Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
08
විදෙස් ශ්‍රම බලකායට ජනපති දුන් විශේෂ පණිවුඩය මෙන්න

- විදෙස් ශ්‍රම බලකායට ජනපති දුන් විශේෂ පණිවුඩය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,466 Views
“කොවිඩ් 19 සහ වැඩකරන ලෝකය - වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම” තේමාව යටතේ අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුව අද පැවැත්වුනා.
 
එම සමුළුව අමතමින් ජනපති සිදුකළ විශේෂ ප්‍රකාශය පහතින්.

“කොවිඩ් 19 සහ වැඩකරන ලෝකය - වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම” තේමාව කොටගත් අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුව සමග මගේ අදහස් බෙදා හදා ගැනීමට ලද මේ අවස්ථාව පිළිබඳව මම ඉතා සතුටුවෙමි.
 
කොවිඩ් 19 වසංගතයට එරෙහිව අප සියලු දෙනා සටන් වැද සිටින මේ සංවේදී කාල පරිච්ඡේදයේදී සිය “වැඩ ලෝකය” නොබිඳී පවත්වාගෙන යාම සඳහා සෑම රටක්ම ගත් ක්‍රියා මාර්ග මම අගය කරමි.
 
ඇතැම්විට වර්තමාන ලෝකය මුහුණ දෙන ප්‍රබලතම මානව අර්බුදය කොවිඩ් 19 විසින් නිර්මාණය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, පශ්චාත් කොවිඩ් 19 සමයේදී සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ද “ වැඩ ලෝකය” එකසේ සුවිසල් ප්‍රතිසංවිධානයකට ලක්ව පවතී.
 
ශ්‍රී ලංකාව බාහිර නිර්ණායකයන්ට සංවේදී වන, සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයකි. මේ වසංගතය නිසා ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑමෙන් නිර්මාණය වූ කම්පනයෙන් අපේ ශ්‍රම බලකාය ආරක්ෂා කර ගැනීමට අපි විශේෂයෙන් අවධානය යොමු කළෙමු.
 
අපේ සක්‍රීය ශ්‍රම බලකාය මිලියන 8.6 කි. ඉන් මිලියන 3.5කට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික අංශයේ සේවයෙහි නිරතව සිටිති. කොවිඩ් පැතිරීම ආරම්භ වූ කාලයේ අප හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ පියවර මගින් ශ්‍රම බලකායේ සෑම අංශයක්ම ආවරණය කෙරිණි.
 
අප්‍රේල්, මැයි කාලවකවානුව තුළ වඩාත් පීඩාවට පත් ස්වයං රැකියාවල නිරත කණ්ඩායම් සඳහා රු.5,000 බැගින් ස්ථාවර මාසික දීමනාවක් ප්‍රදානය කිරීම ඒ අතර ප්‍රමුඛස්ථානය ගනී. දෛනික වැටුප් ලබන සියලු සේවකයන් සේම පෙරපාසල් ගුරුවරු සහ ස්වයං රැකියාවල නිරත වූවන් වැනි අවදානමට පත් පාර්ශ්ව ඉන් ආවරණය වූහ.
 
රටෙන් පිටත සේවය කරන විශාල ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතුව ඇත. ගුවන් ගමන් සඳහා වාරණ පනවා තිබූ අවස්ථාවේදීත්, විදේශයන්හී සිට ශ්‍රී ලාංකිකයන් 15,000කට ආසන්න පිරිසක් නැවත මව් රටට ගෙන්වා ගන්නා ලදී. මේ තත්ත්වය අපගේ සමස්ත සේවා නියුක්ති ව්‍යුහයට වෙනසක් ඇතිකළද, අ‍පේ අරමුණ වූයේ සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාවයි.
 
මේ කාණ්ඩයට අයත් සේවා නියුක්තිකයන්ට, නැවතත් තමන් කලින් රැකියාව කළ විදේශ රටවලට නොගොස් දේශීය ශ්‍රම වෙළඳ පොළට දායකවීමේ අවස්ථාව නිර්මාණය වී ඇත. මෙය අපේ වැඩ ලෝකයේ නව මුහුණුවර හැඩගස්වනු ඇත.
 
ශ්‍රී ලංකාවේ නිපුණතා අංශ පශ්චාත් කොවිඩ් 19 වකවානුවට අනුරූප වන අයුරින් නැවත සිතාබැලීමක් කළ යුතුව තිබේ. අර්බුද සමය තුළ රැකියා අහිමිවූවන් බල ගැන්වීම සඳහා වන අපේ වැඩ සැලැස්මෙන් සේවක නිපුණතා යලි පෙළ ගැස්වීම හා විධිමත් කිරීම සපුරා ගනු ලැබේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top