වවුනියාව, කෝවිල්කුලම ප්‍රදේශයේ ළමා නිවාසයක රැඳී සිටි දැරියක් ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
අදාල 16 හැවිරිදි දැරිය නාන කාමරයක් තුළ ඊයේ (05) කඹයක ආධාරයෙන් ගෙළ වැළලාගෙන මෙලෙස සියදිවි හනිකරගන ඇති බවයි වාර්තා වන්නේ.
දැරිය සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වවුනියාව පොලිසිය පැවසුවේ මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (06) දින සිදුකිරීමට නියමිත බවයි.
ආහාර ගැනීමට අදාල දැරිය නොමැති අවස්ථාවේදී සිදුකළ සොයා බැලීමකදී ඇය නාන කාමරය තුල ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී සොයාගෙන තිබෙනවා.
වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.