Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
06
"එයා මගේ ගෝලයෙක්, අපේ ප්‍රේම සම්බන්ධය අවුරුදු හතක් පුරා තිබුණා. ඊට පස්සේ අපි විවාහ වුණා. .." - බන්දුල ගුණවර්ධන

- "එයා මගේ ගෝලයෙක්, අපේ ප්‍රේම සම්බන්ධය අවුරුදු හතක් පුරා තිබුණා. ඊට පස්සේ අපි විවාහ වුණා. .." - බන්දුල ගුණවර්ධනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,311 Views
"අපි එන්නේ හිස් අතින් වගේම යන්නෙත් හිස් අතින්. ඒ ගැන අවබෝධය මට තියෙනවා..."

"මගෙ ජීවිතේ අඩුම අවධානය යොමු කරලා තියෙන්නෙ කෑම බීම සහ යාන වාහනවලට.."

බන්දුල ගුණවර්ධන කියන්නෙ බොහොම කාර්යබහුල සරල චරිතයක්. රටම දන්න දේශපාලකයෙක් වෙන්න කලින් ඔහු රටේම සම්භාවනාවට ලක් වෙච්චි ගුරුවරයෙක්. ජීවිතය බරපතළ ලෙස ගෙන සමාජ තුළ සිය භූමිකාව කරන බොහෝ දෙනකු ඇතුළෙ ඉතාම සරල සුන්දර මිනිසෙක් ජීවත් වෙනවා. බන්දුල ගුණවර්ධන අැමැතිවරයා සම්බන්ධවත් එය එසේමයි. ඔහු දයාබර පියෙක්; ආදරණීය සැමියෙක්; ඉතාම සරල මනුෂ්‍යෙයක්. බාහිර ලෝකයට නොපෙනෙන ඒ චරිතය දකිමින් මිහිරිම අතීත ආවර්ජන මැද බන්දුල ගුණවර්ධනයන් මඟ යෙදුණු රසවත් පිළිසඳරක් මේ.

“මගෙ ගම හෝමගම. හැදුණේ වැඩුණේ ගැමියන් අතර. පොඩිම කාලෙ ගමේ පාසට ගියා. උසස්පෙළ සමත් වෙන්නෙ කොළඹ ලුම්බිණී මහා විද්‍යාලයෙන්. ඒ අවුරුද්දේ මගෙ පන්තියෙන් විද්‍යෝදය කළමනකාරණ පීඨයට තේරුණේ මම විතරයි. ඉස්කෝලේ යන කාලෙත් මම හරිම කැමැතියි උගන්වන්න. ෆ්‍රී පීරියඩ් එකක් ආවොත් විදුහල්පතිතුමාම කියනවා මට ගිහින් ළමයින්ට නොතේරෙන දේවල් කියලා දෙන්න කියලා.

ඒ පුරුද්ද නිසාමදෝ උසස්පෙළ ලියූ 1975 වසරේම ඔහු සාමාන්‍යපෙළ පන්තිවලට ඉගැන්වීම් ඇරැඹීය. ඒ අතර ඔහුගේ පන්තියෙම දෙවෙනි වර උසස් පෙළ ලියන අයටද ඉගැන්වීය. ඒ අතර පෞද්ගලික ආයතනවල වානිජ්‍ය විෂය ඉගැන්වීමට ද ඔහුට අවස්ථාව ලැබිණි. ඒ වෙනුවෙන් ඔහුට පැයකට ලැබුණු මුදල රුපියල් 2 කි. ඉගැන්වීමට තිබූ රුචිය නිසාම සරසවි වරම් ලැබුවද බන්දුල ගුණවර්ධනයන් වැඩිපුර සරසවියේ දක්නට නොලැබුණු චරිතයකි.

“ඇත්තටම මට වැඩිය සරසවියට යන්න ඉඩ ප්‍රස්ථා තිබුණෙ නෑ. කෙටි කාලෙකින්ම මම ගුරුවරයෙක් ලෙස ජනප්‍රිය වෙන්න ගත්තා. මේ නිසා මට සරසවියට යන්න තිබුණු කාලය අඩු වුණා. ඒ අතරේ පොත පත ලියන්නත් ගත්තා. සරසවිය ඇතුළේ ඉදිද්දීම පොත් 10ක් විතර ලියලා තිබුණා.

ඒ වකවානුවේ ඔහු ජනප්‍රිය ගුරුවරයෙක්...සරසවි සිසුවෙක්, ගත්කතුවරයෙක් වූ මේ තරුණයාට ගුරු හා ගෝල අපූරු ප්‍රේම කතා, යෞවනයේ ප්‍රේමනීය අරාධනා එහෙමත් ලැබෙන්න ඇති අප ඒ මතකය අවදි කරන විට බන්දුල ගුණවර්ධන මහත්තයා සිහින් සිනාවකින් මුව සරසා ගත්තා.

“මට තමරාව හම්බවෙන්නේ මම උසස්පෙළ සමත් වෙලා සරසවි යන්න අපේක්ෂාවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයට උගන්වන කාලෙදි. මම හෝමගම සීවලියෙ උගන්වද්දි ඇය එනවා දෙවෙනි වර විභාගයට පෙනී සිටීම සඳහා සූදානම් වෙන්න. ඇයත් මමත් එක ගමේ. හිතන පතන විදිහ, ජීවිත ධර්මතාව එකක් වග තේරුණා ඉතින් මම ඇයට ප්‍රේමාරධානවක් කළා.. ඇයත් අකමැති වුණේ නෑ. අපේ ප්‍රේම සම්බන්ධය අවුරුදු හතක් පුරා තිබුණා. ඊට පස්සේ අපි විවාහ වුණා. ඇයත් මා සමග සෙවණැලල්ක් වගේ හිටියා.

ඒ වන විට මහා පරිමාණිකව පන්ති අරඹා විශාල ශිෂ්‍ය පිරිසක් ඔහු වටා රොද බැදගෙන තිබිණි. බන්දුල ගුණවර්ධනයන්ගේ විවාහය සිදුවන කාලය වනවිට ද රටම ඔහු දැනගෙ සිටියෙ ජනප්‍රිය දේශකයෙක් හා චිත්‍රපට නිෂ්පාදකයෙක් ලෙසය. ඒ වන විටත් ඔහු ධර්මසිරි බණ්ඩාරනායක හා එක්ව සුද්දිලා ගෙ කතාව නිර්මාණය කර එහි නිෂ්පාදනය වෙනුවෙන් එම වසරේ සරසවි සම්මානය ද හිමි කරගත්තේය. ගුරුවරයෙක් සේම චිත්‍රපට නිෂ්පාදකයකු ලෙසද ඔහු කෙතරම් ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබුණේද කිවහොත් බන්දුලයන්ගේ විවාහ මංගලයේ ඡායාරූප පුවත්පත්වල පළව තිබුණේ ‘සුද්දිලාගේ කතාවේ නිෂ්පාදක ප්‍රවීණ දේශක බන්දුල ගුණවර්ධන අතිනත ගත්තා‘ ලෙසය..

බන්දුල ගුණවර්ධනයන් ගුරු භූමිකාවෙන් දේශපාලන භූමිකාවට පැමිණෙන්නෙ වර්ෂ 1989 දිය. ඔහු දේශපාලනයට පිවිසෙන්නෙ ගුරුවරයෙක්, ගත් කතුවරයෙක් සහ ‘සුද්දිලාගේ කතාව‘ ‘සිරි මැදුර‘ වැනි සම්මානිත චිත්‍රපට නිෂ්පාදනය කළ නිර්මාණකරුවකු ලෙසය.. ඒවන විටද ශිෂ්‍යයො පුදුම විදිහට තම ගුරුවරයාට ඇලුම් කළෝය. ගෞරව කළෝය. 1989 දි මුල්ම මැතිවරණයට ඉදිරිපත් වන විට පවා තම ගුරුවරයා වෙනුවෙන් මුලු මැතිවරණ ව්‍යාපාරයම ස්වේඡාවෙන්ම ශිෂ්‍යයන් විසින් සිදු කළේය. ඒ නිසාම දෝ බන්දුල ගුණවර්ධනයන් පාර්ලිමේන්තුවට තේරු පත් වූ පසුද ගුරු වෘත්තිය අත්හැරියෙ නැත. 2000 වසර තෙක් ඔහු ඉගැන්වීමේ කටයුතුවල නිරත විය ලක්ෂ සංඛ්‍යාත සිසු පිරිසක් බිහි කිරීමට සමත් විය..එයින් බොහොමයක් අද රටේ ඉහළම විද්වත්තුය... විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කැලණිය විශ්වවිද්‍යාලයෙ හිටපු උප කුලපති මහාචාර්ය සේමසිංහ, මහාචාර්ය සමන්ත හේරත්, මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, මහාචාර්ය සරත් විජේසූරිය, බන්දුල ගුණවර්ධනයන්ගේ එවැනි ගෝලබාල පිරිසකි. විවිධ ක්ෂේත්‍රවල තවත් එවැනිම නොදන්න පිරිස බොහෝ වෙති.. මගතොටදි ඔවුන් මුණගැහෙන විට තවමත් ඒ සියල්ලන්ටම තම ආදරණීය ගුරුවරයා කෙරෙහි ඇත්තේ විශාල ගෞරවයක් හා ආදරයකි.

නිවාඩු පාඩුව ඉන්න වෙලාවට ගතවෙන්නෙ කොහොම ද, ඔබේ විනෝදාංශ වුණේ මොනවා දැයි විමසුවෙමු...

“තරුණ කාලෙත් විනෝදෙට කළෙත් උගන්වන එක. ඉස්කොල කාලෙදි හවසට ලුම්බිණි රඟහලට ගිහින් නාට්‍ය බැලුවා. පැට්‍රික් අයියා සහ බාලසූරිය කියලා දෙන්නෙක් එතන හිටියා. නාට්‍ය ශාලාව පිරුණාම නාට්‍ය බලන්න අපිව දැම්මා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සයිමන් නවගත්තේගම, සුගතපාල ද සිල්වා, දායනන්ද ගුණවර්ධන, සිරිල් වික්‍රමගෙ අය ඇසුරු කරන්න කතා බහ කරන්න එහිදි අවස්ථාව ලැබුණා.“

පොත පත කියවීම ද ඔහුට රුචි විය. සමහරු චිත්‍රපටවලට ගැළපෙනවදැයි බලන්න පොත් ගෙනත් දුන් පොත්, ශාස්ත්‍රීය පර්යේෂණවලට අදාළ පොත් පත් කියවිම ඔහුට පුරුද්දක් විය. ඒ හැරුණු විට චිත්‍රපට බැලීම, සංගීතයට ඇහුම්කන් දීම මෙන්ම විවේකයක් ලැබුණු විටදී තව තවත් වැඩ කිරීමද ඔහුට විනෝදයක් ගෙන දුන්නේය.

අන්තිමට කියවපු හිතට දැනුණ පොත මොකක් ද කියල අහන්න හිතුණේ මේ අතරෙදීය..

“පරණ පොතක් ආයෙ කියෙව්වා. ‘“සැමදා සමරමු සුදු“. තොම්සන් ඒ වැන්දබෝනා ලියපු පොතක්. පුංචි දුවක් රොහල්ගත කරලා කතා කරමින් සිටියදී මරණයට පත් වෙලා අවසන් කටයුතු කරන ආකාරය ගැන ලියැවුණු සංවේදී කතාවක්.“

ඇමතිතුමා කැමති විශේෂ කෑමක් එහෙම තියෙනව ද ? එසේ විමසුවේ කතාව වෙනත් මානයකට ගලාගෙන යන්න අවශ්‍ය ඉඩ හසර සපයන්නය..

“ඇත්තටම එහෙම දෙයක් නෑ. මගෙ ජීවිතේ අඩුම අවධානය යොමු කරලා තියෙන්නෙ කෑම බීම සහ යාන වාහනවලට. තියෙන දෙයක් කනවා. තියෙන වාහනයක එනවා....

ඔහු භාරධූර වගකීම් රැසක් දරන අමාත්‍යවරයෙකි...අවිවේකී වූ ඒ වගකීම් සහිත ඔහුගේ දිවි පෙවතට තම පවුල ආදරණීය දරුවන් සමඟ ගත කරන්නට විවේකයක් නිදහසක් ලැබෙනවා ඇත්තේ ඉතාමත් කලාතුරකින් විය හැකිය...

“නෑ.. මම බොහෝ විට වෙලාව හදාගන්නවා. විදේශ සංචාරයක්, රටේ වටේ සංචාරයක් යනකොට දරුවොත් එක්ක තමයි යන්නේ. ඔවුන් නිතරම නිවෙසට එනවා. මාසෙකට සැරයක් පවුලෙ කට්ටිය එක්ක කෑමකට යනවා. ඔවුන් නිවෙස්වල නැතත් සෑම කෙනාටම ඇවිත් ඉන්න මහගෙදර කාමරයක් තියෙනවා. මම මුලින්ම කීවා වගේ විවේකයක් නැතිව වැඩ කිරීම තෘප්තියක්. ඒත් මම පැය 5ක නිදා ගන්නවා. චිත්‍රපටි බලනවා, සංගීතය අහනවා. කරදරයක් නැතිව බයක් සැකක් නැතිව හොඳට නිදාගන්න පුළුවන් මනෝභාවයක් මට තියනවා. අපි මේ ජීවිතේ ඇත්ත තේරුම් ගන්න ඕන. මොන තරම් රටා දැම්මත් මම තව පන්සල් යන්නෙ උපරිම වුණොත් වෙසක් පෝය විසි පහයි නේ. වැදගත් වෙන්නෙ නින්දට යනකොට මම මේ රටට උපන් නූපන් අයට මොනව හරි කරලා තියනවා කියන සතුටනේ. අපි එන්නේ හිස් අතින් වගේම යන්නෙත් හිස් අතින්. ඒ ගැන අවබෝධය මට තියෙනවා.

දරුවො දැන් ඉන්න තැන් ගැන ඔබට සතුටුයි ද? අප එසේ අසන්න පොලඹවන්නේ මේ දරුවන් අනික් දේශපාලකයන් බොහෝ දෙනෙකුගේ දරුවන්ට වඩා වෙනස් නිසා ඔවුන් තාත්තගෙ දේශාපන හයිය ඇඟට ගත්තු අය නොවේ යැයි හුඟුණු නිසාය...

“ලොකු පුතා සහන්. ඉන් පස්සෙ නෙරංජා, රන්දුලා, කුමුදුමලී, හසංජලී අපේ පවුලට එකතු වුණා. පුතාලා දෙන්නයි. දුවලා තුන් දෙනයි. ඔවුන් යහපත් දරුවෝ. දැන් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් උපාධිධාරීන්. සමහරු පශ්චාත් උපාධිධාරීන්. ඔවුන් පස්දෙනාම මව්පියන්ට හරිම ළැදියි. ඔවුන් කිසිදු දේශපාලනය නොකරන අය. මේ තියෙන්නෙ ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමයක්. ඔවුන් ඊට එකතු වෙන එකක් නෑ. මමත් දේශපාලනය නොකර මුදල් ඉපයීම කළානම් පෞද්ගලික විශ්වවිද්‍යාල, පෞද්ගලික ජත්‍යන්තර විද්‍යාල පටන් අරඹා කරදරයක් නැතිව වැඳුම් පිදුම් බලමින් කෝටි ප්‍රකෝටි ගණන් ධනස්කන්ධයක් උපයමින් ඉන්න තිබුණා. එහෙත් සමහර දේවල් ලබා ගන්න සමරහ දේවල් ජීවිතයේ කැප කරන්න වෙනවා.

උපනූපන් පරපුරකට රට වෙනුවෙන් වෙනසක් කරන්න මට ලැබුණේ දේශපාලනයට ආ නිසා. දේශපාලනික වශයෙන් මම අධ්‍යාපන ඇමැති නොවුණා නම් තාක්ෂණික විෂය ධාරාව ඇතිවන්නෙ නෑ. දේශපාලනයේ තියන දේ ඒකයි. වටිනාකම විශාල ලෙස සමාජයට එකතු කරන්න ලැබෙනවා. ඒත් දියුණු චින්තනයක් නැති සමාජයක වැඩ කරන්න ගියාම වැඩිපුර ලැබෙන්නෙ බැණුම්. ඒක තමයි අනගාරික ධර්මපාලතුමා කිව්වෙ සිංහලයන්ගෙන් වැඩියෙන් බැණුම් අහන්න ඕන නම් වැඩියෙන් වැඩ කරන්න කියලා. ගෝඨාභය මහත්තයගෙ කාලයේ හා ජාතික වශයෙන් වෙනස් කම් කරන්න ලැබෙනකම් දේශපාලනය කරලා මමත් විශ්‍රාම යන්න තමයි හිතාගෙන ඉන්නෙ.“

විශ්‍රාම යන්න හිතාගෙන දේශපාලනය කරන දේශපාලන නායකයො අප අතර ඇත්තෙම නැති තරම්. එසේ වෙද්දි බන්දුල ගුණවර්ධන ඇමති තුමා විශ්‍රාමයක් ගැන කතා කරන්නේ අපව මවිත කරමින්. ඇමතිතුමාගෙ විශ්‍රාම සැලසුම ගැනත් අහන්න හිතුණේ ඒ නිසාමයි..

ශාස්ත්‍රීය පර්යේෂණාත්මක පොත පත ලියන්න තමයි මගේ සැලසුම. මෙතෙක් කල් මම කරපූ චිත්‍රපට හා ළඟදීම තිරගත වෙන්න නියමිත මගේ අලුත්ම චිත්‍රපටය The Newspaperවැනි හොඳ කලාත්මක චිත්‍රපට එකක් දෙකක් වර්ෂයකට හදන්න, ගීත ලියන්න, බෞද්ධ දර්ශයනය හා ආර්ථික විද්‍යාව අතර තියෙන සම්බන්ධය ගැන පර්යේෂණාත්මක නිබන්ධනයක් කරන්න ලොකු අදහසක් තියනවා.. ඒ වගේම ජාතික අධ්‍යාපනයේ පියා ධර්මපාලතුමා බව ඔප්පු කිරීමට පර්යේෂණයක් කරන්නත් මගේ සැලසුම් කරලා තියනවා.. කවද හරි විශ්‍රාම ගිය කාලෙක ඒ වැඩ නිමා කරනවා.

ටානියා මෝසස්
සිළුමිණ - රසදුන





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top