Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
08
බෝම්බයක් අත්හදා බැලූ කිලිනොච්චියේ හිටපු LTTE සාමාජිකයා මරු වැළඳ ගනී - සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙළි වූ දේ - Video

- බෝම්බයක් අත්හදා බැලූ කිලිනොච්චියේ හිටපු LTTE සාමාජිකයා මරු වැළඳ ගනී - සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙළි වූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,998 Views
"ඔහු පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයෙක්ලූ..."
 
බෝම්බය පුපුරා ගිය ස්ථානයට බිරිඳ කර තිබූ දේ..
 
කිලිනොච්චිය - අයියකච්චි ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවූ පිපිරීමකින් තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලේදී අද උදෑසන මියගොස් තිබෙනවා.
 
44 හැවිරිදි ඔහු දේශීයව නිෂ්පාදනය කළ බෝම්බයක් අත්හදා බැලීමකදී අත්හදා බැලීමකදී මෙම පිපිරීම සිදුව තිබුණා.

මෙම පුද්ගලයා තුවාල ලබා තිබුණේ පසුගිය 3 වැනිදායි.
 
ඔහු පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බවයි පසුව අනාවරණය වුණේ.
 
සැමන් ටින් බඳුනක වෙඩි බෙහෙත් සහ කුඩා යකඩ බෝල අසුරා අදාළ බෝම්බය එකලස් කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.
 
බරපතළ පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර එවනු ලැබුවා.
 
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවෙමින් ප්‍රතිකාර ලැබූ සැකකරු අද පෙරවරුවේ මියගිය ගියේ එම රෝහලේ 66 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී.
 
සැකකරුගේ නිවස පොලිසිය සෝදිසියට ලක්කිරීමේදී බෝම්බය පුපුරා ගිය ස්ථානය සැකකරුගේ බිරිඳ විසින් සෝදා පවිත්‍ර කර තිබෙන බවයි.
 
අදාළ සෝදිසියේදී තවත් බෝම්බ දෙකක් සහ පුපුරණ ද්‍රව්‍ය මෙන්ම කළුකොටි සැමරුම්වලට යොදා ගන්නා බැනරයක් ද පලෙයි පොලිසිය සොයගෙන තිබෙනවා.
 
පසුගිය 5 වැනිදාට යෙදි තිබූ කළු කොටි සැමරුම් දිනයේදී කිසියම් විනාශකාරී සිද්ධියක් සිදුකිරීමේ අරමුණින් මෙම බෝම්බය සකස් කරන්නට ඇති බවට පොලිසිය විශ්වාස පළකරනවා.
 
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තුවාල ලැබූ පුද්ගලයාගේ බිරිඳ හා වලිකාමම් ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කෙරෙනවා.
 
මෙම සිද්ධියෙන් අනතුරුව උතුරේ ප්‍රදේශ රැසක ආරක්ෂාව දැඩි කිරීමට පොලිසිය හා යුද හමුදාව පියවර ගත්තා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top