Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
06
64 හැවිරිදි සිව් දරු පියෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර සිදුකළ කුසල් මෙන්ඩිස්ට චෝදනා හතරක් - වන්දිය මිලියනයක් - Video

- 64 හැවිරිදි සිව් දරු පියෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර සිදුකළ කුසල් මෙන්ඩිස්ට චෝදනා හතරක් - වන්දිය මිලියනයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,596 Views
මියගිය පුද්ගලයාගේ ඥාතීන් හැඬූ කඳුලින් කියූ කතාව..........

මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරියා.

පානදුර - ගොරකපොල ප්‍රදේශයේදී ඊයේ අලුයම සිදුවූ මෙම අනතුරෙන් පාපැදියෙන් ගමන්ගත් 64 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පානදුර - උතුර පොලිස් වසමේ පරණ ගාලුපාර හොරේතුඩුව ප්‍රදේශයේදී ඊයේ අලුයම 5ට පමණ මෙම අනතුර සිදුව තිබුණා.

මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදිකරුවෙකුගේ ගැටී අනතුරට ලක්වන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දුද මෝටර් රථයේ සිට ඇති බවට වාර්තා වුණා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වුණේ පානදුර උතුර, ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සිව් දරු පියෙක්.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ පානදුර මූලික රෝහලේදී සිදුකළා.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පිළිබඳ විමසීම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග ඇතුලු ක්‍රීඩකයන් පිරිසක් ඊයේ පානදුර උතුර පොලිස් ස්ථානය වෙත පැමිණෙන ආකාරය මෙලෙස දක්නට ලැබුණා.

පොලිස් අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් බීමතින් සිටියේදැයි පරීක්ෂා කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව අද පෙරවරුවේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී අනතුරක් සිදුකර පළා යාම, මාරක රිය අනතුරක් සිදුකිරීම, රෝගීයා රෝහලට රැගෙන නොයාම සහ පුද්ගලයෙකු මරණයට පත්කිරීම යන චෝදනා කුසල් මෙන්ඩිස්ට එල්ලකර තිබුණා.

කරුණු විමසා බැලීමෙන් අනතුරුව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවන ලෙස අධිකරණය සැකකාර කුසල් මෙන්ඩිස්ට නියෝග කළා.

ඒ අනුව ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අධිකරණය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මුදාහැරියා.

අධිකරණය නියෝග කළ රුපියල් මිලියනයක වන්දි මුදලින් ලක්ෂ 02ක මුදලක් සැකකරු විසින් වින්දිත පාර්ශ්වයට අද දිනයේදීම ලබාදී තිබෙනවා.

මෙම නඩුව සැප්තැම්බර් 9 වැනිදා යළි කැඳවීමට නියමිතයි

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top