදී අපි සහරාන් ගැන න්‍යාය පත්‍රයට ඇතුළත් කළා. පාස්කු ප්‍රහාරයට පෙර මාර්තු මාසයේදී අපි විශේෂ අවධානයකින් සිටියා. 2013 වසරේදී මා මුස්ලිම් අන්තවාදය ගැන නිබන්ධනයක් කර කරුණු අවබෝධ කරගෙන සිටි නිසා එසේ කළා.
 
මගේ නිබන්ධනයට අවශ්‍ය තොරතුරු රුස්කිරීම සඳහා 2013 ඔක්තෝම්බර් මාසයේ මා තවත් බුද්ධි නිලධාරියෙකු සමඟ සහරාන් හමුවුනා. ඒ අනුව මා සහරාන් ගැන හොඳට දැනගෙන සිටියා. සහරාන්ගේ ක්‍රියා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන බව මුල සිට මා තක්සේරු කර තිබුණා.
 
විනිසුරු මඬුල්ල - ඔබ බුද්ධි අංශ නිලධාරියෙකු බව හමවූ අවස්ථාවේ සහරාන් දැන සිටියා ද?
 
සාක්ෂිකරු - නැහැ. මා අන්ඩකවර් හිටියේ. හමුදා බුද්ධි අංශයේ මෙහෙයුම්වල සිටි අනන්‍යතා හෙළි නොවී තිබූ මුස්ලිම් නිලධාරියෙකු හරහා තමයි මා සහරාන් හමුවුණේ.
 
රජයේ නීතිඥ - ඔබ සහරාන් සමඟ සාකච්ඡා කළේ මොන වගේ කරුණු ගැනද?
 
සාක්ෂිකරු - සහරාන් සමඟ මා පැය දෙක හමාරක් පමණ සාකච්ඡා කළා. රහසිගතව අපේ කතාව මා පටිගත කළා. අනෙකුත් ජාතින් අතින් මුස්ලිම් ජාතියට බලපෑම් එල්ලවන බව ඔහු කිව්වා. බොදුබල සේනාවේ ක්‍රියා සහ ඥානසාර හිමියන් ගැන ද ඔහු සඳහන් කළා.
 
මුස්ලිම් ජනතාව මුහුණ දෙන ගැටළු ගැන දේශපාලන අධිකාරිය කිසිදු පියවරක් ගන්නේ නැති බවද සහරාන් කිව්වා. පාඨලී චම්පික හිටපු අමාත්‍යවරයා මුස්ලිම් අන්තවාදය ගැන ලියපු කෘතියක් මෙරට තුළ තහනම් කළ යුතු බව ද ඔහු කිව්වා.
 
අනෙකුත් ජාතින්ගේ සංස්කෘතින් සමඟ එකතු වී කටයුතු කිරීමට අනවශ්‍ය බව ද මෙරට තුළ ෂරියා නීතිය ස්ථාපිත කොට සියලු දෙනා එම ආගම භාවිතා කළ යුතු බව සහරාන් දැඩිව කියා සිටියා. ලාංකිකයෙකු ලෙස පෙනී සිටීම ඔහු ප්‍රතික්ෂේප කළා.
 
මා කළ සොයා බැලීමකදී සෞදි අරාබිය හා ඉරානය හරහා සහරාන්ලාට විදේශ ආධාර ලැබී ඇති බව අනාවරණය කරගැනීමට හැකි වුණා.
 
විනිසුරු මඬුල්ල - අන්තවාදය ත්‍රස්තවාදය දක්වා වර්ධනය වීමෙදී වෙනත් ජාතියක් ලෙස වෙන්වීම යන කාරණය ඉස්මත්තට පැමිණෙනවා නේද ?
 
සාක්ෂිකරු - සහරාන් කතා කර තිබුණේ ඒ ගැන තමයි..
 
විනිසුරු මඬුල්ල - 2013 දී ඔබ සහරාන් ගැන දැනගත් පසුව ඒ ගැන ආරක්ෂක අමාත්‍යංශය හෝ බුද්ධි අංශ දැනුවත් කිරීමක් කළාද ?
 
සාක්ෂිකරු - නැහැ. මේ තොරතුරු දැනුම් දුන්නොත් යුද හමුදාවෙන් පවා මට ඉවත් වීමට සිදුවේවි යැයි මට යම් අයෙකුගෙන් උපදෙසක් ලැබුණා. 2015 වසරින් එවකට හිටපු රජය අවධානය යොමු කළේ මුස්ලිම් අන්තවාදයට වඩා ජාතීන් අතර සහජීවනය හා අවතැන්වූවන් නැවත පදිංචි කරවීම ගැනයි.
 
විනිසුරු මඬුල්ල - සහරාන් දැරූ අන්තවාදී මත දරන වෙනත් පුද්ගලයින් ඔබට හමුවුණාද ?
 
සාක්ෂිකරු - ඔව්.. මා මද්‍රසා පාසල්වලට ගියා. මට බොහෝ මුස්ලිම් අන්තවාදීන් හමුවුණා. මද්‍රසා පාසල්වලට විශාල විදේශ ආධාර ලැබිලා තිබුණා. ඒ වගේම විදේශීය දේශකයින් මද්‍රදා පාසල්වලට පැමිණෙමින් මද්‍රසා පාසල්වලට පැමිණ විවිධ දේශන පවත්වමින් සිටියා. පසු කලෙක විදෙස් දේශකයින් මෙරටට පැමිණීම නියාමනය කළා යැයි කියා සිටියා.....
 
"දසුන් රාජපක්ෂ"
මෙම ලිපියේ උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්...

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top