ඊයේ පස්වරුවේ (07) බත්තරමුල්ල ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර, පාසැල් සිසු දරුවන් ප්‍රවාහණය කෙරෙන වාහන සංගම් හා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
එහිදී අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර ඊට පොලිස් නිලධාරින්ගේ මෙන්ම සිසු දරුවන් ප්‍රවාහණය කෙරෙන සංගම්වල නියෝජිතයෝද එකගත්වය පළ කර ඇති බවයි වාර්තාවන්නේ.
දැනට අප රටේ මාර්ගවල දී පාසැල් සිසු දරුවන් ගමන් කරන වෑන් රථ සඳහා කිසිදු ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ නැති බවත් ඇතැම් බර වාහන පාසැල් සිසු දරුවන් ගමන් ගන්නා වාහන අසලින්ම ධාවනය කිරීම නිසා ඇතැම් කුඩා දරුවන් බියපත් වනවා මෙන්ම ඇතැම් විට හදිසි අනතුරුවලට පවා ලක් වෙන බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.
මාර්ග තුළ විනය පවත්වාගෙන යාම සඳහා මෙම කාරණය හේතුවන අතර පාසැල් සිසු ප්‍රවාහණ වෑන් රථ කහ වර්ණ ගැන්වීමේ දී දැනට භාවිතා කරන වෙනත් වර්ණයන්ගෙන් යුත් වෑන් රථ කහ වර්ණය ආලේප කිරීමටත්, ඉදිරියේ දී පාැසල් සිසු දරුවන් ප්‍රවාහනයට ආනයනය කෙරෙන වාහන කහ වර්ණයෙන්ම පමණක් ආනයනය කිරීමටත් තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.
පාසැල් සිසු දරුවන් ප්‍රවාහණය කෙරෙන වාහන සඳහා ලෝකයේ සෑම රටකම මහාමාර්ගය තුළ ධාවනය කිරීමේ දී ඊට ප්‍රමුඛස්ථානය හිමිවේ.
ඊට හේතුව වන්නේ රටේ අනාගතය වන දරුවන් ගේ සුරක්ෂිතතාවය උදෙසා එම රජයන් විසින් පියවර ගෙන තිබීමයි.
බොහෝවිට පාසැල් සිසු දරුවන් ප්‍රවාහණය කෙරෙන වාහන සඳහා කහ වර්ණය භාවිතා වන නිසා එකී වැන් රථ පාසැල් දරුවන් ප්‍රවාහණය කරන වෑන් රථ බව සෙසු වාහන රියදුරන්ට පහසුවෙන් අවබෝධ කර ගත හැකිවීමයි. මේ නිසා එම වාහනවලට ඉදිරියට ගමන් කිරීමට ප්‍රමුඛතාව හිමිවේ.
මීට අමතරව දැනට විවිධ අපහසුතා මද්‍යයේ පවත්වාගෙන යන පාසැල් සිසු ප්‍රවාහණ වෑන් රථ සේවාව සඳහා යම් යම් සහන ලබා දීමටත් පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.