“වෙඩි තැබූ පුද්ගලයාව තවමත් අත්අඩංගුවට අරන් නැල්ලු...?”
සුනඛයාගෙන් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූ දේ..
සෙට්ටිකුලම ප්‍රදේශයේ නිවසක ඇති කරන ලද සුනඛයෙකුට අසල්වැසි නිවසක පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් සිදුකොට ඇති බව සෙට්ටිකුලම ප්‍රදේශවාසීන් පවසනවා.
සුනඛයාගේ මරණය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පශු වෛද්‍ය එස්.කිරුබානන්දකුමරන් මහතා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඇති අතර, අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තුළ සුනඛයාගේ සිරුර තුළ වෙඩි උණ්ඩයක් පැවති බවට සඳහන් වන බවද ප්‍රදේශවාසීන් පවසනවා.
සිදුවීම සම්බන්ධයෙන් සෙට්ටිකුලම පශු වෛද්‍ය නිළධාරිවරයා සෙට්ටිකුලම පොලිසිය වෙත දැනුම් දි ඇතත්, සෙට්ටිකුලම පොලිසිය විසින් සුනඛයා වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන නොමැති බවද ප්‍රදේශවාසීන් සඳහන් කළා.
සුනඛයාට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන සාධාරණයක් ඉටු කරන ලෙසට සුනඛයාගේ අයිතිකරුවන් හා ප්‍රදේශවාසීන් ඉල්ලීම් කරනවා.
සිදුවීම සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසියෙන් සිදුකළ විමසීකදී පොලිසිය පැවසූවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වමින් සිටින බවයි.
වවුනියාව - එන්.ප්‍රියදර්ශනි
මෙම ලිපියේ ඡායාරූප හා සටහන උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්..
