Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
09
පූජිත සහ හේමසිරි යලිත් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට - Video

- පූජිත සහ හේමසිරි යලිත් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,166 Views
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඔහු මේ වනවිටත් එම දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශය ලබා දෙමින් සිටින බවයි එහි සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළේ.

එමෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත ප්‍රකශායක් ලබාදීම සඳහා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අදත් පැමිණියා.

පෙරවරු 9.30ට පමණ පැමිණි ඔවුන්ගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා.

ඊයේ පෙරවරුවේද මෙම ඒකකයට මොවුන් දෙදෙනා පැමිණ තිබූ අතර එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මාධ්‍ය මඟ හැර දිව යන අයුරු කාගේත් අවධානයට යොමු වුණා.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබාදුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, දැනට වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වායි.

ඔහු සාක්ෂි දෙමින් කියා සිටියේ තමන් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රතිත්‍රස්ත ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ කාලසීමාවේදී එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර දෙකක් වළක්වා ගැනීමට හැකි වූ බවයි.

ඉන් අනතුරුව 2014 වසරේදි පමණ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රතිත්‍රස්ත ඒකකය තමන්ට භාර දීමෙන් පසු මුල්වරට ඉස්ලාම් අන්තවාදය පිළිබඳ තොරතුරු දැනගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

එහිදි තොරතුරු ලැබී ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ වෙසෙන සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට එරෙහිව වෙනස් මගක ගමන් කළ අබ්දුල් රාසික් නැමැත්තෙකු සම්බන්ධයෙන්.

කෙසේ වෙතත් අබ්දුල් රාසික් නැමැත්තා විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ කාත්තන්කුඩි ප්‍රදේශයේ අයෙකු ලෙස සහරාන් හෂීම් රාජ්‍ය බුද්ධි සේවය විසින් හඳුනාගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නා.

2017 වසරේදී කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට පැමිණි වලිඋල්ලා නමැති සංවිධානයක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රචණ්ඩ හැසිරීම පිළිබඳ දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කර තිබුණා.

ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් තමන් ඇතුළු කණ්ඩායම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ 2017 වසරේ කාන්තන්කුඩි ප්‍රදේශයේ තවත් සංවිධානයක් සමඟ ඇතිකරගත් ගැටුමකින් පසු සහරාන් අතුරුදන් ව සිටි බවයි.

කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවු අදාළ ගැටුමෙන් පසු සහරාන් හෂිම් අන්තවාදයෙන්, ප්‍රචණ්ඩ අන්තවාදය දක්වා පැමිණ ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

එබැවින් ඔහු ජාතික ආරක්ෂාවට පැහැදිලි තර්ජනයක් වන බවට තේරුම්ගත් බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසම හමුවේ කියා සිටියේ.

සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවේ අදාළ කරුණු හේතුවෙන් 2018 වසරේ ජූලි 09 වනදා අධිකරණයට කරුණු වාර්තාකර සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීම සදහා විවෘත වරෙන්තුවක් ලබාගැනීමට කටයුතු කළ බවයි.

කෙසේ වෙතත්, එතැන් පටන් තමන්ව අනිවාර්යය නිවාඩු යැවු සැප්තැම්බර් 20 වැනි දින දක්වා, ගතවූ වු මාස 03කට ආසන්න කාලය තුළ සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කොමිසම හමුවේ කියා සිටියා.

විවෘත වරෙන්තුව ලබාගත් පසු සතිපතා කරුණු වාර්තා කිරීමට තමන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර හමුවු අවස්ථාවේදී ”ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ” යනුවෙන් සහරාන් පිළිබද විමසූ බවත්, ”සොයාගන්නට නැහැ” යනුවෙන් තමන් පිළිතුරු දුන් බවත් නාලක ද සිල්වා කියා සිටියා.

සාක්ෂිකරු වැඩිදුරටත් සදහන් කළේ තමන්ව අනිවාර්යය නිවාඩු යැවු දිනය දක්වා සහරාන් හෂිම් සහ වෙනත් මුස්ලිම් අන්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වාර්තා 87 ක් පොලිස්පතිවරයා වෙත ලබා දී තිබූ බවයි.

කෙසේ වෙතත් තමන් පොලිස් සේවයෙන් වසරකට ආසන්න කාලයක් වැඩ තහනමකට ලක්ව සිටීම හා රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම හේතුවෙන් තමන්ට සාක්ෂි ලබා දීමට අදාළ ඇතැම් කරුණු අමතක වී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.






 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top