Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
08
“ඇක්සිඩන්ට් එක කරපු කුසල්ගේ තාත්තා ඇවිත් අපිට ගොඩක් චාටුබස් ‍දොඩවලා ගියා, උදව් කරන්නම් කියලා..” - කුසල් මෙන්ඩිස්ගේ සුපිරි රථයේ ගැටී, අවසන් ගමන් ගිය 64 හැවිරිදි කොන්දොස්තර මහතාගේ බිරිඳ, මෙතෙක් නොකී කතාවක් හෙළි කරයි - Video

- “ඇක්සිඩන්ට් එක කරපු කුසල්ගේ තාත්තා ඇවිත් අපිට ගොඩක් චාටුබස් ‍දොඩවලා ගියා, උදව් කරන්නම් කියලා..” - කුසල් මෙන්ඩිස්ගේ සුපිරි රථයේ ගැටී, අවසන් ගමන් ගිය 64 හැවිරිදි කොන්දොස්තර මහතාගේ බිරිඳ, මෙතෙක් නොකී කතාවක් හෙළි කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,112 Views
“මොන්ටිසෝරි ගිහින් ආවාම ඒ දරුවා කියනවා සීයා බස් එකේ වැඩ කරනවා දැක්කා කියලා..”
 
“මෙහෙම හරි තැනක් නැත්නම් මහත්තයාගේ මිනියවත් තියන්න වෙන් නෑ...”
 
“බයිසිකලේ වුණත් බොහෝම හෙමින් යන්නේ. එහෙම කෙනාට වුණ දේ ගැන හිතා ගන්න බෑ”
 
“මගේ මහත්තයයි මායි එදාවේල හොයාගෙන බොහොම අමාරුවෙන් ජීවත් වුණේ. උදේ පාන්දර ඉඳලාම බස් එකේ රස්සාව කරලා කීයක් හරි හොයා ගෙන ආපුවාම ඒකෙන් ගන්න බඩුවලින් තමයි අපේ බඩගින්න නිව්වේ..”
 
“දැන් ඒ සේරම ඉවරයි. මහත්තයාට මේ වෙච්ච දේ ගැන උදේ පාන්දරම දුරකථනයෙන් පණිවුඩය ලැබුණාම මට හිතාගන්න බැරි වුණා. මොකක්ද මේ සිද්ධ වුණේ කියලා” යැයි පානදුර හොරේතුඩුව ප්‍රදේශයේදී 05 වැනි දින අලුයම 04.30ට පමණ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් පැද වූ සුඛෝපභෝගී කාර් රථයේ පාපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරේදී බරපතළ තුවාල ලබා රෝහල් ගත කරන විටත් මියගොස් සිටි කුඩාතෙල්ගේ නෙවිල් පීරිස් මහතාගේ බිරිය වන බලාපුවඩුගේ නිලන්ති මෙන්ඩිස් මහත්මිය (48) ඉතාම ශෝකයෙන් පැවසුවාය.

“මහත්තයා රස්සාවට ගිහින් එනකන් එයාගේ ලොකු පුතාගේ දරුවා සීයා දැන්ම එයිද කිය කියා අහනවා. මොන්ටිසෝරි ගිහින් ආවාම සමහරදාට කියනවා සීයා බස් එකේ වැඩ කරනවා දැක්කා කියලා. ලොකු පුතාටත් හරිහමන් රස්සාවක් නෑ. එයාලාට යම් තරමකින් හරි පුළුවන් විධියට උදවු කළේ මහත්තයා තමයි.”
 
“කිසිම කෙනෙක්ට වරදක් නැති අහිංසකව ජීවත්වුණු කෙනෙක් තමයි මගේ මහත්තයා. මේ ගෙදරට එන්න කලින් අපි හිටියේ ලෑලි ගහලා වටකරගෙන හදාගත්තු පැල්පතක. කොරෝනා කාලේ ඉවරවේගෙන යනකොට ඉඩමේ අයිතිකාරයෝ කිව්වා වෙන ගෙයක් හොයා ගන්න කියලා. මහත්තයා කොන්‍ෙදාස්තර වැඩේ කරලා හම්බ කරගෙන එන කීයෙන් හරි ජීවත්වුණු අපිට වෙන තැනක් හොයා ගන්න කිව්වාම තරු පෙනිලා හිටියේ. ලොකු පුතා ණයක් වෙලා මෙහෙම හරි වැටිලා ඉන්න තැනක් කුලියට ගත්තේ නැත්නම් මහත්තයාගේ මිනියවත් තියන්න තැනක් අපිට නෑ...”
 
මියගිය නෙවිල් පීරිස් මහතා පානදුර, ගොරකාපොළ, ඥානසේන නාහිමි මාවත ලිපිනයේ තාවකාලිකව පදිංචිව සිටි නිවෙසට අප යන විටත් ඒ මහතාගේ මිතුරන් වන බස් රථ රියැදුරු මහතුන් මෙන්ම කොන්‍ෙදාස්තර මහතුන් මේ සිදු වූ විපත ගැන අසා විශාල පිරිසක් නිවෙසට පැමිණ සිටින ආකාරය දැක ගැනීමට හැකිවිය.
 
සීයාට සිදුවූ දේ කුමක්දැයි කියා අදහා ගැනීමටවත් නොහැකිව මුනුපුරා වන විදුණ වත්සුක පීරිස් (06) දරුවා නිවෙසේ පැත්තක ඇති පුටුවකට වී බලා සිටින ආකාරය දුටු නිවෙසට පැමිණ සිටි සියලුදෙනාගේම නෙතට කදුළක් ගලා ආවේය.
 
නෙවිල් පීරිස් මහතාගේ සොහොයුරෙක් වන කේ. එරික් පීරිස් මහතා තම වැඩිමහල් සොහොයුරාගේ වියෝව පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ,
 
“අපේ අයියා මුලින් විවාහ වෙලා හිටපු බිරිය තුන්වැනි දරුවා ප්‍රසූතියට ගිහින් මියගියා. ඊට පස්සේ අයියා තමයි මේ පුතාලා දෙන්නාගේ වැඩ කටයුතු කළේ. අයියා එදා ඉඳන්ම බස්වල කොන්‍ෙදාස්තර වැඩේ තමයි රස්සාව විධියට කළේ. අයියා වැඩට යන නිසා දරුවෝ දෙන්නා සහෝදරයන් ගාව තමයි හැදුණේ වැඩුණේ. හවසට වැඩ ඇරිලා කෙළින්ම ගෙදර තමයි එන්නේ. දවසේ වැඩ කරලා හොයා ගත්තු සල්ලි ඔක්කොම දරුවන්ගේ වියදමට දෙනවා. අපේ පවුලේ පිරිමි සහෝදරයෝ පස්දෙනෙක් ඉන්නවා. ගැහැනු සහොදරියෝ තුන්දෙනයි. මේ අයියා හතරවැනියා. අපි සහෝදරයෝ සියලුදෙනාම හරිම එකමුතුයි. යාළුවෝ වගේ තමයි ජීවත් වෙන්නේ. මේ අයියාට වැඩිමහල් අයියටත් මේ වගේම අනතුරක් සිදුවෙලා මියගියා. අයියා පැල්පතක වගේ තමයි ජීවත් වුණේ. පුතාලා දෙන්නටත් ස්ථිර රැකියාවක් නෑ. මේ වෙච්ච දෙයින් අයියාගේ පවුලේ කට්ටියම කබලෙන් ළිපට වැටුණා වාගේ වැඩක් වුණේ. අනතුර වුණු දවසේ ක්‍රිකට් ගහන ඇක්සිඩන්ට් එක කරපු මල්ලිගේ තාත්තා ඇවිත් අපිට ගොඩක් චාටුබස් ‍ෙදාඩවලා ගියා උදවු කරන්නම් කියලා අපි ගොඩක් අසරණ මිනිස්සු. ඒ නිසා අයියාට සිදුවූ දෙයට නීතියෙන් සාධාරණයක් ඉටුවේ යැයි බලාපොරොත්තුවෙන් ඉන්නවා” යැයි ඔහු පැවසුවේය.
 
මියගිය නෙවිල් පීරිස් මහතාගේ වැඩිමහල් සොහොයුරිය වන සූනීතා පීරිස් (74) මහත්මිය මේ පිළිබඳව කියා සිටියේ, “මේ මිය ගිහිල්ලා ඉන්නේ මගේ මල්ලී. මෙයා එදා ඉඳලම බොහෝම අහිංසක විධියට තමයි ජීවත් වුණේ. මල්ලිගේ කලින් විවාහයේ බිරිය තුන්වැනි දරුවා හම්බ වෙන්න ගිහිල්ලා මැරුණා. ඒ නෝනා නැති වෙනකොට මල්ලිගේ ලොකු පුතා චතුරංගට වයස අවුරුදු එකොළහයි. පොඩි පුතා ලක්මාල්ට අවුරුදු නවයයි. නෝනා නෑ දරුවන්ට අම්මා නෑ කියලා කිසිදු අඩුපාඩුවක් දරුවන්ට කළේ නෑ. අපි බල කරලා තමයි නෝනා නැතිවෙලා අවුරුදු හතරකට පස්සේ දැන් විවාහ වෙලා ඉන්න නංගිව බන්දලා දුන්නේ. ඒ විවාහයේ දරුවෝ නෑ මල්ලිගේ දරුවෝ දෙන්නා සහෝදරයෝ ගාව තමයි හැදුණේ වැඩුණේ. මල්ලීට ඉන්න ස්ථිර ගෙයක් තිබුණේ නෑ. මල්ලී දිගටම කුලි ගෙවල්වල තමයි හිටියේ. ස්ථීර ලිපිනයක් නෑ කියලා කොරෝනා කාලේ ආණ්ඩුවෙන් දීපු රුපියල් 5,000 ලැබුණේ නෑ කොරෝනා කාලේ මල්ලිට රස්සාව නැති නිසා බොහෝම අමාරුවෙන් දුකසේ ජීවත් වුණේ. උදේ පාන්දරම නැඟිටලා වැඩට යනවා. වැඩ කරන බස් එකට හරිම ආදරෙයි. බස් එක හෝදලා පිහදාලා දුම් අල්ලලා තමයි වැඩට යන්නේ. බස් එක අයිති කෙනාගේ ගෙදර තියෙන්නේ කොරළවැල්ලේ. පාන්දරම මල්ලි ඒ ගෙදරට යන්න තමයි බයිසිකලෙන් ගිහින් තියෙන්නේ. මල්ලි කලබල කෙනෙක් නෙවෙයි. බයිසිකලේ වුණත් බොහෝම හෙමින් යන්නේ. එහෙම කෙනාට වුණ දේ ගැන හිතා ගන්න බෑ යැයි ඇය පැවැසීය.
 
නෙවිල් පීරිස් මහතාගේ අවසන් කටයුතු බදාදා (08දා) සවස 3.00ට පානදුර පල්ලියමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.
 
වාහනයක් පැදවීමේදී සැලකිය යුතු හා පිළිපැදිය යුතු කරුණු නිසියාකාරව පිළිපදින්නේ නම් මෙවන් හදිසි අනතුරු වළක්වාගැනීම එතරම් මහ දෙයක් නොවන බව අපි කාගේත් අදහස වන්නෙමු.
 
බොරලැස්ගමුව - නිදුවර අබේසිංහ
මෙම ලිපියේ උපුටා ගැනීම "මව්බිම" පුවත්පත


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top