Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
06
"මට අවුරුදු 15දි විතර ඉඳලා ආදර යෝජනා එනවා, ආදරය කියන්නේ ආත්මීය බැඳීමක්...." - කාවින්ද්‍යා දුල්ෂාණි

- "මට අවුරුදු 15දි විතර ඉඳලා ආදර යෝජනා එනවා, ආදරය කියන්නේ ආත්මීය බැඳීමක්...." - කාවින්ද්‍යා දුල්ෂාණිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

60 Views
රූමත් බව නිසා රංගනය වෘත්තිය වුණත්, එම වෘත්තියේ රැඳෙන්න දක්ෂතාවය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. හිරු TV අහස් මාළිගා ටෙලි නාට්‍යයට සම්බන්ධ වීමෙන් පසුව තමයි හිරු ටී.වී එකේ සෙනසුරාදා උදෑසන විකාශනය වන Top 10 වැඩසටහනේ නිවේදන කටයුතු කරන්න අවස්ථාව උදාවෙන්නේ.

පුංචි කාලෙත් අවුරුදු කුමාරි තරඟවලට සහභාගි වෙලා තියෙනවාද?
අවුරුදු කාලේට ගමේ තියෙන හැම අවුරුදු උත්සවයකටම වාගේ අම්මා මාව එක්ක යනවා. පුංචි කාලේ ඒ ගිය හැම අවුරුදු කුමාරි තරඟයකින්ම ජයග්‍රහණය කරලා තමයි ගෙදර එන්නේ.

ලස්සන නිසාම ආදර යෝජනාත් නොඅඩුව ලැබෙනවා ඇති නේද?
ඔව්, ඔව්. අවුරුදු 15දි විතර ඉඳලා ආදර යෝජනා එනවා.

කෙනෙක් ඔබගේ සුන්දරත්වය නිසාම ආදරය කරනවා නම්?
මම හිතන්නේ මුහුණේ සුන්දරත්වය නිසා හෝ ජනප්‍රියත්වය නිසා කෙනෙක් මට ආදරය කළොත් එය සැබෑ ආදරයක් වෙන්නේ නෑ. ආදරය කියන්නේ ආත්මීය බැඳීමක්.

ලස්සන වෙන්න මොනවාද කරන්නේ.
අංක එක තමයි පිරිසිදු කම. ගැහැණු ළමයෙකුට පිරිසිදු කම කියන දේ තියෙන්නම ඕනේ. අනිත් දේ තමයි හිත ලස්සනට තියා ගන්න එක. හැම මොහොතකම හිනා වෙලා සතුටින් ඉන්න පුළුවන්නම් අපි දන්නේම නැතුව ලස්සන වෙනවා. මේ දේවල් තමයි මගේ ලස්සනේ රහස. ඊට අමතරව වතුර බොනවා, සමට හිතකර ශරීරය සිසිල් කරන පළතුරු වර්ග කනවා. මම හරිම ආසයි කොමඩු වලට. කොමඩු ශරීරයට හරිම හිතකර පළතුරක්. කෑම බීම ගැනනම් ලොකුවට සැළකිලිමත් නෑ. නමුත් ඇඟේ හැඩය තියාගෙන ඉන්න ඕන නිසා ප්‍රධාන ආහාර වේල් වලට බත් පොඩ්ඩකුයි එළවළු ගොඩකුයි කනවා.

රෑට නම් කෑම ගන්නේ හරිම අඩුවෙන්. මොකද රෑට කෑවාම ඇඟ ගොඩක් මහත් වෙන නිසා.ව්‍යායාම කිරීමත් මගේ දෛනික දින චර්යාවේ කොටසක්. යූ ටියුබ් එක බලාගෙන මට ගැලපෙන විදියේ ව්‍යායාම මම ගෙදරදීම කරනවා.

සුදු වෙන්න ආසාවක් ඔබටත් තියෙනවාද?
සම සුදු කර ගැනීම ලස්සනයි කියන තැන මම නැහැ. කෘතිමව හම සුදු කර ගන්න ආසාවක් මට නැහැ.

එහෙම කරන අය ගැන අහිතකුත් නෑ. හැබැයි මම අහලා තියෙනවා හම සුදු කරන දේවල් භාවිත කළාම අතුරු ආබාධ ඇතිවිය හැකි බව.

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව?
මම මේ ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව තමයි මගේ අම්මා. අම්මා අදටත් ස්වාභාවිකවම සුන්දරත්වය ආරක්ෂා කරගනෙ හරිම ලස්සනට ඉන්නවා. මටත් ඕනේ අම්මා වගේ ස්වභාවිකවම ලැබුණු සුන්දරත්වය ආරක්ෂා කරගෙන ඉන්න.

ලස්සන වෙලා ඉපදිලා තියෙන්නේ?
මම හිතන්නේ අපි ලස්සන වෙන්නේ හදවතින් ලස්සන නිසානේ. හදවත ලස්සනට උපදින්න පිං කරලා තියෙන්න ඕනේ කියලයි මම හිතන්නේ.

විලාසිතා කිරීමේදී සැළකිළිමත්ද?
ඔව්. මට ගැලපෙන මා නියැළෙන වෘත්තීන්ට ගැලපෙන විදිහට වයසට අනුව විලාසිතා කරනවා. විලාසිතා කරන්න මම හරිම ආසයි.

කාන්තාවකට ලස්සන වැදගත් කියා ඔබ විශ්වාස කරනවාද?
ඔව්. ලස්සන කියන දේ කාන්තාවන්ට පමණක් නොවේ අපි හැමෝටම ගැහැණු පිරිමි භේදයක් නැතුව වැදගත්. බාහිර පෙනුම වගේම හදවතත් අපි ලස්සනට තියා ගන්න ඕනේ. අනිත් දේ තමයි මම හිතනවා ලස්සන කියන දේ සාපේක්ෂයි. මට ලස්සනට පේන කෙනෙක්ව ඇතැම් විට ඔබට ලස්සනට නොපෙනෙන පුළුවන්....

ලස්සන කියන්නේ ආඩම්බර විය යුතු කාරණයක්ද?
කොහෙත්ම නෑ. මොහොතක් ගානේ වයසට යන ශරීරයකට තාවකාලිකව ලැබුණු ලස්සනකට ආඩම්බර වෙනවා කියන්නේ එක හරිම මෝඩ කමක්. ලස්සන කියන්නේ අපේ ජීවිතයට වටිනා කමක් එක්කළ පුංචිම පුංචි අංගයක් පමණයි.

අසුන්තා එදිරිසූරිය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top