Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
07
"තවත් දරුවෙක් ලැබෙන්න හිටපු බව නිමල් දැනන් හිටියේ නැහැ. මම ඒක රහසක් විදිහට තියාගත්තේ අරමුණක් ඇතිව.." - උපන් විගස කතුරු පහර නවයක් ඇන බිළිඳියක සඳහටම නිදි කෙරූ අවිවාහක මවක් වූ විනීතාගේ ඇඟ ලොමු දැහැ ගැන්වෙන පාපොච්චාරණය

- "තවත් දරුවෙක් ලැබෙන්න හිටපු බව නිමල් දැනන් හිටියේ නැහැ. මම ඒක රහසක් විදිහට තියාගත්තේ අරමුණක් ඇතිව.." - උපන් විගස කතුරු පහර නවයක් ඇන බිළිඳියක සඳහටම නිදි කෙරූ අවිවාහක මවක් වූ විනීතාගේ ඇඟ ලොමු දැහැ ගැන්වෙන පාපොච්චාරණයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,544 Views
"ඇය කතුරක් ගෙන පෙකනි වැල කපා ඒ කතුරින්ම දරුවාට ඇන්නා.."
 
"මීට පෙරත්... ඇගේ දරුවන් තුන් දෙනෙකු මිය ගිහින්ලූ..."
 
බිළිඳාගේ මරණ පරීක්ෂණයෙන් පසු හෙළි වූ කණගාටුදායක දේ...
 
මාවරල, මාකඳුර ගම්මානයේ පදිංචි නිමල් විවාහකයෙක්. විවාහ වී ටික කලක් ගතවෙද්දී ඔහුගේ බිරිය රැකියාවක් සඳහා විදෙස් ගත වන්නේ එකම දරුවාගේ වගකීම් නිමල්ට බාර කිරීමෙන් අනතුරුවයි.
 
විදෙස් ගත වූ මුල් අවධියේ ඇය සැමියාට මුදල් එවූ අතර ඒවායෙන් ඔහු දරුවාද බලාගෙන ජීවත් වුණා.
 
මෙලෙස ටික කලක් ගත වෙද්දි ඇය මුදල් එවීම නතර කළ අතර සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ ඇය එරටදී වෙනත් අයෙකු සමඟ විවාහ වී ඇති බවයි. මින් දැඩි ලෙස අසරණ වන නිමල් සිය ගමේම පදිංචි අවිවාවහක කාන්තාවක් වන සූනීතා කැන්දන් එන්නේ විවාහ රෙජිස්ටාර් පොතේ අත්සන් කිරීමෙන් තොරවයි.

මෙලෙස ටික කලක් ගෙවී යද්දි සුනීතා හදිසියේ අසනීප වූවා. ඇයට සෑදී තිබුණේ මානසික රෝගයක්. උදව්වට ඇයගේ බාල සහෝදරියක වන විනීතා මෙම නිවසට පැමිණෙන අතර නිමල්ට ඇය පිළිබඳ සිතක් පහළ වන්නට වැඩි කාලයක් ගත වන්නේ නැහැ.
 
මේ දෙදෙනාගේ සම්බන්ධය කොපමරණ දුරදිග ගියද කිවහොත් අසනීප සුනීතා නිවසින් පන්නා දමන්නට තරම් නිමල් සැහැසික වුණා. ඒ සඳහා නිමල්ට විනීතාගෙන් ලැබුණු සහය ද සුළු පටු නැහැ. පසුව සුවපත් වන ඇය නිමල් සොයාගෙන ආවේ නැහැ. ඇය කළේ වෙනත් පුරුෂයෙකු සමඟ දීග යාමයි.
 
ඒ වන විට නිමල්ගේ රැකියාව වූයේ මේසන් වැඩවලට අත් උදව් දීමයි. ඔය අතර විනීතාට දරුවෙකු ලැබෙන අතර ඊට ටික කලකල පසුව දෙවන දරුවාද ඇය බිහි කළා.
 
දැන් මේ පවුලේ දරුවන් ගණන තුනක්. අත්උදව්කරුවෙකු වූ නිමල්ගේ වැටුප මේ පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් වූයේ නැහැ. තත්ත්වය එසේ තිබියදී විනීතා යළි ගැබ් ගත්තා. මේ වන විට පවුලේ සතුට ද හීන වී තිබීම නිසා තමන් ගැබ් ගෙන ඇති බව නිමල්ට නොකියන්නට ඇය තීරණය කළා.
 
මෙලෙස කාලය ගෙවී යද්දි ඇගේ කුසේ උන් දරුවා මෙලොව එළිය දකින දිනය ද උදා වුනා. ඒ වන විට කොරෝනා නිසා මුළු රටටම ඇඳිරි නීතිය පනවා සති දෙකක් පමණ ගෙවී ගොස් තිබුණා.
 
එදා නිමල් නිවසේ නොසිටීම ඇයට මහත් සහනයක් වුනා. ප්‍රසූත වේදනාව දැනෙන්නට ගනිද්දි ඇය දරු තිදෙනාට අල්ලපු නිවසට ගොස් සිටින ලෙසට දැනුම් දුන්නා. ඇගේ කීම ඇසූ දරුවන් පිටවූ අතර ටික වේලාවකින් අලුත් දරුවා මෙලොව එළිය දුටුවා.
 
තව ස්වල්ප වේලාවක් ගෙවී යද්දි අසල්වැසියන්ට මේ නිවස දෙසින් විලාපයක් ඇසුනා. විනීතාට කරදරයක් දැයි සිතා මේ නිවස වෙත දිව ආ අයට විනීතා කියා සිටියේ තමන්ට උදරයේ අසනීප තත්ත්වයක් ඇති වී රුධිරය පිටවන බවයි.
 
ඉන් කලබලයට පත්වන අසල්වාසීන් 1990 ගිලන් රථයක් කැඳවා ඇය ආඳපාන රෝහල වෙත පිටත් කර හැරියා. රෝහලට රැගෙන ගිය ඇය පරීක්ෂාකළ වෛද්‍යවරයා පැවසුවේ ඇය දරුවෙකු ප්‍රසූත කර ඇති බවයි. එබැවින් 1990 ගිලන් රථය යළි එම නිවසට පිටත් කර යැවීමට උපදෙස් දුන් වෛද්‍යවරයා පැවසුවේ නිවසේ සිටින දරුවා රැගෙන එන ලෙස පවසමිනුයි.
 
එහෙත් නිවසේ කාමරයේ කොතැනකවත් දරුවකු පෙනෙන්නට සිටියේ නැහැ. 1990 කණ්ඩායම ඒ බව වෛද්‍යවරයා මේ බව මාවරල පොලිසියට දැනුම් දෙන්නේ මෙතැන කුමක් හෝ වරදක් සිදුව ඇති බවට අනුමාන කරමිනුයි.
 
පොලිසිය මෙම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී ඇඳ යට තිබී බිළිඳු මළසිරුරක් හමුවුනා. ඊට අමතරව ලේ තැවරුනු කතුරක්ද ඒ අසළ තිබී හමුවුනා. බිළිඳු සිරුර පුරා ඇනුම් තුවාලද කිහිපයකි. ඒවා ඒ අසළ තිබූ කතුරින් ඇන්න පහරවල් බව පෙනෙන්නට තිබුණා.
 
ඒ අනුව පොලිසියේ අදහස වූයේ උපන් ගමන් බිළඳා මරා දමා ඇති බවයි. පොලිසිය මේ ගැන විනීතාගෙන් කටඋත්තරයක් ලබා ගත් අතර ඇය සියල්ල හෙළි කළා.
 
ඇය පැවසූ පරිදි මේ දරුවා කුසට ආ බව නිමල් දැන සිටියේ නැහැ. ඇය ඒ බව රහස් ලෙස තබා ගැනීමට අදිටන් කර ගන්නේ යමක් සිතේ සඟවාගෙනයි. ඒ ඉපදුනු පසු දරුවා මරා දැමීමටයි.
 
ටික ටික විළිරුදාව එද්දි ඇය දරුවන් නිවසින් පිටතට යවන්නේ සැලසුමට අනුවයි. කාමරයේදී දරුවා බිහි වන අතර ඇය කතුරක් ගෙන පෙකනි වැල කපා ඒ කතුරින්ම දරුවාට ඇන දරුවා රෙදි වල ඔතා දරුවාත් කතුරත් ඇඳ යටට විසි කර දමනවා.
 
ටික වෙලාවක් ගත වෙද්දි ඇයට දැඩි වේදනාවක් දැනෙන අතර ඇය ආධාර ඉල්ලා කෑ ගසන්නේ වෙන කරන්නට දෙයක් නැති තැනයි.
 
උපන් ගමන් බිළිඳා ඝාතනය කළේ ය යන චෝදනාවට අත්අඩංගුවට ගත් විනීතා දෙයියන්දර මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ලුෂාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර ඇගෙන සිද්ධිය ගැන ද විමසුවා. එවිට ඇය පවසා තිබුණේ දරුවා හදාගන්නට බැරි නිසා ඉපදුනු ගමන් මරා දැමූ බවයි.
 
බිළිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුමිත් අබේපිටිය මහතා විසින් සිදු කරනු ලැබුවා. එහිදී අනාවරණය වී ඇත්තේ කතුරු පහරවල් 9ක් බිළිඳියගේ සිරුරට ඇන ඇති බවත් එමඟින් සිරුර අභ්‍යන්තරයට ලේ වහනය වී ඇති බවයි.
 
බිළිඳිය මරා දැමූ මව නීත්‍යානූකූලව විවාහ වී නොමැති අතර ඇයට දරුවන් තුන්දෙනෙකු සිටින බවද මීට පෙර ඇගේ දරුවන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළා.
 
ඒ.පී. දයාචන්ද්‍ර විසින් "මාංචු" පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරෙනි.
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top