මහමැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් ගමන් කරන පෞද්ගලික වාහනයේ හැර වෙනත් වාහනවල පක්ෂ කණ්ඩායම් අපේක්ෂක ප්‍රවර්ධන වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් බැනර් සහ ස්ටිකර් ප්‍රදර්ශනය තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ හා සෙසු පෞද්ගලික වාහනවල එවැනි ස්ටිකර් අලවා ඇත්නම් ඒවා වහාම ඉවත් කිරීමට ක්‍රියා කළ යුතු බවයි එම කොමිසම නිවේදනය කළේ.
එලෙස අලවා ඇති ස්ටිකර් ගලවා ඉවත් කිරීමට සහ සෑම පොලිස් බලප්‍රදේශයක්ම ආවරණය වන ආකාරයෙන් හදිසි පරීක්ෂා කිරීම් සිදුකිරීමටද පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා.