Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jul
05
"ඔයාට ඕනෑ වෙලාවක එන්න පුළුවන්. ඒත් ඒ යක්ෂණිය, මේගන්ට එන්න බැහැ, එයාව දික්කසාද කරන්න.." - සුරූපී මේගන් නිසා, රජ පවුලෙන් නික්ම ගිය හැරී කුමරුට, මහරැජින දිගින් දිගටම කරන ආයාචනය - රජ පවුල ලෝකෙටම හංඟපු රහස් ගොඩක් හදිසියේම එළියට එයි - Photos

- "ඔයාට ඕනෑ වෙලාවක එන්න පුළුවන්. ඒත් ඒ යක්ෂණිය, මේගන්ට එන්න බැහැ, එයාව දික්කසාද කරන්න.." - සුරූපී මේගන් නිසා, රජ පවුලෙන් නික්ම ගිය හැරී කුමරුට, මහරැජින දිගින් දිගටම කරන ආයාචනය - රජ පවුල ලෝකෙටම හංඟපු රහස් ගොඩක් හදිසියේම එළියට එයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

82 Views
"ඇය හැරී කුමරු රවටා ගත්තා.. ඇය පුංචි ආර්චි ප්‍රාණ ඇපයට තබා ගත්තා වගෙයි..."
 
"රැජින සහ හැරී කුමරුන් අතර රහස් හමුවේ කතා වුනු දේවල් රාජකීය සේවකයකු හෙළි කරලා.."
 
"හැරිට වුනු දේ ගැන මහ රැජින පමණක් නොව සැමියා පිලිප් කුමරු දැඩි ලෙස දුක්වුණා.."
 
රාජකීයත්වය අත් හැරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ මුනුපුරු ඔටුන්න හිමි හැරී කුමරු (35) සහ ඔහුගේ බිරිඳ මෙගාන් මාර්කල් (38) මේ වනවිට කැනඩාවේත්, ඇමෙරිකාවේත් ජීවත් වෙති.
 
දෙදෙනා ලහිලහියේ ‘කොවිඩ්- 19’ වයිරසයෙන් ආපදාවට ලක්වූවන්ට සහන ලබා දෙන අයුරු විටින් විට අසන්න ලැබේ.

රාජකීයත්වය අත් හැර, හැරී සහ මෙගාන් ඇමෙරිකාවේ පදිංචියට යෑමට තීරණය කළේ පසුගිය ජනවාරියේය. මෙගාන් ඇමෙරිකන් තරුණියකි. ඇමෙරිකන් ටෙලි නිළියකි. අසාර්ථක විවාහයකින් පසු, මෙගාන්ට හැරී හමුවූයේ 2016 වසරේදී ය.
 
දෙදෙනා විවාහ වූයේ 2018 දීය. හැරී සහ මෙගාන් යුවලට ආර්චි හැරිසන් මවුන්ට්බැටන් වින්ඩ්සෝර් නමින් පුංචි පුතෙක් ද සිටී. ආර්චිගේ පළමු උපන් දිනය පසුගිය මැයි 6 වැනිදාට යෙදී තිබුණි.
 
හැරී කුමරු රාජකීයත්වය අත් හැරියේ මෙගාන් නිසා බව පැහැදිලිය. හැරී කුමරු බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත් වූයේ ද මෙගාන් නිසාය.
 
මෙම ‘ඉවත්වීම’ එලිසබත් මහ රැජිනට මහත් සිත් වේදනාවක් විය. ඇය අවසන් මොහොතේ පවා හැරී කුමරුන්ගෙන් ඉල්ලා ඇත්තේ එක දෙයයි. ඒ, මෙගාන්ගෙන් දික්කසාද වන ලෙසය.

‘ඇය ඔයාට ගැළපෙන්නේ නැහැ. රජ පවුලේ යහපත ගැන හිතන්න එපා. ඔයා ඔයා ගැන හිතන්න. මෙගාන් දික්කසාද කරන්න.’ අවසන් මොහොතේ පවා එලිසබත් මහ රැජින හැරී කුමරුන්ගෙන් බැගෑපත් වී ඇත. මහ රැජිනගේ මෙම ‘බැගෑපත්වීම’ සම්බන්ධයෙන් තතු අනාවරණය ඇත්තේ, බ්‍රිතාන්‍යයේ ‘නැෂනල් එන්ක්වයරර්’ සඟරාවය.
 
හැරී මෙගාන් යුවල රාජකීය කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමිණි. බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස රාජකාරි කළ තමන්, එම රාජකීය කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවත්, ඉදිරියේදී තමන් ආර්ථිකමය වශයෙන් ස්වාධීන වීමට තීරණය කළ බවත් රාජකීය රාජකාරීවලින් ඉවත් වුවත්, ආර්ථිකමය වශයෙන් ස්වාධීන වුවත්, මවු රැජිනට (දෙවැනි එලිසබත් මහ රැජින) දිගටම සහාය ලබා දෙන බවත් හැරී මෙගාන් එක් වී නිකුත් කළ ඉන්ස්ටග්‍රෑම් වීඩියෝ පණිවුඩයේ සඳහන් විය.

ඉදිරියේ දී තමන්ට එක්සත් රාජධානියේ (මහා බ්‍රිතාන්‍යය) පමණක් නොව උතුරු ඇමෙරිකාවේ (විශේෂයෙන් කැනඩාව.) කාලය ගත කිරීමට සිදුවන බැවින් මෙම තීරණය ගත් බවත්, තමන් සෑම තීරණයක් ම ගන්නේ මහ රැජිනගේත්, වේල්ස් කුමාරයාගේත් (වේල්ස් කුමාරයා යනු හැරී සහ විලියම්ගේ පියා චාල්ස් කුමරුය.) කේම්බ්‍රිජ් ආදිපාදවරයාගේත් (කේම්බ්‍රිජ් ආදිපාදවරයා යනු හැරී කුමරුන්ගේ වැඩිමල් සොයුරු විලියම් කුමරුය.) ‘ආශිර්වාදය’ ඇතිව බවත් හැරී මෙගාන් නිකුත් කළ වීඩියෝ පණිවුඩයේ සඳහන් විය.
 
සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් හැඳින්වෙන හැරී සහ මෙගාන් ගත් මෙම ‘හදිසි තීරණය’ බ්‍රිතාන්‍ය වැසියන් පමණක් නොව, බ්‍රිතාන්‍ය රජ පවුල ද මවිතයට පත් කිරීමට හේතුවක් යැයි පැවැසිණි. හැරී මේගන් ගත් තීරණය ගැන තමන් කිසිවක් දැන නොසිටි බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය. ඒත් ඒ සියල්ල ඇත්ත නොවිණි.
 
හැරීට මෙගාන් නොගැළපෙන බව, පළමුවෙන්ම තීරණය කර ඇත්තේ එලිසබත් මවු රැජිනය. මෙගාන් ලොව පුරා ජනප්‍රිය වූයේ ඇමෙරිකන් ටෙලි නිළියක ලෙසය. ඒ, ‘සූට්ස්’ රූපවාහිනී කතා මාලාව හරහා ය. හැරී මෙගාන්ගේ විවාහයෙන් පසු, ‘සූට්ස්’ කතාමාලාව ද අවසන් විය. හැරී සමඟ විවාහ වීමෙන් පසු, ඇතිවුණු ‘රාජකීය සබඳතා’ යොදා ගනිමින්, හැරීට ද හොරා,මේගන් හොලිවුඩයේ නිළි ‘රැජිනක’ වීමට උත්සාහ ගත්තේ යැයි එලිසබත් මහ රැජිනගේ අප්‍රසාදයට හේතුවක් වී තිබේ.
 
රජ පවුලේ සාමාජිකයන් සහ මෙගාන් අතර ‘අර්බුදයක්’ නිර්මාණය වූයේ ඒ අනුවය. හැරී මෙගාන් යුවල රජ පවුලෙන් ඉවත් වූයේ එලිසබත් රැජිනගේ හෝ රජ පවුලේ වෙන කිසිවකුගේ හෝ ‘ආශිර්වාදය ඇතිව’ නොවන බව පැහැදිලිය. හැරී මෙගාන් යුවල අයත්ව සිටියේ, බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතරටය.
 
රජ පවුලේ ජ්‍යෙෂ්ඨයන් වන්නේ රජ කිරුළේ උරුමක්කාරයන්ය. 93 හැවිරිදි එලිසබත් මහ රැජිනගෙන් පසු රජ කිරුළ හිමිවන්නේ, ඇගේ පුතු චාල්ස් කුමරුන්ටය. චාල්ස් කුමරුන්ගෙන් පසු කිරුළ හිමිවන්නේ විලියම් කුමරුන් සහ ඔහුගේ පුතුන් දෙදෙනා සහ දියණියටය. හැරී කුමරු සිටින්නේ කිරුළ හිමිවීමේ ලැයිස්තුවේ 6 වැනි ස්ථානයේ ය.
 
රාජකීයත්වය අත්හරිනවා යැයි නිවේදනය කළ අවස්ථාවේදී හැරී සහ මෙගාන් කළ එම එලිසබත් මහ රැජිනගෙන් හැරී කුමරුන්ට දිවා ආහාරය සඳහා ඇරැයුමක් ලැබුණි. වින්සෝර් මාලිගයේ දිවා ආහාරය පැවැත්වූයේ පසුගිය මාර්තු 1 වැනිදා ය. ඒ, ‘තියෙන ප්‍රශ්න කතාබහ කරලා විසඳා ගනිමු’ යනුවෙනි. එම අවස්ථාවට මෙගාන් සම්බන්ධ නොවිණි. ඇය දුරකතනයෙන් සම්බන්ධ වුණැයි පසුව පැවැසිණි.
 
වින්ඩ්සෝර් මාලිගයට පැමිණි අවස්ථාවේදී මහ රැජින, තම මුනුපුරු හැරී කුමරුන්ට කෙළින්ම පවසා ඇත්තේ, මෙගාන්ගෙන් දිස්කසාද වන ලෙස ය. එය මහ රැජින කළ ඉල්ලීමක් බැගෑපත්වීමකි. ‘නැෂනල් එන්ක්වයරර්’ සඟරාව මේ බව අනාවරණය කර කළේ රැජින සහ හැරී කුමරුන් අතර හමුව සිදුවෙද්දී එහි සිටි රාජකීය සේවකයකු මාර්ගයෙනි. එම සේවකයාගේ අනන්‍යතාව අනාවරණය කර නැත.
 
‘එලිසබත් මහ රැජින කිසි කෙනෙකු හුරතල් කරන්නේ නැහැ. කියන්න තියෙන දේ කෙළින්ම මුහුණටම කියනවා. ඇය එදා කෙළින්ම හැරී කුමරුන්ට කීවා. මේගන් දික්කසාද කරන්න.’ යැයි නම සඳහන් නොකරන එම සේවකයා පැහැදිලි කරයි. ‘මෙගන්ගේ පදේට නටන්න එපා. එයා ඔයාව රවට්ටාගෙන. රජ පවුලේ අප එකමුතුව එකට ඉන්න ඕනෑ. මෙගාන් ඒකට බාධාවක්. ඔයා ඔයා ගැන හිතන්න. ඔයාගේ යහපත ගැන බලන්න. ඇයගෙන් දිස්කසාද වෙන්න. ඇය ඔයාට ගැළපෙන්නේ නැහැ’ යැයි මහ රැජින හැරී කුමරුන්ට පවසා තිබේ. ‘ඔයාට ආපසු රජ පවුලට එන්න පුළුවන්. ඕනෑ වෙලාවක එන්න පුළුවන්. ඒත් ඒ යක්ෂණිය ට එන්න බැහැ’ යැයි මහ රැජින වැඩිදුරටත් හැරී කුමරුන්ට පවසා ඇත.
 
එලිසබත් රැජිනට අනුව, මෙගාන් මාකෙල් කර ඇත්තේ තම මුනුපුරු හැරී, තමාගෙන් සහ රජ පවුලෙන් ඈත් කිරීමය. හැරී මෙගාන් යුවල අධික මිලක් ගෙවා කැනඩාවෙන් සුඛෝපබෝගී මන්දිරයක් මිලදී ගත්හ. ඒ සඳහා කැනඩාවේත් ඇමෙරිකාවේත් මෙගාන්ගේ මිතුරු මිතුරියෝ ඇගේ සහායට පැමිණියහ. කැනඩාවේ මිලියන 14 ක් වටිනා ආදර කැඳැල්ලට යෑමට පෙර අවසන් සති කීපයේ ලන්ඩනයේ ගත කළේ හැරී සහ මෙගාන් පමණි. පුතු ආර්චි සිටියේ කැනඩාවේ නිවසේ මේගන්ගේ විශ්වාසනීය මිතුරියන්ගේ රැකවරණය යටතේය.
 
අවසන් දින කීපයේ පවා මෙගාන්, පුතු ආර්චි, එලිසබත් මහ රැජිනට මුණ ගැස්සීමක් කළේ නැත. මෙය මහ රැජිනට ලොකු දුකක් විය.

‘රජ පවුලෙන් හැරී කුමරුන් ඉවත් කර ගත්තේ මෙගාන්. ඇය පුංචි ආර්චි ප්‍රාණ ඇපයට තබා ගත්තා වගෙයි. පළමුව ඇය කැනඩාවට ගියා. ඉන්පසු ඇය හැරී කුමරු කැනඩාවට ගෙන්වා ගත්තේ එහෙමයි. ඒ වනවිට මාස 10 ක් වයසැති ආර්චි පුතුට අත්වුණු ඉරණම ගැන මහ රැජින පමණක් නොව මහ රැජිනගේ සැමියා පිලිප් කුමරු දැඩි ලෙස දුක්වුණා. මහ රැජින සිටියේ ලොකු කනගාටුවකින්’
යැයි ‘නැෂනල් එන්ක්වයරර්’ සඳහන් කර තිබේ.
 
ලුසිත ජයමාන්න
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "ඉරිදා ලංකාදීප" පුවත්පතෙන්...

How Queen Elizabeth II Feels About Harry and Meghan Skipping Her ...Meghan Markle, Prince Harry reportedly dropped Queen's lawyers ...Queen Elizabeth speaks out on Harry and Meghan after emergency meetingQueen, other senior royals want 'workable solution' for future of ...Meghan Markle and Prince Harry Attend Church Service With Queen ...President Trump Backs Queen Elizabeth II Amid Drama Involving ...


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top