කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තියත් සමඟ වසා දැමු රජයේ සියලු පාසල් දින 115කට පසු, අද (06) යළි ආරම්භ වුණා.
මෙය පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළේ දෙවැනි අදියරයි.
ඒ, අනුව අද (06) දිනයේ අධ්‍යන කටයුතු සඳහා පාසල් වෙත කැඳවනු ලැබුවේ සියලු පාසල්වල 13,11 සහ 05 ශ්‍රේණි සිසු දරුවන් පමණයි.
13 සහ 11 ශ්‍රේණිවල දරුවන්ට පෙ.ව 7.30 සිට ප.ව 3.30 දක්වාත්, 5 ශ්‍රේණි සිසුන් සඳහා පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වාත් පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දුන්නේ.
ඒ අනුව අද දිවයිනේ බොහෝ පාසල් සඳහා ළමයින්ගේ කැපීපෙනෙන සහභාගීත්ත්වයක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
සෑම පාසලක් ඉදිරිපිටම ළමයිගේ දෑත් සේදීම සඳහා ජල කරාම සවිකර තිබු අතර, පාසලට පැමිණෙන සියලුම ළමයිගේ ශරීර උෂ්ණත්වයද මැන බැලීමකට ලක් කෙරුණා.
අත් සේදිමේදි පුද්ගල දුරස්ථභාවය රඳා පවත්වා ගැනීමට එම විදුහල්වල විදුහල්පතිවරුන් විසින් කටයුතු කර තිබු අතර පන්ති කාමර තුළද දුරස්ථභාවය රඳා පවත්වා ගනිමින් අධ්‍යයන කටයුතු සිදු කිරීමටත් සෑම පාසල් සිසුවෙකුම පාසලට පැමිණෙන විට මුඛ අවාරණ පැළඳ පැමිණීමටත් කටයුතු කර තිබුණා.
විවෘත කළ පාසල් වල සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද නිසි අයුරින් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීන්ද යොදවා ඇති බවයි අප වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසුවේ.