Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
09
"බන්ධනාගාර බස් එක බ්ලොක් කරලා පොඩි ලසීට ගහනවා - මරන්න ඕනි කෙනා කවුද කියලා තාරක කිව්වේ නෑ.." - පොඩි ලසීව මරන්න බන්ධනාගාරය ඇතුළේ ඉඳන්, පාතාලයේ කෙරුමෙකු වූ කොස්ගොඩ තාරක ගහපු ගේම, එකින් එක එළියට

- "බන්ධනාගාර බස් එක බ්ලොක් කරලා පොඩි ලසීට ගහනවා - මරන්න ඕනි කෙනා කවුද කියලා තාරක කිව්වේ නෑ.." - පොඩි ලසීව මරන්න බන්ධනාගාරය ඇතුළේ ඉඳන්, පාතාලයේ කෙරුමෙකු වූ කොස්ගොඩ තාරක ගහපු ගේම, එකින් එක එළියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,833 Views
"වෙනම අරගත්ත ආරක්ෂිත නිවසක් - අනියම් බිරිය මෙහි නිතරම කල් ගෙවන්නේ නැහැ.."
 
CIDය අත්අඩංගුවට ගත් "පොට්ට කපිල" සියල්ල වමාරයි...
 
ටී 56 වර්ගයේ ගිනි අවියක්, පිස්තෝලයක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අත්බෝම්බ 4ක්,..
 
දෙදහස් දාහත වර්ෂයේ ඔක්තෝම්බර් මස 29 වැනිදාට එළි වූයේ මුළු රටම භීතියට පත් කරමිනුයි. ඒ.. ඇල්පිටිය පොලිස් කොට්ඨාශයේ නිවාස කිහිපයකට ඇතුළු වූ තුවක්කුකරුවන් පිරිසක් එකම පවුලේ පියා පුතුන් දෙදෙනා ඇතුළු සිව් දෙනෙකු ‍ඝාතනය කර තවත් කිහිප දෙනෙකුට තුවාල කළ බවට ප්‍රචාරය වූ ප්‍රවෘත්තියක් වූ නිසයි.
 
විමර්ශනවලදී හෙළි වූයේ මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ ගාල්ල ඇල්පිටිය ආශ්‍රීතව ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි අතරින් ධර්මකිර්තී තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ප්‍රමූඛ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.
 
මොවුන් සොයා මෙහෙයුම් දියත් කළ ද අල්ලා ගැනීමට හැකි වූයේ නැහැ. එහෙත්..... කොස්ගොඩ තාරක නොයෙක් ක්‍රම ඔස්සේ පණිවුඩ යවමින් කියා සිටියේ තමා පොලිසියට කොටුවීමට පෙර බන්ධනාගාර බස් රථය හරස් කොට ප්‍රහාර එල්ල කර ගාල්ල බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරව සිටින අපරාධ කල්ලි නායකයෙකු වන අරුමාහන්දි ජනිත් මධුශංඛ ද සිල්වා නොහොත් පොඩි ලසී මරා දමන බවයි.

ඒ වන විට පොඩි ලසී අතින් ඝාතනය වූ පුද්ගල සංඛ්‍යාව හත අටකටත් වැඩියි. ඔවුන් අතර කුඩා දරුවෙකු ද සිටියා. එලෙස අනුන්ගේ ජීවිත තුට්ටුවකට නොතකා විනාශ කර දැමූ පොඩි ලසී මේ පුවත අසා වෙව්ලන්නට පටන් ගත්තා.
අනතුරුව පොඩි ලසී අධිකරණයට රැගෙන ඒම සඳහා වත්මන් ජනාධිපතිවරයාට වත් නැති ආරක්ෂාවක් යෙදවීමට බලධාරින් පියවර ගත්තා.
 
කාලය ගෙවී ගියා. තාරක ඇල්ලීමක් පොලිසියට නොහැකි වූ අතර පොඩි ලසී ඝාතනයට තාරකට හැකියාව ලැබුණේ නැහැ.
 
මාස අටකට ආසන්න කාලයක් සැඟව සිටි තාරක ඇතුළු කල්ලිය යළි කරළියට එන්නේ මාතර නගරයේ පිහිටි රන් ආභරණ වෙළඳසැලක් කොල්ලකෑමට පැමිණීමත් සමඟයි.
 
මහා දවල් සිදුවූ මෙම කොල්ලය මැඬලීම සඳහා මාතර පොලිසියේ කණ්ඩායමක් පැමිණියත් ඔවුන් අතරින් අවි තිබුණේ එක් අයෙකු අත පමණයි.
 
තාරක ඇතුළු කල්ලිය පොලිසියට වෙඩි තබන්නට වූ අතර ඉන් එක් නිලධාරියෙක් මිය ගියා.
 
මේ ගැටුමේදී තාරක ඇතුළු කිහිප දෙනෙකුම වෙඩි පහරවලින් තුවාල ලැබුවා. නමුත් මොවුන් තුවාල වන්නේ පොලිස් වෙඩි පහරවල් වලින් නොව ඔවුනොවුන් පොලිසියට එල්ල කළ වෙඩි පහර වැදීමෙන් බව පෙනෙන්නට තිබුණා.
 
එම ස්ථානයෙන් පලා යන තාරක, ඔහුගේ මල්ලි ඇතුළු කිහිප දෙනෙකු වෙඩි වැදීමෙන් වූ තුවාලවලට ප්‍රතිකාර කර ගැනීමට ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් වුණා.
 
මොවුන් අත්අඩංගුවට පත් වන්නේ එලෙසිනුයි.
 
බන්ධනාගාර ගත කෙරුණු තාරක ඇතුළේ සිටිමින් කරන අපරාධ මෙහෙයවීම වැළැක්වීම පිණිස ආරක්ෂිත යැයි සැලකෙන බන්ධනාගාර කිහිපයකට මාරු කළා. එහෙත් ඒ සෑම බන්ධනාගාරයක සිටම මොහු එළියේ සිටින තම කල්ලිය මෙහෙයවූයේ ජංගම දුරකථන භාවිතා කරමින්.
 
කොපමණ කාලයක් ගෙවී ගියත් සිය විරුද්ධවාදීන් ගැන මොහුගේ වෛරය කෙළවර වී නැති බව තහවුරු වූයේ පසුගිය 29 වැනිදා හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි ලී බඩු වෙළඳ සලකින් ගිනි අවි 12ක් හමුවීමත් සමඟයි.
 
මෙම ගිනි අවි පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බලකාය ට තොරතුරු ලැබෙන්නේ සැකපිට අත්අඩංගුවට ගත් පොට්ට කපිල යන අයගෙන් ප්‍රශ්න කිරීමේදී යි.
 
ඔහු කොස්ගොඩ තාරකගේ ළඟම ගෝලයෙක්.
 
ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා තිබුණේ ඉකුත් මැයි මාසයේ කොස්ගොඩ තාරක තමාට ගිනි අවි 19ක් ලබා දුන් බවයි. ඉන් හතක් තාරකගේ කීමට අනුව වෙනත් අයකුට බාර දුන්නත් ඒ කාටද යන්න තමා නොදන්නවා බව ද හෙතෙම පවසා තිබෙනවා.
 
මැයි මාසය මෙරට ඇඳිරි නීතිය පනවා තිබූ මාසයක්. බලපත්‍රයක් නොමැතිව පාරට බැසීමට නොහැකි තත්ත්වයක් පවතිද්දී ද සංවිධානාත්මක අපරාධ කල්ලි අවි ආයුධ එහා මෙහා ගෙන යාම සිදු කර ඇත්තේ කෙලෙස ද?
 
ප්‍රශ්න කිරීමේදී පොට්ට කපිල පවසා තිබුණේ මෙම අවි දොළහ බාර දිය යුත්තේ කාටද යන්න පිළිබඳ තාරකගෙන් උපදෙස් ලැබෙන තුරු මෙම ස්ථානයේ සඟවා තිබූ බවයි.
 
"බන්ධනාගර බස් එකක් බ්ලොක් කරලා කාවද මරන්න ඕන කියලා තමයි මේ වෙපන් ටික හංඟලා තියන්න කිව්වේ.." පොට්ට කපිල එලෙස හෙළි කර තිබෙනවා.
 
එහෙත් ඔහු පවසන්නේ මරා දැමීමට අවශ්‍ය දැනට බන්ධනාගාරයේ සිටින පුද්ගලයා කවුදැයි යන්න තමන් නොදන්නා බවයි.
 
මෙම අවි සඟවා තිබූ ලී බඩු වෙළඳසැල හිමි ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගත් අතර ඔහුගේ අනියම් බිරියගේ නිවසින් ද අවි ගබඩාවක් මතු වුණා.
 
සැකකාර ව්‍යාපාරිකයා මේ නිවස වසර තුනකට පෙර මිලදීගෙන තිබුනේ අනියම් බිරිය සමඟ ජීවත් වීමටයි.
 
මෙම නිවස පරීක්ෂා කිරීමේදී දෙමහල් නිවසේ පඩි පෙළ යට බහා සඟවා තිබූ භාණ්ඩ තොගයක් හමුවුනා.
 
අනියම් බිරිය මෙහි නිතරම කල් ගෙවන්නේ නැහැ. ඇය.. ව්‍යාපාරිකයා දැන්වූ විට පැමිණ ඔහු සමඟ කල් ගෙවා යන අතර ව්‍යාපාරිකයා මෙය ආරක්ෂිත නිවසක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා.
 
පොට්ට කපිල, මෙම ව්‍යාපාරිකයා ඔහුගේ අනියම් බිරිය ඇතුළු සැකකරුවන් සීඅයිඩීයේ රඳවා ප්‍රශ්න කිරීමේදී හෝමාගම පොලිස් බල ප්‍රදේශයට අයත් කැන්දලන්ද ප්‍රදේශයේද ව්‍යාපාරිකයාට අයත් නිවසක් සොයා ගනු ලැබුවා. එහිද තවත් ආයුධ තොගයක් තිබුණා.
 
ටී 56 වර්ගයේ ගිනි අවියක්, පිස්තෝලයක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අත්බෝම්බ 4ක්, ඩෙටනේටර් දෙකක්, රිපිටර් උණ්ඩ 10ක්, මාංචු කුට්ටමක්, වායු පිස්තෝලයක්, එම උණ්ඩ 600ක් ඒ අතර වුනා.
 
මෙම නිවසේ සිටි ව්‍යාපාරිකයාගේ මවුපියන්ද සී.අයි.ඩී ය අත්අඩංගුවට ගත්තා.
 
කොස්ගොඩ තාරක මෙතරම් ගිනි අවි තොගයක් එක්රැස් කළේ බන්ධනාගාර බසයට පහර දීමට පමණක් නොව ඔහුගේ අනිකුත් අපරාධවලට උපකාරි කර ගැනීමටයි.
 
මේ වන විට තාරක සිටින්නේ බූස්ස බන්ධනාගාරයේ යි. පොට්ට කපිලගේ තොරතුරු වලට අනුව දැන්.. තාරකට පිටත සිටින ගෝලයින් සමඟ සම්බන්ධතා පැවැත්වීම අසීරුයි. දුරකථන ඇමතුම්වලට බාධා කරන උපකරණ ද මෙහි සවි කර තිබීම ඊට හේතුවයි. අද වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බහුතර නිලධාරින් ගැන ද විශ්වාසයක් නැහැ. ඒ මුදලට යට වී බන්ධනාගාර නිලධාරින් කළ හොර මගඩි වැලක් පසුගිය දිනවල හෙළි වීම නිසයි..
 
තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top