ඉතියෝපියානු ගායක හචලූ හන්දෙස්සා ඝාතනයෙන් පසුව ඊට එරෙහිව එරට ගෝත්ර අතර ඇතිවූ ගැටුම්වලින් මේ වන විට 166 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
34 හැවිරිදි හචලූ හන්දෙස්සා එරට වීරවරයකු ලෙස සැලකූ අතිශය පිළිගැනීමට පත්ව සිටි පුද්ගලයකු වන අතර පසුගිය සතියේ අඩිස් අබාබා හිදී ඝාතනයට ලක් වුනා. ඔහු ඔරෝමෝ ගෝත්රයට අයත් වූ අතර එරට විශාලතම ජන කොට්ඨාසය එයයි.
මෙයින් 155 දෙනෙකුම මිය ගොස් ඇත්තේ ඔහු ජීවත්වූ ඔරෝමියා ප්රදේශයේ ඇතිවූ ගැටුම් වලිනුයි. එයින් 145 දෙනෙකු සිවිල් වැසියන් වන අතර 11 දෙනෙකු පොලිස් නිලධාරීන් වෙනවා.
ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා හි ඇතිවූ ගැටුම්වලින් තවත් දස දෙනෙකු මිය ගොස් තිබෙන බවත් සදහන්.