Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
06
"උඹව බේරගන්න ගොඩාක් අය ඉදිරිපත් වෙයි, මේක පොලිසියට කරන්න ඉඩදීලා පැත්තකට වෙන්න කියලා කියපං.." - මාරාන්තික රිය අනතුරක් සිදු කළ මෙන්ඩාට, පොලිසිය ඇතුළේදී මාලි දුන්න උපදෙස මෙන්න - Video

- "උඹව බේරගන්න ගොඩාක් අය ඉදිරිපත් වෙයි, මේක පොලිසියට කරන්න ඉඩදීලා පැත්තකට වෙන්න කියලා කියපං.." - මාරාන්තික රිය අනතුරක් සිදු කළ මෙන්ඩාට, පොලිසිය ඇතුළේදී මාලි දුන්න උපදෙස මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,638 Views
ඒ මනුස්සයා වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් අපි බලලා කරමු...
 
කුසල් සමඟ ආරම්භක පිතිකරු, අවිශ්ක ප්‍රනාන්දුත් ඉඳලා...
 
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදාහැරීමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
 
ඒ අනුව රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමටයි පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියෝග කළේ.

මීට අමතරව කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
 
ඊයේ අලූයම 5 ට පමණ පානදුර උතුර - හොරේතුඩුව ප්‍රදේශයේ පරණ ගාලූපාරේ දී මොරටුව දෙස සිට පානදුර දෙසට ධාවනය වූ කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.
 
එලෙස මියගිය පුද්ගලයා පානදුර උතුර - ගොරකපොල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි සිව් දරු පියෙක්.
 
අදාළ නඩුව සැප්තැම්බර් 9 වනදා යළි කැඳවීමට නියමිතයි.
 
කෙසේ වෙතත් මේ වනවිට රියඅනතුර  සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන ශෙහාන් මාලක ගමගේ මෙලෙස සටහනක් තබා තිබුණා.
 
" ඊයෙ අළුයම 05.00 ට පමණ , ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පැදවූ මෝටර් රියේ ගැටී, පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී , 64 හැවිරිදි , නෙවිල් පීරිස් නැමති දෙදරු පියෙක් ජීවිතක්ෂයට පත් විය. 
 
සිද්ධිය සිදුවී, පැය කිහිපයක් ඇතුළත ඒ ගැන සොයා බැලීම සඳහා ක්‍රිකට් ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු , සදීර සමරවික්‍රම සමඟ මා ද, අදාළ ස්ථානය වෙත ගියහ. 
 
එහිදී අපට දැන ගන්නට ලැබුනේ, දින දෙකක් තිස්සේ අඛණ්ඩව රිය ධාවනයෙහි යෙදී තිබීම නිසා, කුසල් ඉතා අවිවේකයෙන් පසුව තිබීම නිසා, ඔහුට නින්ද යාමෙන් මේ අනතුර සිදුව ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ කුසල් සමඟ ආරම්භක පිතිකරු, අවිශ්ක ප්‍රනාන්දු ද රථයේ ගමන් කර ඇති අතර, ඔවුන් තවත් ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නිවසේ සිට නිවෙස් බලා එමින් සිටියදී අනතුර සිදුව ඇති අතර, ඔවුන් කිසිවකුට අනතුරින් හානියක් සිදුවී නොතිබිණි.
 
සිද්ධිය පාදක කරමින්, සාමාජ මාධ්‍ය හරහා නොයෙකුත් අසත්‍ය ප්‍රචාර ලැව්ගිනි සේ හුවමාරු වනු දක්නට ලැබුණු අතර, නඩු කටයුත්තක් බැවින් ඒ ගැන කරුණු දැක්වීමෙන් වැළකී සිටිමි.
 
අප අදාළ ස්ථානයට යන විටත්, ශ්‍රීලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න , ලසිත් මාලිංග, දනංජය සිල්වා ඇතුළු බොහෝ ක්‍රීඩකයින් පානදුර උතුර පොලිස් ස්ථානයට පැමිණ සිටි අතර , කුසල් සිද්ධිය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලෙන් හා වේදනාවෙන් පසුවිය."
 
එහි දී, ලසිත් මාලිංග විසින් කුසල් හරි අපූරු අවවාදයක් ලබා දුන් බවයි එම සටහනේ දක්වා තිබුණේ.  
 
අදාළ කාරණාව සම්බන්ධයෙන් ‍ශෙහාන් හිරු ගොසිප් වෙත අදහස් දක්වමින් මෙලෙස කියා සිටියා. 
 
"මල්ලි මේක ඇක්සිඩන්ට් එකක්, උඹ හිතලා හැප්පුවෙ නෑ කියලා අපි හැමෝම දන්නවා , ඒ මනුස්සයා වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් අපි බලලා කරමු, ඊට කලින් මේ හැම දෙයක්ම නීතියට අනුව වෙන්න දීපං, අරයට මෙයාට කියලා, call කරන්නම්, උඹව එළියට ගන්නම් කියලා ගොඩක් අය මේ දවස් වල උඹට කතා කරයි. ඒ හැමෝටම කියපං මේක පොලීසියට කරන්න ඉඩ දෙන්න කියලා. මොකද එළියෙ ඉන්න මාධ්‍ය කාරයො camera දික් කරගෙන ඉන්නෙ උඹට ගහන්න. කව්රු,  කොහොම කිව්වත් අපි හෙට උසාවි ගිහින්, නීතියට අනුව වැඩ ටික කරලා , ඒ දෙන දඬුවම බාරගමු. උසාවියත් දන්නවා මේක ඇක්සිඩන්ට් එකක්  කියලා, ඒක නිසා උඹ බයවෙන්න එපා." 
 
ඒ වනවිටත් කුසල් ගේ පාර්ශවය විසින් , අනතුරින් මියගිය අයගේ ආදාහන කටයුතු සියල්ල සූදානම් කර දී තිබූ අතර, මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කළහැකි ඕනෑම දෙයක් නොපිරිහෙලා ඉටු කිරීමට කුසල් මෙන්ඩිස් කැමැත්ත පළ කර ඇති බව ද ශෙහාන් වැඩිදුරටත් කියා සිටියා. 

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top