Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
06
"උඹට කෙලවනවා" වචනයක් නිසා දඹුල්ලේ මාධ්‍ය හමු දෙකක් - Video & Photos

- "උඹට කෙලවනවා" වචනයක් නිසා දඹුල්ලේ මාධ්‍ය හමු දෙකක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

85 Views
දඹුල්ල මහ නගර සභාව තුළ නගරාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ නාගරික මන්ත්‍රීවරියක ට අපහාස වන ආකාරයෙන් බැණ වැදුණේ යැයි චෝදනා කරමින් එයින් කාන්තා හිංසනයක් සිදු වූයේ යැයි පවසමින් එම මන්ත්‍රීවරිය හා එජාප නාගරික මන්ත්‍රී පිරිස අද 06 දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවා.

ඊට ප්‍රතිවිරුද්ධව නගරාධිපතිවරයා හා පාලක පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම 06 දින විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ එම වචන හුවමාරුව සිදු වුයේ කාන්තා හිංසනයට අපහාස කිරීමකට නොව සභාව නිසියාකාරව පවත්වාගෙන යෑමේ අරමුණින් බව පවසා සිටියා.

පසුගිය දා දඹුල්ල මහනගර සභාවේ සභා වාරය පැවති අවස්ථාවේදී නාගරික මන්ත්‍රිනී නිලක්ෂි ජයසුන්දර මහත්මිය මුදල් කමිටුවට සහභාගී නොවීම හේතුවෙන් ඇයව මුදල් කමිටුවෙන් ඉවත් කිරීමට ගත් තීරණයක් නිසා සභාව තුළ වාග් ප්‍රහාරයක් එල්ල වී තිබුණු බව පැවසෙනවා.
 

එහිදී නගරාධිපති ජාලිය ඕපාත මහතා උඹට කෙලවනවා යැයි ප්‍රකාශ කළ බව නාගරික මන්ත්‍රීවරිය මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළාය. මාධ්‍ය හමුවේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී විජේරත්න මහත්මියද මෙම ප්‍රකාශය හෙළාදකින බව පැවසීම විශේෂත්වයක්.

නිලක්ෂි ජයසුන්දර නාගරික මන්ත්‍රීවරිය පවසා තිබෙන්නේ තමන් අපහසුතාවයට පත්වන ආකාරයෙන් හිංසනයට ලක් වන ආකාරයෙන් නගරාධිපතිවරයා සභා ගර්භයේ දී හැසුරුණු බව යි .ඒ සම්බන්ධයෙන් ඇය දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ද කළ බවද ප්‍රකාශ කළ බව අප වාර්තාකරු පැවසුවා.

නගරාධිපතිවරයාට තමාව මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම කිසිදු බලතලයක් නොමැති බවද ඇය මෙහිදී පෙන්වා දී තිබෙනවා.

දඹුල්ල මහනගර සභාවේ කෙලව ගන්නා යන වචනය හේතුවෙන් නගරාධිපති ජාලිය ඕපාත මහතා ද දඹුල්ල මහ නගර සභාවේ දී මාධ්‍ය හමුවක් කැඳවා කියා සිටියේ මෙම මන්ත්‍රීතුමිය ඉතා අශෝභන ලෙස හැසිරීම විපක්ෂ කණ්ඩායම් නායකයා ට මෙම තත්ත්වය ඇයව පාලනය කරන ලෙස දැනුම් දුන්න ද එසේ නොවුන හේතුවෙන් වචන හුවමාරුවක් ඇති වූ බවයි.

කෙලවගන්න යන වචනය ප්‍රකාශ කිරීමට හේතුව කිසිදු ආකාරයකින් ඇයට අවමානයක් කිරීම අපහාසයක් කිරීම හිංසනයක් කිරීම නොව සභාව පාලනය කිරීම සඳහා වූ වචන හුවමාරුවක් පමණක් බව හෙතෙම සඳහන් කළා.

තමන් නීතියට අනුව සබාව හසුරවා ඇතිබව ද ඔහු පවසා තිබෙනවා.

කෙසේවෙතත් දඹුල්ල මහ නගර සභාවේ කෙලවගන්න යන වචනය නිසා දැඩි ආන්දෝලන තත්ත්වයක් මතුවිය තිබීම විශේෂත්වයක්.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top