විවාහයේදී පොඩි නෑනාට ලැබී තිබූ සවඩි මාලය (තැල්ල) පවුම් 4 ක වළල්ලක් පෙන්ඩන් ඇතුළු රන් භාණ්ඩ කිහිපයක් අල්මාරියේ තිබියදී කිසිවකු සොරාගෙන ඇති බවට ගම්පොල පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත. ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමේදී පිටින් පැමිණ සොරකු නිවසට ඇතුළු වී නොමැති බව පොලිසිය විසින් තහවුරු කරගෙන ඇත.
ඒ අනුව ලොකු නෑනා ළඟින් ඇසුරු කරන ඇගේ මිතුරිය පිළිබඳව පරීක්‍ෂා කිරීමේදී ඇය ළඟ තිබී රන් භාණ්ඩ උගස් කළ රිසිට් පතක් හමුවී ඇත. ඒ සමග මෙම සොරකමේ සුලමුල හෙළිවී ඇත. මෙම රන් භාණ්ඩ රුපියල් විසිලක්‍ෂ විසිදහසකට ගෙලිඔය වෙළෙඳ සලකට උගස් කර ඇති බවද අනාවරණය වී ඇත.
මුහුණු පොතින් හඳුනාගත් යාපනයේ තරුණයකුට පෙම් බැඳ ඇති මෙම කාන්තාව එම අනියම් පෙම්වතා ඉල්ලූ මුදලක් ලබාදීමේ අරමුණින් මෙම සොරකම සිදුකර ඔහුට මුදලින් ලක්‍ෂයක්දී ඇති බවද හෙළිවී ඇත.
කෙසේ වෙතත් මෙම සොරකමට සම්බන්ධවූ ලොකු නෑනාගේ මිතුරියද අත්අඩංගුවට ගෙන තවදුරටත් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
ගම්පොල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස්, ස.පො.අ. ජාලිය හීංකෙන්ද, ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සම්පත් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති ප්‍ර.පො.ප. කපිල බණ්ඩාර, උ.පො.ප. අසංක, පො.සැ. වරුන් වන (4507* බණ්ඩාර, (28946* රෝහිත, (61722* අනිල් යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
ගම්පොල - සුරංග දිල්හාන්
දිවයින පුවත්පත