Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
05
"දේවස්ථානයේ ප්‍රහාරයක් සිදුකරන්න ඕනි වුනේ, මං දෙව්ලොව යන්නයි අපේක්ෂා කළේ.." - පාස්කු ප්‍රහාරය අධ්‍යයනය කරමින්, ලන්ඩනයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සැළසුම් කළ, ලංකාවටත් ඇවිත් ගිය ISIS බෝම්බකාරියගේ සියලු කෙරුවාවන් හෙළි වෙයි - Video

- "දේවස්ථානයේ ප්‍රහාරයක් සිදුකරන්න ඕනි වුනේ, මං දෙව්ලොව යන්නයි අපේක්ෂා කළේ.." - පාස්කු ප්‍රහාරය අධ්‍යයනය කරමින්, ලන්ඩනයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සැළසුම් කළ, ලංකාවටත් ඇවිත් ගිය ISIS බෝම්බකාරියගේ සියලු කෙරුවාවන් හෙළි වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views
"ඇගේ අන්තවාදී සමාජ ගිණුම් ඔස්සේ බුද්ධි නිලධාරින් සොයා ගත් දේ.."
 
කාන්තාව බන්ධනාගාරය තුළ සිදු කළ පාපොච්චාරණය මෙන්න...
 
මෙරට පාස්කු ප්‍රහාරය සිදුකළ ආකාරයටම බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ කාන්තාවක් ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීමට ලන්ඩන් අධිකරණයක් නියෝග කර තිබෙනවා.
 
ඇය කළ පාපොච්චාරණයක දී හෙළිව ඇත්තේ අදාළ ප්‍රහාරය සැලසුම් කිරීම සඳහා ඇය මෙරටටද පැමිණ ඇති බවයි.

36 හැවිරිදි ෂෆියා ෂයික් නමැති මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව පසුගිය වසරේ පාස්කුවේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී තිබෙන්නේ පසුගිය වසරේ පාස්කු උත්සව සමයේදීයි.
 
ලන්ඩන් නුවරදී ප්‍රහාරයක් එල්ල කර පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් එකවර ඝාතනය කිරීමට ඇය අපේක්ෂා කර තිබුණේ, පුද්ගලයින් 256 දෙනෙකුට මරු කැඳවමින් පාස්කු ඉරුදින මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය අධ්‍යයනය කරමිනුයි.
 
දැඩි අන්තවාදී මත දරණ කාන්තාවක වූ ඇය අදාළ ප්‍රහාරය සඳහා තෝරාගෙන තිබුණේ ලන්ඩන් නුවර සුප්‍රඛට ශාන්ත පාවුළු දේවස්ථානය සහ තවත් ප්‍රසිද්ධ සංචාරක හෝටලයක්.
 
අදාළ පිපිරීම් දෙක සිදුකර උමං දුම්රිය ස්ථානයකදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත්කිරීම ඇගේ සැලසුම වී තිබෙනවා.
 
එහිදී බ්‍රිතාන්‍ය ජාතිකයින් මෙන්ම අමෙරිකානු සහ චීන ජාතිකයින් ඝාතනය කිරීම ඇගේ ඉලක්කය වී තිබෙනවා.
 
ස්වයං ඝාතනයට භාවිත කරන පුපුරණ ද්‍රව්‍ය සහිත කබායක් ඇඳ, පුපුරණ ද්‍රව්‍ය සහිත බෑගයක්ද රැගෙන ඇය අදාළ දේවස්ථානයේ සහ හෝටලයේ පෙරහුරු සංචාරයක ද නිරතවී ඇති බවටයි පසුව අනාවරණවී ඇත්තේ.
 
ඇය මේ සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙකුගේ සහය පතා ඇත්තේ බෝම්බ පුපුරුවාහැරීම පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම හේතුවෙන්.
 
මේ පිළිබඳ බුද්ධි තොරතුරු මගින් දැනගත් වහාම බ්‍රිතාන්‍ය බුද්ධි අංශ සහ රහස් පොලිස් නිලධාරීන් දැඩි අන්තවාදී මත දරන්නන් ලෙස පෙනී සිටිමින් ඇයව අත්අඩංගුවට ගෙන තිබුණා.
 
සිදුවීමට ගිය මහත් ව්‍යයසනයක් වළක්වාගැනීමට බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශවලට හැකිවුණේ තමන්ට ලද බුද්ධි තොරතුරු මත කඩිනමින් ක්‍රියාත්මක වීම හේතුවෙන්.
 
ෂෆියා ෂයික් ඉස්ලාම් ධර්මය වැළඳගෙන තිබෙන්නේ 2007 වසරේදී.
 
ඒවන විට ඇයට වයස අවුරුදු 24 ක්.
 
අන්තර්ජාල දේශන ඔස්සේ ඇය ඉස්ලාම් අන්තවාදයට නැඹුරුවී ඇති බව බ්‍රිතාන්‍ය වාර්තා පවසනවා.
 
අදාළ කාන්තාව අයි.එස්. ත්‍රස්තයින්ගේ බ්‍රිතාන්‍ය නියෝජිතයෙකු ලෙසද කටයුතු කර ඇති අතර, අවස්ථා ගණනාවකදී අන්තවාදී මත සහිත පාඨ සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමට ද කටයුතු කර තිබුණා.
 
ඇයගේ එම සමාජ මාධ්‍ය පළ කිරීම් ඔස්සේ බුද්ධි නිලධාරීන් විශ්වාස කරන්නේ ඇය බිග්බෙන් ඔරලෝසු කණුව නෙදර්ලන්තයේ දේවස්ථානයක් හා සුප්‍රකට ලන්ඩන් පාලමද ඉලක්ක කරගෙන සිටි බවයි.
 
බ්‍රිතාන්‍ය බුද්ධි අංශ අධිකරණයට කරුණු දක්වමින් කියා ඇත්තේ අදාළ කාන්තාව අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාවේ සහ පාකිස්ථානයේ සංචාරය කර ඇති බවයි.
 
ඇය සමඟ 15දෙනෙකුගෙන් සමන්විත අන්තවාදී කණ්ඩායමක් කටයුතු කර ඇති බවටද ඔවුන් අධිකරණයට කරුණු වාර්තා කළා.
 
ඇය තමාගේ මරණයෙන් පසු අන්තවාදී කටයුතු දිගටම කරගෙන යාම සඳහා අනුගාමිකයන් පිරිසක් පුහුණුකරගෙන තිබූ බවද හෙළිකරගෙන තිබෙනවා.
 
ලන්ඩන් නුවර අධිකරණයකට ඉදිරිපත් කෙරුණු ෂෆියා ෂයික්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කෙරුණේ, ස්වයං ඝාතනයක් සැලසුම් කිරීම සහ ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනා යටතේයි.
 
සිර දඬුවම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඇය අයි.එස්. සංවිධානයේ සාම්ප්‍රදායික ආචාරයක් සිදුකර සිනාමුසු මුහුණින් බන්ධනාගාරය වෙත නික්ම ගිය බවයි බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත වාර්තාකර තිබුණේ.
 
එමෙන්ම බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රිතාන්‍ය තුළදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැළසුම් කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි.
 
මේ අදාළ කාන්තාව බන්ධනාගාරය තුළදී සිදුකළ පාපොච්චාරණයක්.
 
බන්ධනාගාර නිලධාරියා - ඔබ කුමක්ද සැලසුම්කර තිබුණේ?
බෝම්බකාරිය - මම ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබුණා
දේවස්ථානයේ ප්‍රහාරයක් සිදුකර ගැනීමට සැලසුම් කළා
පොලිස් නිලධාරියා - ඔබත් මරාගෙන මැරෙන්නද සැලසුම් කළේ?
බෝම්බකාරිය - ඔව්..
පොලිස් නිලධාරියා - දේවස්ථානයේ රැඳී සිටින සෙසු පුද්ගලයින්ට කුමක්ද සිදුවන්නේ?
බෝම්බකාරිය - මම දෙව්ලොව යාමටයි අපේක්ෂා කළේ


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top