වලංගු රියදුරු බලපත්‍රයක්ද නොමැතිව මහජනතාවට පීඩාකාරිවන අයුරින් අධික ශබ්දය නගමින් ගාල්ල බස් නැවතුම් පොළේ නළාව නාද කරමින් සිටි පුද්ගලික බස් රථ රියදුරෙක් සමඟ බස් රථය ගාල්ල බස් නැවතුම් පොළ පොලිස් මුරපොලේ ස්ථානාධිපතිවරයා විසින් අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිසියේ රථ වාහන අංශයට බාර දී තිබෙනවා.
මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල සිට කොළඹ බලා ධාවනය වන පුද්ගලික බස් රථයක් සහ එහි රියදුරු බවයි පොලීසිය පවසන්නේ.
බස් රථය බස් නැවතුම් පොළට ඇතුලුකර මහජනයාට පිඩාකාරි ලෙස අධික ශබ්ද නගා නොනවත්වාම නළාව නාද කරමින් සිටියදි බස් නැවම්පොළේ පොලිස් නිලධාරියා ගොස් ඔහුගෙන් රියදුරු බලපත්‍රය ඉල්ලුවිට ඔහු පවසා ඇතිතේ බස් රථය අයින්කර රියදුරු බලපත්‍රය ලබා දෙන බවය.
ඒ අනුව බස් රථය අයින්කරන තුරු බලා සිටියත් එය නොදි නොනවත්වාම නළාව නාද කරමින් සිටිම නිසා බස් රථය සහ රියදුරු අත් අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි අනාවරණයවි ඇත්තේ ඔහුට බස් ධාවනය කිරිමට වලංගු රියදුරු බලපත්‍රයක් ද නොමැති බවයි.
පොලිසිය වැඩිදුරටත් පැවසුවේ රියදුරුට ඇත්තේ සැහැල්ලු වාහන ධාවනය කිරිමේ බලපත්‍රයක් පමණක් බවත් එමනිසා ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරන බවයි.