අද පෙරවරුවේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක ඇතුලු පිරිසක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
9 වන පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්යක්ෂ ශාන් විජේතුංග සඳහන් කළේ.
එමෙන්ම නාවික හමුදාවේ කොරෝනා ආසාදනය වූ තවත් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 885 දක්වා ඉහළ යන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ.
නාවික හමුදාවේ 904 දෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුනු අතර, 19 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.