පැල්මඩුල්ල දෙනවක ගඟේ තිබී පිරිමි මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.
තරුණයින් බව පෙනෙන මෙම දෙදෙනාගේ සිරුරවල කැපුම් තුවාල දක්නට තිබූ බව පොලිසිය පවසනවා.
එක් අයෙකුගේ ගෙල ප්රදේශයේ දරුණු කැපුම් තුවාලයක් දක්නට ලැබෙන බවද පොලිසිය ප්රකාශ කළා.
අනෙක් අයගේ හිස පිටුපස තුවාලයක් දක්නට ඇති අතර එක් අයෙකුගේ පාදයකද කැපුම් තුවාලයක් දක්නට ලැබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
උදෑසන මල් කැඩිමට පැමිණි අයෙකු මෙම සිරුරු දෙක දැක ප්රදේශවාසින්ට පැවසිමෙන් පසු ඔවුන් පැල්මඩුල්ල පොලිසියට දැනුම් දී තිබෙනවා.
අභිරහස් ලෙස ඝාතනයට ලක්වු දෙදෙනා ප්රදේශවාසින් නොවෙන බව ද පොලිසිය ප්රකාශ කළා.
දෙනවක ගගේ පාවෙමින් තිබූ සිරුරු දෙකේ මුඛ ප්රදේශය කබරයින් විසින් කා දැමු ලකුණු දක්නට තිබෙන බවයි පැල්මඩුල්ල පොලිසිය පවසන්නේ.
පෙරදින රාත්රියේ සිරුරු දෙක දෙනවක ගඟට ගෙනෙවිත් දමා ඇතැයි පොලිසිය සැක පලකරනවා.